
(බී.ජී. චතුරංග)
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ සැකකරුවන් රඳවා තබන සිර මැදිරියෙන් රැඳවියෙකු පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන්, එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි.
මෙලෙස අද (09)වන දා දිනයේ වැඩ තහනමට ලක්ව ඇත්තේ, අනුරාධපුර මූලස්ථාන පොලිසියේ කාර්යභාර නිලධාරියා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ උපසේවා නිලධාරියා ලෙස කටයුතු කළ සැරයන්වරයෙකුගේ ය.
පොලිස් සිර මැදිරියෙන් පලා ගොස් ඇත්තේ අනුරාධපුර, සමගිපුර මාතලේ හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම සැකකරු, සති දෙකකට පෙර අනුරාධපුර මාතලේ හන්දිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදි බියගන්වා රුපියල් තිස් දහසක මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටිය දී ඔහු හෙරොයින් මත්කුඩු සමඟ ද (7දා) අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ(08)වන දා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද, පෙරේදා(07)වන දින රාත්‍රියේ දී මෙලෙස සිර මැදිරියෙන් පලාගොස් තිබුණි.
2025 දෙසැම්බර් මස 16
86
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
884
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අපුරේ පොලිසියේ දෙදනෙකුගේ වැඩ තහනම්