ගම්පහ මහ රෝහලේ සේවකයෙකුට කොරෝනා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රාථමික දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 09 October 2020
විභාග සඳහා යන සිසුන්ට සෞඛ්යාරක්ෂිත දුම්රිය මැදිරි විභාග සඳහා සහභාගී වන දරුවන් සඳහා ප්‍රධාන මාර්ගයන්හි ධාවනය කරන සාමාන්‍ය දුම්රියන්හි සෞඛ්යාරක්ෂිත විශේෂිත දුම්රිය මැදිරි කිහිපයක් එක් කිරීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය. 09 October 2020
කටුනායක ඇඟලුම් කම්හල් තුනක් වහයි කොරෝනා ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා ඇත. 09 October 2020
අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ගේ සෞඛ්‍ය තොරතුරු ඉල්ලයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්, තම සෞඛ්‍ය තත්වය ඇතුළු අනෙකුත් තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයට ලබාදිය යුතු බව අමාත්‍යංශය පවසයි. 09 October 2020
හොරණ මූලික රෝහලේ 9 වාට්ටුවත් වහයි හොරණ මූලික රෝහලේ අංක 9 වාට්ටුව ද තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව හොරණ මූලික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය . 09 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1053 ට නගී නව කොරෝනා වයිරසය ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයකුට වයිරසය ආසාදනයවී ඇති බව තහවුරු වීමත් සමඟ එම ඇඟලුම් කම්හලෙන් වාර්තා වන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරේ රෝගීන්ගේ ගණන1,053 ක් දක්වා ඉහළ ගියේය. 08 October 2020
හොරණින් තවත් පුංචි පොකුරක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ හොරණ කඳන් හේන පදිංචි කොරෝනා ආසාදිත නිලධාරීවරයාගේ අවුරුදු දෙකක් වයසැති දරුවාට, මවට හා බිරිඳගේ යෙහෙලියකට ද කොවිඩ් වසංගතය ආසාදිත වී ඇති බව පී සි ආර් පරීක්ෂණයෙන් අද (8) තහවුරු වී ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය. 08 October 2020
හොරණ රෝහලේ සෞඛ්‍ය සේවා නිලධාරිනියකටත් කොරෝනා හොරණ කදන්හේන කොවිඩ් රෝගියාගේ බිරිද රාජකාරී සිදු කළ හොරණ මූලික රෝහලේ පස් වන වාට්ටුවේ සෞඛ්‍ය සේවා නිලධාරිනියක් අද (8) සවස කොවිඩ් ආසාධිත තත්වයට පත්ව ඇතැයි මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය. 08 October 2020
පින්නවල බ්‍රැන්ඩික්ස් ඇගලුම් ආයතනය නිරෝධාන මධ්‍යස්ථානයක් වෙයි රඹුක්කන, පින්නවල පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ ගොඩනැගිලි නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරිමට අදාල ආයතනය ලබා දි ඇත. 08 October 2020
නිරෝධායනය නොවී සැඟව සිටි 400 ක් බාරවෙති නිරෝධායනයට ලක් නොවී සැගව සිටි මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවක පිරිසට වහාම පැමිණ ඉදිරිපත් වන ලෙසට පොලිසිය ඊයේ (8) සහ පෙරේදා (7) කර තිබු නියෝගයට අනුව සේවකයින් 400 ක් පමණ පිරිසක් පැමිණ සිටි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය. 08 October 2020
දිවුලපිටිය කොරෝනා පොකුර 1044ට නගී දිවුලපිටිය කොරෝනා පොකුරේ විශාලත්වය අද(08) සවස 6.40 වනවිට රෝගීන් 1044ක් වී තිබේ. 08 October 2020
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට කොරෝනා නැහැ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුගේ ඥාතියෙකුට කෝවිඩ් 19 වැළඳී ඇතැයි විවිධ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රචාරවල සත්‍යතාවක් නැතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි. 08 October 2020
ශ්‍රී ලංකාවේ ආසාදිතයන් ගණන 4459යි මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4459කි. 08 October 2020
හලාවත රෝහලෙනුත් කොරෝනා ආසාදිතයෙක් හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණයෙකු කොරෝනා ආසාදිතයෙකු වශයෙන් හඳුනාගැනීම නිසා ඔහුව අද ( 8 ) ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළු කළ බව හලාවත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. 08 October 2020
මිනුවන්ගොඩ පොලිස්ථානාධිපති ඇතුළු 85 කට පී.සී.ආර්. පරීක්ෂණ මිනුවන්ගොඩ පොලිස් ආපන ශාලාවේ හිමිකරු කොරෝනා ආසාදිතයකු බවට හෙළි වීමත් සමඟ එහි ස්ථානධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 85 දෙනෙක් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 08 October 2020
‘සැඟවී සිටින ඇගලුම්හලේ සේවකයන්ට එරෙහිව නීති පියවර ගන්නවා’ පොලිසිය ලබා දී ඇති නියෝග අනුව මෙතෙක් ඉදිරිපත් නොවු මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක පිරිසට සහ ඔවුන් සඟවාගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන අනුව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 08 October 2020
‘ඇඟලුම් කම්හලේ තවත් 125 ක් මෙතෙක් ඉදිරිපත් වී නෑ’ මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කළ තවත් සේවක සේවිකාවන් 125 ට ආසන්න පිරිසක් මෙතෙක් සෞඛ්‍ය අංශ හමුවට ඉදිරිපත් වී නොමැති බව අද (8) පෙරවරු වනවිට වාර්තා වී ඇතැයි හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 08 October 2020
ආසාදිත කතට ප්‍රතිකාර කළ ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ට කොරෝනා නෑ කොරෝනො ආසාදිතයකු බවට පළමුවෙන්ම තහවුරු වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවට ප්‍රතිකාර කළ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටවත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ. 08 October 2020
පුන්කුඩතිව් ගමට ඇතුළුවීම-පිටවීම සීමාකරයි යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග එම ගම්මානයට ඇතුළු වීම හා පිටවීම සීමා කිරීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත. 08 October 2020
මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාව කළ අයටත් කොරෝනා මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාව පවත්වගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව තහවුරුවීමෙන් එහි සේවය කරන පොලිස් නිලධාරීන් සියලු දෙනාගේ පී සී ආර් පරීක්ෂණ පවත්වා ඔවුන් අවශ්‍ය වන පරිදි නිරෝධායනයට යොමු කිරීම හෝ වෙනත් අවශ්‍ය පියවර ගැනීමට නියමිත බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සදහන් කළේය. 08 October 2020
පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ නිලධාරියකුගේ පවුලේ අයකුට කොරෝනා බත්තරමුල්ල පැලවත්ත පිහිටි පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ නිලධාරියකුගේ පවුලේ අයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි අද(8) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. 08 October 2020
කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයේ 34 කට කොරෝනා කොග්ගල සංචාරක හෝටලයක නිරෝධායනයට යොමු කර සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවකයින් 300 ක ගෙන් 34 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද සිරිවර්ධන මහතා පැවසීය. 08 October 2020
ආසාදිත ඇඟලුම් සේවිකාවගේ මවටත් කොරෝනා මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ ආසාදිත සේවිකාවකගේ මව වන පොල්පිතිගම රාවාඇළ පදිංචි 58 හැවිරිදි කාන්තාවකටද එම වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය. 08 October 2020
මිනුවන්ගොඩින්-ගම්පහින් ආ සබරගමුවේ සිසුන් 75ට කොරෝනා නැහැ මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රදේවලින් පැමිණි සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 75 දෙනෙකු පී සී ආර් පරීක්ෂණවලට යොමු කළද ඒ කිසිවෙකුටවත් කොරෝනා වයිරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇතැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති ආචාර්ය අතුල ඥානපාල මහතා අද (08) පැවසීය. 08 October 2020
කොන්සියුලර් අංශයේ සේවා දෙදිනක් නවතී රටේ පවතින තත්ත්වය හමුවේ මහජන එක්රැස් වීම සීමා කිරීම සහ කෝවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා හෙට (08) සහ අනිද්දා (09) දෙදින විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් අත්හිටුවීමට එම අමාත්‍යාංශය තීරණය කර ඇත. 07 October 2020
ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක් අවලංගු කරයි කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක් අද (7) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 07 October 2020
හෝමාගම රෝහල නැවතත් කොරෝනා රෝගීන්ටම හෝමාගම මූලික රෝහල (08) දා සිට යලි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට නම්කර ඇතැයි හෝමාගම මූලික රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය. 07 October 2020
දිවුලපිටිය කොරෝනා පොකුර 1034 ට නගී අද රාත්‍රී 7.45 වන විට දිවුලපිටිය කොරෝනා පොකුරේ විශාලත්වය රෝගීන් 1034 ක් වී තිබේ. 07 October 2020
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටත් එන්න එපා කියයි මේ වනවිට රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය සැළකිල්ලට ගනිමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවා දායකයන්ගේ පැමිණීම හෙට (08) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. 07 October 2020
කෑගල්ලේ උපකාරක පන්තිත් නවත්වයි කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම පෞද්ගලික උපකාරක පන්ති, දහම් පාසල් සහ පෙර පාසැල් වල අධ්‍යාපන කටයුතු තාවකාලිකව නතර කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර /දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ටිකිරි කොබ්බෑකඩුව මහතා උපදෙස් ලබා දුන්නේය. 07 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026