ඉරාන - ඊශ්‍රායලය ගැටුම් උග්‍ර වෙයි
ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ඊශ්‍රායලය තම දිගුකාලීන සතුරාට එරෙහිව මෙතෙක් සිදු කළ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව ඊයේ(13) දියත් කිරීමෙන් පසුව අද(14) අලුයම සහ ඊයේ(13) රාත්‍රියේ ඊශ්‍රායලය ඉරානයටත්, ඉරානය ඊශ්‍රායලයටත් මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කර ගත්තේය.