
(විමුක්ති එස් රුද්‍රිගු)
වෙනිසියුලානු විපක්ෂය නායිකා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිනී මාරියා කොරිනා මචාඩෝට නොබෙල් සාම තෑග්ග හිමි වූවාය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් නොබෙල් සාම ත්‍යාගය ලැබීමට සුදුස්සකු බවට ප්‍රසිද්ධියේ සහ පුද්ගලිකව ගෙනගිය ප්‍රචාරණ ව්‍යාපාරය හේතුවෙන් මෙවර නොබෙල් සාම තෑග්ගට ලෝකයේම අවධානය හිමිව තිබිණි.
මාරියා කොරිනා මචාඩෝට නොබෙල් සාම ත්‍යාගය පිරිනමමින් නොබෙල් කමිටුව ප්‍රකාශ කර සිටියේ ඇය වර්ධනය වන අන්ධකාරය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ ගිනිදැල් දැල්වෙමින් තබා ගන්නා සමයට කැපවූ නිර්භීත ශූරියක බවයි.
1967 වසරේ උපන් මාරියා කොරිනා මචාඩෝට වෙනිසියුලාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් නොපසුබට උත්සාහය වෙනුවෙන් සහ ඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සාධාරණ හා සාමකාමී සංක්‍රාන්තියක් සිදුකිරීම සඳහා කළ අරගලය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව නොබෙල් කමිටුව ප්‍රකාශ කළේය.
මචාඩෝ ඉංජිනේරු විද්‍යාව සහ මූල්‍යකරණය පිළිබඳව හදාරා ඇති බවත් ඇය 1992 වසරේ කැරකස්හිදී වීදි දරුවන්ට ප්‍රතිලාභ සැලසීම සඳහා ඇටෙනියා නමින් පදනමක්ද පිහිටුවා තිබෙන බවත් නොබෙල් කමිටුව පැවැසුවේය.
මෙම වසරේ නොබෙල් සමා ත්‍යාගය සඳහා අයැදුම්කරුවන් 338 ක් සිටි අතර ඉන් 244 ක් පුද්ගලයන් වූ අතර 94 ක් සංවිධාන විය. පසුගිය වසරේ, ජපාන පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් නිහොන් හිඩන්කියෝට කණ්ඩායමට පසුගිය වසරේ නොබෙල් සමා ත්‍යාගය පිරිනැමිණි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලා විපක්ෂ නායිකාවට
සමන් - ඕමානය Friday, 10 October 2025 07:28 PM
එතකොට අපේ තේ වලට හම්බ වෙච්චි නෝබෙල් තෑග්ග?