ලංකා වෙළඳ ප්‍රතිපත්තිය ගැන කියන්න වසන්ත ස්විට්සර්ලන්තයට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) සහ එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ 16 වන සැසි වාරය (UNCTAD XVI) සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වෙති. 13 October 2025
වන්නිනායකට එරෙහිව පොලිසිය කරුණු දක්වයි ගල්කිස්ස උසාවියේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ රාජකාරියට බාධා කරමින් සාපරාදී බලහත්කාරකම් කර ,කුනුහරපයෙන් බැණ වැදි අසෝභන ලෙස හැසුරුණේ යැයි කියන කොළඹ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා නිවසේ නොසිට ප්‍රදේශයද අතහැර පලා ගොස් විමර්ශන වලට සහාය නොදක්වන බව ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දැක්වූ ගල්කිස්ස පොලිසිය අද (13) පැවසීය. 13 October 2025
යතුරු පැදි ජාවාරමක් එළියට එකම ලියාපදිංචි සහතිකයෙන් යතුරුපැදි දෙකක් විකුණූ පුද්ගලයන් දෙදෙනකු සහ හොර එන්ජින් නම්බර් කොටන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව වාරියපොල පොලිසියේ අපරාධ අංශය කියයි. 13 October 2025
ලූනු මිලට හඬන ගොවීහු බී ලුණු අස් වැන්නට සාධාරණ මිලක් ඉල්ලා ඇලහැර, බකමූණ ලොකු ලුනු ගොවීහු පිරිසක් බකමූණ නගරයේදී අද විරෝධතාවයක නිරත වූහ. 13 October 2025
විදුලි බිල වැඩි වෙනවාද - නැද්ද තීරණය හෙට විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය සැප්තැමබර් මස කළ යෝජනාව පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසන් තීරණය හෙට (14) පෙරවරුවේ ගන්නා බවත් එම තීරණය හෙට පස්වරුවේ ජනතාවට නිවේදනය කරන බවත් එම කොමිෂමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (13) පැවසීය. 13 October 2025
නිවාස, ඉදිකිරීම් ජල සම්පාදන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඉංජිනේරු එල්.කුමුදු ලාල් බෝගහවත්ත මහතා පත් කර ඇත. 13 October 2025
සෑම අතකින්ම රට ව්‍යාකූල වෙලා මාලිමා පාලනය යටතේ සෑම අතකින්ම රට ව්‍යාකූල වී ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් ඇත්තේ පීඩාකාරී රාජ්‍ය පාලනය පමණක් යැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 13 October 2025
ප්‍රංශ තානාපති - ටිල්වින් හමුවෙයි ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් (Rémi Lambert) සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්වරුන් අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී අද(13) පැවැත්විණි. 13 October 2025
මෛත්‍රීගෙන් පැය 5ක ප්‍රකාශයක් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (13) පෙනී සිටියේය. 13 October 2025
පන්නිලගේ රුමේනියා මිතුරු සංගම් සභාපති ධුරයට ග්‍රාමීය සංවර්ධනය, සමාජ ආරක්ෂණය සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය. 13 October 2025
අලුත් තරුණ නි,ඇමති වැඩ අරඹයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස පත්වූ දිනිඳු සමන් හෙන්නායක මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද(13) ධුරයේ රාජකාරී ආරම්භ කළේය. 13 October 2025
කථානායක පාර්ලිමේන්තුව නොමඟ යැව්වා රටේ තුන්වැනි පුරවැසියා වගේම පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කතානායකතුමා පාර්ලිමේන්තුවට බොරු කියා නොමග යවලා ඇති බවත් පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න ඉන්න පුද්ගලයාම පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළසීම බරපතල සිදුවීමක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍යවරයෙක් වන නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (13) පැවසීය. 13 October 2025
මහනුවර පැත්තකට හෙට වතුර කපයි විසල් මහනුවර ජල පිරිපහදු මධ්‍යස්ථානයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (14) පෙරවරු 10.00 සිට අනිද්දා (15) පෙරවරු 6.00 දක්වා මහනුවර මහ නගර සභා සීමාවේ ස්ථාන රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව මහනුවර නාගරික කොමසාරිස්වරිය දැනුම්දෙයි. 13 October 2025
සතොස මුල් පුටු අටේම කොන්ත්‍රාත්කාරයෝ ලංකාව සතොස ආයතනයේ මුල් පුටු අටේම අාරම්භයේ සිටම කටයුතු කර ඇත්තේ කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් පිරිසක් හෙයින් හාල් වංචාව සීනි බදු වංචාව වැනි වංචාවලට කිසිවකු වග නොකියන තත්වයක් පවතින බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය 13 October 2025
අලුත් මුදල්- ආර්ථික නි.ඇමතිවරු වැඩ බාර ගනිති මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිශාන්ත ජයවීර මහත්වරු මුදල් අමාත්‍යාංශයේදී අද (13) වැඩ බාර ගත්හ. 13 October 2025
ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්ට නිදහස ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම ක්‍රියාවට නැංවීමත් සමග, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ජාතික ප්‍රාණ ඇපකරුවන් 7 දෙනකු මේ වනිවට නිදහස ලබා ඇත. 13 October 2025
ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් නෑ ආණ්ඩුව ඇතුළේ කිසිදු අර්බුදයක් නැතැයි අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය. 13 October 2025
ජාත්‍යන්තර පරිවර්තන දිනය පාර්ලිමේන්තුවේදී සමරයි ලෝක පරිවර්තන දිනය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ කථා පරිවර්තක කාර්යාලය සංවිධානය කරන ලද උත්සවයක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. 13 October 2025
මහින්දගේ මෛත්රිගේ වාහන ඉල්ලීම ආරක්ෂක කමිටුවට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඔවුන්ගේ ආරක්ෂක රථ නැවත ලබා දෙන ලෙසට කරන ලද ඉල්ලීම ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සමාලෝචන කරන කමිටුවට භාරදී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 13 October 2025
ලෝක සෞඛය සමුළු කොළඹ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව අද(13) පෙරවරුවේ කොළඹ දී ආරම්භ විය. 13 October 2025
පළාත් ඡන්දය තියන්න රටේ නීතියක් නෑ මේ මොහොතේ පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා රටේ නීතියක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේය. 13 October 2025
කාන්තා අයිතිය රකින්න ලංකාව කැපවී සිටිනවා කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා ලංකාව කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය චීනයේ දී පැවැසුවාය. 13 October 2025
නඩු වැඩ ඉක්මන් කරන්න අභියාචන මහාධිකරණයක් කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කළ බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි. 13 October 2025
ගල්කිස්ස පොලිස් කොස්තාපල්වරයා ජනතා කරමතින් යයි ගල්කිස්ස අධිකරණයේදී නීතිය මහතකුට පහර දුන්නැයි රිමාන්ඩ් බාරයෙන් මුදා හැරිණු පොලිස් කොස්තාපල්වරයි ඇප ලැබීමෙන් පසු අධිකරණය අවට රැස්ව සිටි පිරිස් ඔහු කර මතින් ඔසවාගෙන යන අයුරු අප කැමරාවේ සටහන් විය. 13 October 2025
මොරගහකන්දෙන් තවත් ජීවපතුරොම් මතුවෙයි තෙවැනි දිනටත් මොරගහකන්ද ජලාශ පතුලෙන් තවත් ජිව පතොරම් දහකට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට සමත්වී ඇතැයි ආරක්ෂක අංශ කියයි. 13 October 2025
දිගටම මිනිස්සු රැවටුවොත් දේශපාලකයා අනතුරේ ජනතාව මෙලෙස නිකරුනේ දිගටම රැවටුවොත් දේශපාලකයාට ආරක්ෂාවක් නැතිව යනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය. 13 October 2025
ගල්කිස්ස කොස්තාපල්ට ඇප ගල්කිස්ස අධිකරණ භූමියේ දී නීතිඥයකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත ව සිටි පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා නියෝග කළේය. 13 October 2025
බන්ධනාගාර වාට්ටුවේ දුරකතන 4ක් ගාල්ල බන්ධනාගාරය සී වාට්ටුව තුළ කළ හදිසි සෝදිසියකදී ජංගම දුරකථන හතරක් සොයා ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 13 October 2025
ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂකට ස්ථාන මාරුවක් ගල්කිස්ස අධිකරණ භූමියේදී ඉකුත් දා නීතිඥවරයකු විසින් පොලිස් නිළධාරියකුට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු වන විමර්ශනයකට අදාලව ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ සිට සාමාන්‍ය රාජකාරී සදහා වෛද්‍ය කොට්ඨාශය වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි. 13 October 2025
වැසිකිළි වලක් පුපුරා අයෙක් මරුට තම නිවසේ වැසිකිළි වලට කාබයිට් නමැති රසායනික ද්‍රව්‍ය යොදමින් සිටියදි වැසිකිළිවල පුපුරා යමෙන් එම පුද්ගලයා තුවාල ලබා මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 13 October 2025
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026