පැය 24 ට ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගීන් 53 ක් පැය 24 ක් තුළ විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් අතුරින් 53 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. 01 September 2020
කොරෝනා ආසාදිතයින් 37 දෙනෙක් කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (31) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3049 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි 31 August 2020
මෙරට කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,000 ඉක්මවයි මෙරටින් හඳුනාගත් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (30) 3,000 ඉක්මවා ගියේය. 30 August 2020
ගාල්ලෙන් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් මාලදිවයින් සේවය කර ඉකුත් 28 වැනිදා මෙරටට පැමිණ කොග්ගල සංචාරක හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටී පුද්ගලයන් තිදෙනෙක් සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී ඔවුන් කෝවිඩ් 19 ආසාදිතයන් බව අද (30) තහවුරු වීමෙන් පසු ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි. ඩී.එච් රෝහලට මාරු කර යැවූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. 30 August 2020
ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 25 ඉක්මවයි ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (30) මිලියන 25 ඉක්මවා ගියේය. 30 August 2020
ඉන්දියාවෙන් ආසාදිතයන් වාර්තා වීමේ ලෝක වාර්තාවක් අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 78,761 දෙනෙකු හඳුනාගෙන ඇත. 30 August 2020
කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (28) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 2988 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. 28 August 2020
විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනා කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු අද (28) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 27 August 2020
ආරච්චිකට්ටුවෙන් කොරෝනා අසාදිතයෙක් හමුවෙයි ආරච්චිකට්ටුව කෝට්ටපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 අසාදිතයෙකු හමුවූබව හලාවත රෝහල් අධ්යක්ෂ කේ. පී. මල්ලවආරච්චි මහතා පවසයි . 27 August 2020
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හමුවෙයි කොරෝනා ආසාදිතයින් 2 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (26) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 2984 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. 26 August 2020
මාලදිවයිනේ හිටපු ජනපතිටත් කොරෝනා මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි ඇතැයි නිව්ස් එයිටීන් පුවත්සේවය අද (26) වාර්තා කළේය. 26 August 2020
තවත් තිදෙනෙක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 3දෙනෙකු සුවය ලබා අද(26) පිටව ගිය බව වාර්තාවක් නිකුත් කරමින් වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 26 August 2020
ඉන්දියාවේ සිට පැමිණි 12 කට කොරෝනා කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (25) මේ වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ රෝගීන් ගණන 2971 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කරයි. 25 August 2020
සුවය ලැබුවෝ 5 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 5 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. ඒ අනුව අද (25) දිනය වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 131 ක් දක්වා පහළ බැස තිබේ. 25 August 2020
බාලි දූපත මේ වසරටම වසා දමයි කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ බාලි දූපත මෙම වසරේදී නැවත සංචාරකයින් සඳහා විවෘත නොවනු ඇතැයි එරට බලධාරීහු පවසති. 25 August 2020
උසේන් බෝල්ට්ට කොරෝනා ලෝක ශූර මලල ක්‍රීඩකයකු වන උසේන් බෝල්ට්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 24 August 2020
විදෙස්ගතව සිට පැමිණි හය දෙනෙකුට කොරෝනා කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (24) මේ වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ රෝගීන් ගණන 2959 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කරයි. 24 August 2020
තවත් 6ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 6දෙනෙකු සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 24 August 2020
යුක්රේනයේ හිටපු අගමැතිනියට කොරෝනා හිටපු යුක්රේන අගමැතිනි යුලියා ටිමොෂෙන්කෝ මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ගාඩියන් පුවත් සේවය වාර්තා කර සිටී. 24 August 2020
විදෙස්ගතව සිට පැමිණි 6 කට කොරෝනා මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 23 August 2020
සුවය ලැබූ තවත් 7ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින 7දෙනෙකු සුවය ලබා අද(23) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය උදෑසන 10.00ට වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කරයි. 23 August 2020
ගෝලීය කොරෝනා මරණ ගණන ලක්ෂ 8 පනී ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව නන්දෙසින් වාර්තා වන මරණ ගණන 800,000 ඉක්මවා ගියේය. 23 August 2020
කොරෝනා ආසාදිත කතක් මියයයි කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයකු අද(23) මීට සුළු මොහොතකට පෙර මිය ගොස් ඇතැයි වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. 23 August 2020
විදෙස්ගතව සිට පැමිණි තවත් 10 කට කොරෝනා මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 21 August 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසර ලැබුණු විගස එන්නත ලංකාවට දෙනවා ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19’ වයිරසය මර්දනය කිරීම සඳහා රුසියාවේ විද්‍යාඥයන් සොයාගත් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද විගස එය ශ්‍රී ලංකාවට ලබාදෙන බව මෙරට රුසියානු තානාපති යූරි මතේරි මහතා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අද (21) දැනුම් දුන්නේය. 21 August 2020
ඉන්දියාවේ තවත් අමාත්‍යවරයෙකුට කොරෝනා ඉන්දීය රජයේ තවත් කැබිනට් අමාත්‍යවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඒන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කළේය. 21 August 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් මිලියන තුනක් ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරසය ආසාදිතයන්ගේ ගණන මිලියන තුනකට ආසන්න වී තිබේ. 21 August 2020
සුවය ලැබූ 24ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 24දෙනෙකු සුවය ලබා අද(21) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය උදෑසන 10.00ට පළ කළ නවතම වාර්තාවේ සඳහන් කරයි. 21 August 2020
කොරෝනා ආසාදිතයින් 16 ක් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (20) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 2918 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 20 August 2020
කොරෝනා ප්‍රතිරෝධී එන්නත ශ්‍රී ලංකාවට දෙන්න රුසියාව සූදානම් රුසියාවේ නිෂ්පාදනය කළ කොරෝනා ප්‍රතිරෝධී එන්නත ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට බලාපොරොත්තුවෙන් සිටින බව රුසියානු තානාපති යූරි මැටේරි මහතා, නව රජයේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී තිබේ. 19 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026