IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


20න් පසු පියයුරු පරීක්ෂාවක් කර ගන්න

(නිමල කොඩිතුවක්කු)

මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බැවින් වයස අවුරුදු 20න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි.

වයස අවුරුදු 20- ත් 40 අතර වයසේ පසුවන කෙනෙක් නම් වසර 3කට වරක්ද, අවුරුදු 40 කට වැඩිනම් වර්ෂයකට වරක් සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙසද එම ඒකකය පවසයි.  

එමෙන්ම පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සමේ වල ගැසීම, පියයුරු ඉදිමීම, තන පුඩුවේ අසාමාන්‍ය ශ්‍රාවයක් හෝ ලේ ගැලීමක්, තන පුඩුව ඇතුලට ගිලී යාම (ළඟදී ඇති වුණු), පියයුරුවල වේදනාව, සමේ ඇති වන වෙනස්කම් වැනි රෝග ලක්ෂණ හෝ අවදානම් සාධක වේ නම් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ සදහා සුවනාරී සායන, සුවදිවි සායන, පිළිකා කලින් හදුනා ගැනීමේ මධ්‍යස්ථාන, පියයුරු සායන, ශල්‍ය සායන, සදහා යොමු විය හැකි  බව ද  එම අමාත්‍යාංශය පවසයි.



අදහස් (3)

20න් පසු පියයුරු පරීක්ෂාවක් කර ගන්න

BBC Friday, 10 October 2025 08:46 PM

ආණ්ඩුවේ රෝහල් වල මේවා තියෙනවද? මේ වගේ අත්‍යවශ්‍ය ස්ක්‍රීන් ටෙස්ට්, ඇත්තටම ලංකාවේ හැම නාගරික රෝහලකම තියෙන එක හොඳයි. ජලභීතිකාවෙන් බේරෙන්න බල්ලන්ට අවුරුද්දට පාරක් බෙහෙත් ගහන්න ගමින් ගමට යනවා. මේ වගේ දේවල් වලටත් එවැනි වැඩ සටහනක් යොදන්න බැරිද? තියෙන්නේ ආසිරි, නවලෝක වගේ පුද්ගලික රෝහල් වල විතරද?

:       2       9

සුදුනෝනාSaturday, 11 October 2025 09:39 PM

රජයේ රෝහල් හැම එකකම සුවනාරී සායනය තියෙනවා

:       0       0

අබා Saturday, 11 October 2025 02:10 PM

අනිල් වික්කමසිංහට ඕවගෙන් එකකුත් තිබුණා නේද ඇප ගන්න කාලේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site