20න් පසු පියයුරු පරීක්ෂාවක් කර ගන්න මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බැවින් වයස අවුරුදු 20න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි. 10 October 2025
ආනන්ද සාගරට විදෙස් ගමන් තහනමක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ආනන්ද සාගර මහතාට විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුස විතාන මහතා අද (10)නිකුත් කළේය. 10 October 2025
තේ කම්හල් 106ක් වැහිලා විවිධ හේතු මත තේ කර්මාන්තශාලා 106ක් පසුගිය වසර හතේදි වැසී ගොස් ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යා රත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 10 October 2025
නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලා විපක්ෂ නායිකාවට වෙනිසියුලානු විපක්ෂය නායිකා ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරිනී මාරියා කොරිනා මචාඩෝට නොබෙල් සාම තෑග්ග හිමි වූවාය. 10 October 2025
කෙහෙළියට අල්ලසෙන් තවත් නඩුවක් ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට දේශපාලන හිතවතුන් 15දෙනෙකු නාමිකව බඳවා ගනිමින්, එම සේවකයින්ට වැටුප් හා අතිකාල දීමනා ලෙස ගෙවූ රුපියල් ලක්ෂ අසූවක් අවභාවිතා කරමින් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කලේ යැයි කියන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද(10) 10 October 2025
නව අමාත්‍යංශ ලේකම්වරයෙක් පත් වෙයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා පත් කර තිබේ. 10 October 2025
වාහන ආනයනකරුවන්ගේ පෙත්සමට දින දෙයි මෙරටදී ණයවර ලිපි විවෘත කර වෙනත් රටකින් වාහන ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන මුදා හරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වාහන ආනයනකරුවන් ගොනුකර ඇති රිට් පෙත්සම් සමථයට පත් කිරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා පෙත්සම් ලබන 14 වැනිදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (10) නියම කළේය. 10 October 2025
ළමා නීතියට කාදිල් හිමියෝ අසතුටින් දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේ දී බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන සියලුම නීති ලංකාවට නොගැලපෙන බව බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොළඹදී පැවසූහ. 10 October 2025
කබ්රාල්ට එරෙහි නඩුව විභාගයට දින ඉදිරියේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂම පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නඩුව විභාග කිරීම සඳහා ඉදිරියේදී දින නියම කරන බව අද (10) දැනුම් දුන්නේය. 10 October 2025
ඇමති මණ්ඩල සංශෝධනය කළ හේතුව කියයි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කරන ලද්දේ රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් සහ කාර්යක්ෂම කිරීම වෙනුවෙන් බව ජනාධිපති කාර්යාලය පවසයි. 10 October 2025
වාරියපොල කසල නසන්න ලොකු වැඩක් අරඹයි ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීමේ තවත් පියවරක් සනිටුහන් කරමින්, වාරියපොළ නව ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් (MRF) ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. 10 October 2025
අතුරුදන් වු සිසුන් දෙදනාගේ සිරුරු මහවැලි ජලාශයේ තැන්නේකුඹුර ප්‍රදේශයේදී අතුරුදන් වු බව කියන පාසල් සිසුන් දෙදෙනාගේ මළ සිරුරු තැන්නේකුඹුර පාලමේ සිට කිලෝමීටර් 2 1/2ක් පමණ දුරින් ගුරුදෙණිය ප්‍රදේශයේ මහවැලි ජලාශයේ තිබී හමු වූ බව පොලිසිය කියයි. 10 October 2025
කැනඩා යවන බව කියා ලක්ෂ 149ක් ගැරූ කෙනෙක් දැලේ කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 149 ක මුදලක් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 10 October 2025
ඝාතනයක් සම්බන්ධයෙන් අයෙක් අල්ලයි මත්ද්‍රව්‍ය ආරවුලක් මත කොටහේන ආමර්බාබර් හන්දිය අසලදී කිසියම් පිරිසක් විසින් පුද්ගලයකු පැහැරගෙන ගොස් ඝාතනය කර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඇළක දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බාල සහෝදරයා සැකපිට අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසිය පවසයි. 10 October 2025
නිධානයක් ගන්න ගිහින් පොලිසියට මාට්ටු ඉඟිණියාගල කොක්නහර ප්‍රදේශයේ නිවසක් පිටුපස පුරාවස්තු සෙවීමේ අරමුණින් ගලක් කඩමින් සිටි සිව්දෙනකු අම්පාර පොලිස් කොට්ථාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනිමට සමත්ව ඇත. 10 October 2025
දිස්ත්‍රික්ක දොළහක මී උණ අධි අවදානමක් රට පුරා මී උණ අධි අවදානම් දිස්ත්‍රික්ක දොළහක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. 10 October 2025
වතු කම්කරුවන්ගේ වැටුප 1700ක් දක්වා ඉහළට? වතු කම්කරුවන්ගේ වැටුප 1700ක් දක්වා වැඩි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යා රත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 10 October 2025
බිත්තරයක් රුපියල් 10කින් පහළට බිත්තර මිල රුපියල් දහයකින් පහත හෙලීමට පියවර ගත්බව සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් හසිත සංදීප මහතා පැවසීය. 10 October 2025
වෙඩි වැදුණු අලියෙක් දඹුළුහල්මිල්ලෑව වැව් රක්ෂිතයක හිසට වෙඩි වැදිමකින් බරපතල තුවාල ලබා දඹුළුහල්මිල්ලෑව වැව් පිටියේ වැටී සිටින වයස අවුරුදු තිහක් පමණ වයසැති වන අලියකු දින හමුවූ බව ආඬියාගල වනජීවි කාර්යාලය පවසයි. 10 October 2025
ගිනි අවි උණ්ඩ පාරේ වැටිලා ගාල්ල මහමෝදර රෝහල අසල වැකුණගොඩ මාර්ගයේ තිබි ටී.56 උණ්ඩ 15ක සහ උණ්ඩ කොපු හතරක් අද පෙරවරුවෙ සොයාගත් බව ගාල්ල පොලිසිය පවසයි. 10 October 2025
හිටපු ඇමති දෙන්නෙක්ගේ විෂය පථ වෙනස් වේ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව අමාත්‍යවරු දෙදෙනෙකුගේ විෂය පථයන් වෙනස් වී ඇත. 10 October 2025
උදෑසන කෑම කෑ දරුවන් හැටක් ලෙඩ වෙලා පාදුක්ක වටරැක කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන්ට ඇති වූ අසාත්මිකතාවයක් මත දරුවන් හැටකට ආසන්න පිරිසක් පාදුක්ක ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව පාදුක්ක පොලිසිය පවසයි. 10 October 2025
අලුත් පහකට නියෝජ්‍ය ඇමති ධුර කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස් දෙනෙක් අද නියෝජ්‍ය අමාත්‍ය ධුර වල දිවුරුම් දුන්හ. 10 October 2025
මෙන්න වෙනස් වූ අමාත්‍යවරු නව කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ ඉදිරියේ දිවුරුම් දුන්නේය. 10 October 2025
සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි නැගෙනහිර, මධ්‍යම,ඌව,දකුණු සහ සබරගමුව පළාත්වලත් පොලොන්නරුව,මුලතිව කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමන පසු තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 10 October 2025
මිරිහාන පිහිණුම් තටාක සිද්දියට හතක් අත්අඩංගුවට මිරිහාන ස්ටැන්ලි මාවත හෝටලයක පිහිනුම් තටාකයක ගිලී මිය පස් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් දරුවා ඉගෙනුම ලබන පෙර පාසලේ සහකාර විදුහල්පතිවරයා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. 10 October 2025
එජාපෙ එක්ක පොදු ගමනකට සජබ අනුමැතිය සජබ නායකත්වය යටතේ එජාප සමඟ පොදු ගමනකට සමුගි ජනබලවේග කෘත්‍යාධිකාරී මණඩලයේ අනුමැතිය ලැබුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම අනුමැතිය ලැබුණු බව ප්‍රේමදාස මහතා සඳහන් කළේය. 10 October 2025
අපුරේ පොලිසියේ දෙදනෙකුගේ වැඩ තහනම් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ සැකකරුවන් රඳවා තබන සිර මැදිරියෙන් රැඳවියෙකු පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන්, එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි. 09 October 2025
දෙවන කාර්තුවේ රාජ්‍ය සේවකයන් ලක්ෂ 2කින් පහත වැටිලා මෙම වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව දෙවැනි කාර්තුවේ දී මෙරට පුද්ගලික අංශයේ සේවකයන් පිරිස ඉහළ යද්දී, රාජ්‍ය අංශයේ සේවකයන් පිරිස ලක්ෂ 2කින් පමණ පහළ වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ. 09 October 2025
උසස් පෙළ සිසුන්ට චක්‍රලේඛයක් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීම සඳහා පහසුකම් සහිත දිස්ත්‍රිකයක පිහිටි පාසලක සිට දුෂ්කර දිස්ත්‍රික්කයකට අයත් පාසලකට සිසුන් ඇතුළත් කිරීම සඳහා කරනු ලබන ඉල්ලීමකදී එම සිසුවා දුෂ්කර දිස්ත්‍රිකයේ පාසල වෙත තාවකාලිකව අනුයුක්ත කිරීමට විධිවිධාන සලසමින් අධ්‍යාපන ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 09 October 2025
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026