ඇඟලුම් කම්හලේ 707 කට කොරෝනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 139 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 06 October 2020
ගාල්ලට යැවූ 55 කින් 15 කට කොරෝනා දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ සමිපතමයින් නිරෝධායනයට යොමුකර සිටින හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින තවත් 15කට කොරෝනා ආසාදනයවි ඇති බවට අද (06) තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 06 October 2020
ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 9 කට කොරෝනා කොරෝනා වයිරසය ආසාදනය වි ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 23 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකළ බවත් අද (06) පස්වරුවේ ලැබුණු පරික්ෂණ වාර්තා වලට අනුව ඉන් 09 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. 06 October 2020
දියණියගේ පන්තියේ ළමුන් 48 ට කොරෝනා නෑ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණිය ඉගෙනුම ලබන පාසලේ පන්ති කාමරයේ සිසු සිසුවියන් 42 දෙනා ඇතුළු ඇය ඇසුරු කළ සිසුසිසුවියන් 48දෙනෙකුගෙන් කිසිවෙකුට හෝ වයිසරය ආසාදනය වී නැති බව සෞඛ්‍ය බලධාරීන් විසින් පාසලේ විදුහල්පතිවරයාට දැනුම් දී තිබේ. 06 October 2020
කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකුට කොරෝනා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන 20 හැවිරිදි තරුණයෙකු ද කොරෝනා ආසාදිතයෙකු බවට අද (6) පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය. 06 October 2020
ඉන්දියාවේ ලක්ෂ 66කට කොරෝනා ගත වූ පැය 24 දී කොරෝනා වයිරසය ආසාදිතයන් 61, 267 දෙනකු වාර්තා වීමත් සමඟ ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 66ක් දක්වා ඉහළ ගොස් ඇත. 06 October 2020
මාතලෙන් හමුවූ ආසාදිතයා වැලිකන්ද රෝහලට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන මාතලේ, පල්ලේපොල , ඇහැලේපොල ප්‍රදේශයේ පදිංචි විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුට කොරෝනා -19 වයිරසය ආසාදනය වී ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය සේපාලි වික්‍රමතිලක මහත්මිය අද (06) දා පැවසුවාය. 06 October 2020
ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර 569 යි මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් 468 දෙනෙකුට මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද(06) තහවුරු වී ඇතැයි හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 06 October 2020
ඇඟලුම් කම්හලේ සිටි මහඔය කාන්තාවකටත් කොරෝනා දිවුලපිටිය කොවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මහඔය ප්‍රදේශයේදි හදුනාගත් කාන්තාවටද කොවිඩි 19 වැළඳී ඇතැයි ඒ සම්බන්ධයෙන් සිදුකල පී.සී.ආර් පරික්ෂණයේදි අද(06)තහවුරු වු බව මහඔය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 06 October 2020
යාපනයේ කාන්තාවකටත් කොරෝනා යාපනය පුන්කුඩතිව් ප්‍රශෙයේ පදිංචි කාන්තාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (05) දින සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වලින් තහවුරු වී ඇතැයි යාපනය පොලීසිය පවසයි. 05 October 2020
මොණරාගල කාන්තාවකටත් කොරෝනා දිවුලපිටිය කෝවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මොණරාගලදි හඳුනාගත් කාන්තාවටද කෝවිඩ් 19 වැළඳී ඇතැයි ඒ සම්බන්ධයෙන් කළ පී.සී.ආර් පරීක්ෂණයේදි තහවුරු වු බව මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වි.එන්.සි දසනායක මහතා පවසයි 05 October 2020
දහම් පාසල්වලටත් නිවාඩු සියලු බෞද්ධ දහම් පාසල්වලට ද නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි. 05 October 2020
මිනුවන්ගොඩ රෝහල කොවිඩ්-19 ප්‍රතිකාර සඳහා වෙන්කෙරේ මිනුවන්ගොඩ රෝහල කොවිඩ් -19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. 05 October 2020
කල්පිටියේ පවුලක් ස්වයං-නිරෝධායනයට කෝවිඩ් ආසාදනය වූ ඇගලුම් සේවිකාව සේවය කළ මිනුවන්ගොඩ කම්හලේ ම සේවයේ නිරත වූ කල්පිටියේ කාන්තාවකගේ පවුලේ අය ස්වයං නිරෝධායනට ලක් කළ බැව් කල්පිටිය සහකාර පොලිස් අධිකාරී දුමාල් වීරසිංහ මහතා පවසයි. 05 October 2020
යුරෝපා කොමිසමේ සභාපතිනිය ස්වයං නිරෝධායනයට ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වූ පුද්ගලයකු මුණ ගැසුණු බව දැනගැනීමෙන් පසු යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලියේන් ස්වයං නිරෝධායනයට යොමු වී ඇත. 05 October 2020
ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 65 ලක්ෂය පනී අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (4) ලක්ෂ 65 ඉක්මවා ගියේය. 04 October 2020
ඇඟලුම් සේවිකාවගේ දියණියටත් කොරෝනා කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වූ දිවුලපිටිය ඇඟලුම් සුපරීක්ෂකවරියගේ දියණියට ද කොරොනා ආසාදනය වී ඇති බව අද (04) කරාපිටිය ශික්ෂණ රෝහලේදී කළ පීසී ආර් පරීක්ෂණයේදී තහවුරු වී ඇතැයි හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. 04 October 2020
දිවුලපිටියේ ආසාදිත කත ඇසුරු කළ 100ක් නිරෝධායනයට දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව ඇසුරු කළ ආශ්‍රිතයන් 100දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 04 October 2020
හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ නාවික ආරක්ෂකයකුට කොරෝනා ශ්‍රී ලංකා පොලිසිය විසින් හබරාදුව පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමුකර සිටි නාවික ආරක්ෂකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු ප්‍රතිකාර සඳහා ඔහු ඊයේ (03) රාත්‍රියේම හම්බන්තොට රෝහලට යැවීමට පියවර ගත් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 04 October 2020
දිවුලපිටියේ කොරෝනා ආසාදිත කතක් අයිඩීඑච් රෝහලට දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීමෙන් පසු කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 04 October 2020
ඉන්දියාවේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා වයිරස ආසාධිත මරණ ගණන අද (3) ලක්ෂය ඉක්මවා ගියේය. ඒ අනුව ලොව තෙවැනියට වැඩිම කොරෝනා වයිරස ආසාධිත මරණ ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. 03 October 2020
සුවය ලැබූ 12ක් පිටව යති-124ක් තවමත් රෝහලේ කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 12දෙනෙකු සුවය ලබා අද(02) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 02 October 2020
ගෝලීය කොරෝනා මරණ මිලියනයක් බව රොයිටර් කියයි ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන රොයිටර් ගණන් බැලීමට අනුව අද (29) මිලියනය ඉක්මවා ගියේය. 29 September 2020
20ක් සුවය ලබා යති-රෝගීන් සංඛ්‍යාව 120 ට බසී කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 20දෙනෙකු සුවය ලබා අද(29) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 29 September 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 6 ඉක්මවයි අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (28) මිලියන 6 ඉක්මවා ගියේය. 28 September 2020
සුවය ලැබූ ආසාදිතයන් ගණන 3200 ඉක්මවයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 22දෙනකු සුවය ලබා අද(27) පිටව ගිය බැවින් සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 3200 ඉක්මවූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 27 September 2020
එන්නතට කලින් මරණ ගණන මිලියන 2 ක් වෙන්න පුළුවන් කොරෝනා වයිරසයට එන්නතක් සොයාගැනීමට පෙර එම වයිරසය හේතුවෙන් වාර්තා වන මරණ ගණන මිලියන දෙකක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 26 September 2020
කොවිඩ් ආසාදිතයින් 14 ක් කොවිඩ් -19 ආසාදිතයින් 14 දෙනෙකු අද (22) මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 22 September 2020
කොරෝනා ආසාදිතයින් 12 ක් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු අද (21) මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 21 September 2020
ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන මිලියන 30 ඉක්මවයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (18) මිලියන 30 ඉක්මවා ගියේය. 18 September 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026