
(නිමල කොඩිතුවක්කු)
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බැවින් වයස අවුරුදු 20න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි.
වයස අවුරුදු 20- ත් 40 අතර වයසේ පසුවන කෙනෙක් නම් වසර 3කට වරක්ද, අවුරුදු 40 කට වැඩිනම් වර්ෂයකට වරක් සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙසද එම ඒකකය පවසයි.
එමෙන්ම පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සමේ වල ගැසීම, පියයුරු ඉදිමීම, තන පුඩුවේ අසාමාන්‍ය ශ්‍රාවයක් හෝ ලේ ගැලීමක්, තන පුඩුව ඇතුලට ගිලී යාම (ළඟදී ඇති වුණු), පියයුරුවල වේදනාව, සමේ ඇති වන වෙනස්කම් වැනි රෝග ලක්ෂණ හෝ අවදානම් සාධක වේ නම් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ සදහා සුවනාරී සායන, සුවදිවි සායන, පිළිකා කලින් හදුනා ගැනීමේ මධ්‍යස්ථාන, පියයුරු සායන, ශල්‍ය සායන, සදහා යොමු විය හැකි බව ද එම අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ රෝහල් වල මේවා තියෙනවද? මේ වගේ අත්‍යවශ්‍ය ස්ක්‍රීන් ටෙස්ට්, ඇත්තටම ලංකාවේ හැම නාගරික රෝහලකම තියෙන එක හොඳයි. ජලභීතිකාවෙන් බේරෙන්න බල්ලන්ට අවුරුද්දට පාරක් බෙහෙත් ගහන්න ගමින් ගමට යනවා. මේ වගේ දේවල් වලටත් එවැනි වැඩ සටහනක් යොදන්න බැරිද? තියෙන්නේ ආසිරි, නවලෝක වගේ පුද්ගලික රෝහල් වල විතරද?
අනිල් වික්කමසිංහට ඕවගෙන් එකකුත් තිබුණා නේද ඇප ගන්න කාලේ...?