(ජයමාල් චන්ද්‍රසිරි)
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන ‘සැමට සෙවණ‘ නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිවූ නාත්තණ්ඩිය අශෝකපුර ආදර්ශ ගම්මානය විවෘත කිරීම අද(18) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
එම ව්‍යාපෘතිය යටතේ අශෝකපුර ඉදිකළ නිවාස 98ක් අද විවෘත කිරීම සිදුවිය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂයේ නායකත්වය ගන්න හොරගල් අහුලන සජිත් මහතා කපන්න බැරි අත සිඹින්න හදනවා.
මේවා තම තමන්ගේ පුද්ගලික මුදල් වලින් සාදා මහජනතාව වෙත බෙදා දෙන්නේ නම් අප මෙම මහජන සේවකයන්ට අපගේ හිස නමා ආචාර කල යුතුය. තවද මෙම නාමපුරු එකක් නොව, සියයක් තැබුවත් අපට නම් කිසිදු ගැටළුවක් නොමැත. නමුත් මේ සියළුම මුදල් ඔබගේත් අපගේත් මුදල් වන අතර මෙවැනි උත්සව වලට මොනතරම් මුදල් නාස්තිවන්නේද යන්න අප රටේ තිබෙන්නා වූ අනේකවිද " කාලකණ්ණි, තුප්පහි, හිඟන " පක්ෂවලට කිසිම හැගීමක් නොමැත. එබැවින් රතු, කොළ, නිල් පක්ෂ තුන්කට්ටුවම කිසිදු හිරිකිතයකින් තොරව යහමින් මහජන මුදල් නාස්ති කිරිම පිළිබඳව මෙයද ඉතා හොඳ උදාහරණයකි.
තවම සමහර ගෙවල් වල වැඩ සම්පුර්ණයෙන්ම ඉවර වෙලා නැති හැඩක් තමා පෙන්නේ. නමුත් සිහිවටන ඵලක දෙකේ නම් වැඩ ඉවර කරලා තියෙනවා නියමෙට. කීයක් විතර ගියාද ඕකට? මගේ අම්මේ මේකෙ ලොකු.
අර දින 100 හැදුව නිවාසවල දැන් මිනිස්සු පදිංචි වෙලාද?
මේ වගේ දේවල් බලාගෙන ඉන්න බැරි මිනිස්සු අද ඉන්නේ,
හැමදාම ගෙවල් බෙදාදෙනවා අපි රුපවහිනිවල දකිනවා. නමුත් ලොරිවල දිවිගෙවන අරාජික පැල්පත්වල ජනතාව තවමත් ලංකාවේ තැනින් තැන ජීවත් වෙනවා. හැමදෙයක්ම හම්බන්තොටට කරන්නේ නැතුව නිවෙස් අත්‍යවශ්‍ය ජනතාව හොයල බලලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට දැන් කාලයයි. මේ කරන්නේ තමන්ගේ චන්ද ගොඩ වැඩිකර ගැනීමට පාක්ෂිකයන්ට අල්ලස් දීමයි.
රවින්ද්‍ර සහ සමන් ගේ අදහස් පිළිකුල් සහිතව හෙලා දකින අතර මෙවැනි කුහක අදහස් දැමීමෙන් වලකින මෙන් ඉල්ලාසිටිමි.
පොල් වත්තක් නේද කපලා ගෙවල් හදලා තියෙන්නේ. පොල් ගෙඩිය රුපියල් 120 ට යන එක අහන්ඩ දෙයක් නැහැ නේ ? ග්‍රාමීය පරිසරයක වුනාට කමක් නැහැ. කරුණාකරලා තට්ටු නිවාස ක්‍රමයක් ගැන බලන්න.නාගරික ප්‍රදේශවලට විතරක් තට්ටු නිවාස ක්‍රම සීමා කරන්න එපා. ඉඩම් කොහෙත් වටිනවා.
මේ නිවස හදන එක හොදයි මේ වෙනකොට ප්‍රේමදාස මහත්තය මහින්ද මහත්තය සජිත් මහත්තය ගෙවල් හදල දීල තියෙනවා.... අපේ බදු මුදලින් ගෙවල් හදල දෙනවට වඩා මේ මිනිසුන්ට අදායම් මාර්ගයක් හදල දීල දීර්ඝ කාලීන පොලී රහිත ණය මුදල් ලබා දීල ඔවුන්ටම ගෙවල් හදාගන්න කිවුවනම් හොදයි නේද බදු මුදලත් ඉතිරි වෙනවා දේශපාලකයන්ගේ කාලයත් ඉතිරි වෙනවා
මොනවා කලත් එකේ වැරදි පැත්ත දකින්නේ නැතුව යහපත් පැත්ත දකින්න පුරුදු වෙන්න.
අනේ ලජ්ජා නැතුව මේ අගමැති යනවනේ සජිත්ගේ උත්සවයට. සජිත්ව ඉදිරියට එන්න බැරි තරමට කල හැකි සේරම මේ අගමැති කළා. කාලයක් නියෝජ්‍ය නායකත්ව දුරයත් පක්ෂ ව්‍යවස්ථාවෙන් අයින් කළා. මදිකමට කරු ජයසූරිය මහතාව නියෝජ්‍ය නායකත්වයට ගෙනාවා. රවිටත්, ෆොන්සේකාටත් ඒ තනතුර දෙන්න හැදුව. දැන් වෙලා තියන්නේ සජිත්ගේ වැඩ පමණයි එක්සත් ජාතික පක්ෂයට ඉතුරුවෙලා තියන්නේ ජනතාවට පෙන්නන්න.