බස්නාහිර ආදායම් බලපත් ලබා දීම තාවකාලිකව අත්හිටුවයි කොරෝනා වසංගතය හේතුවෙන් රට තුළ දැනට උද්ගතවී ඇති තත්ත්වය මත බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (07) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. 07 October 2020
ඉන්දියාවෙන් ආ නැවියෙකුටත් කොරෝනා අතේ සිදුවු කැපුම් තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඊයේ කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලද ඉන්දීය ජාතික නැවියෙකුට කොරෝනා ආසාදනයවී ඇති බවට තහවුරුවිමෙන් පසු අද (07) සවස ඔහු කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගත් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 07 October 2020
වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට යද්දී නොඑන ගමන් යයි ගම්පහ ඇඟලුම් ආයතනයේ සේවකයින්ගේ ආශ්‍රිතයින් පිරිසක් හත් වෙනිදා සවස දින 14 ක කාලයක් වැලිකන්ද ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට නිරෝධායන කටයුතු සදහා රැගෙන යමින් සිටියදි එම පිරිසෙන් එක් මවක් මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 07 October 2020
නෙවිල් ප්‍රනාන්දු රෝහලත් කොවිඩ් හා සටනට බසී කොරෝනා ප්‍රතිකාර සේවාවන් ලබාදීම සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 07 October 2020
රාගම රෝහලින් පැන ගිය ආසාදිතයා සොයාගනී රාගම රෝහලින් පැනගොස් ගොස් සිටි කොරෝනා ආසාදිත රෝගීයා අද (7) පස්වරුවේ රාගම රෝහලේ බාහිර රෝගී අංශය ආසන්නයේදී සොයාගෙන ඇත. 07 October 2020
කොරෝනා වයිරසය ගලහටත් යයි මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කළ ගලහ ලෙවලන් වත්ත මනිකට්ටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඇයට කරන ලද පී.සී.ආර්. පරීක්ෂණය අනුව අද දින (7) තහවුරු වී ඇත 07 October 2020
තවත් ආසාදිතයින් 6 ක් හඳුනාගනී මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් සිව් දෙනකු සහ ඒ ආශ්‍රිතයින් දෙදෙනකු කොරෝනා අසාදිත යැයි හඳුනාගෙන තිබේ. 07 October 2020
මධ්‍යම පළාතේ උපකාරක පන්තිත් තාවකාලිකව නවත්වයි මධ්‍යම පළාතේ සියලුම උපකාරක පන්ති තාවකාලිකව නතර කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි. 07 October 2020
ආණමඩුවේ ගම් කිහිපයකට ඇතුළුවීම-පිටවීම සීමා කරයි ආණමඩුව ආඬිගම පුනවිටිය ඇතුළු ගම්මාන කිපයකට අද(7) දහවල් සිට ජනතාව ඇතුළු විම හා පිටවිම සිමා කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි. 07 October 2020
කොරෝනා අසාදිතයින් 51 ක් මිනුවන්ගොඩ රෝහලට මිනුවන්ගොඩ , යකහටුව ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලේ සේවය කරමින් සිටියදි කොවිඩ් 19 ආසාදිතයින්ගේ නව පොකුරට එක් වු රෝගීන් 51දෙනෙකු මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි . 07 October 2020
කුරුණෑගලින් තවත් රෝගියෙක් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන කුරුණෑගල උයන්දන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය. 07 October 2020
උපකාරක පන්ති නවත්වයි රට තුළ නැවත උද්ගතව පවතින කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම සැළකිල්ලට ගනිමින් එක් එක් ප්‍රදේශයන්හි ක්‍රියාත්මක වන පෞද්ගලික උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු නවතා දැමීමට ප්‍රාදේශීය වශයෙන් තීරණය කෙරෙමින් පවතී. 07 October 2020
ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර සති කිහිපයක් සැඟවුණු එකක් ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන්ගේ නව පොකුරක් නිර්මාණය වූ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සති කිහිපයක් මුළුල්ලේ සිට වයිරසය තිබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹදී අද (7) ප්‍රකාශ කළේය. 07 October 2020
නැගෙනහිර පළාතේ සියලු උපකාරක පන්ති නවතයි කොවිඩ් -19 වසංගතය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ සියලු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කළාය. 07 October 2020
ගම්පහ මහ රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවන් කිහිපදෙනෙකුට ප්‍රතිකාර ලබා දී ඇති බව කියන, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පැවසීය. 07 October 2020
ඇඟලුම් කම්හලෙන් තවත් ආසාදිතයෝ 190 ක් මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවක පිරිසෙන් කොරෝනා ආසාදිත වූ තවත් 190 දෙනකු අද (07)මේ වන විට හඳුනාගෙන තිබේ. 07 October 2020
ගම්පහ කොරෝනා ආසාදිත රෝගීන් 21ක් රෝහලට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් ප්‍රදේශවල පදිංචි හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් 21 දෙනෙකු රෝහල් ගත කිරීම සඳහා කටයුතු කළ බව ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පවසයි. 07 October 2020
ක්‍රිකට් ආයතනය දෙදිනකට වසා දමයි ‘කොවිඞ් 19’ වයිරස් අවදානම නැවතත් හිස එසවීම හේතුවෙන් කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය දින දෙකක් වසා තැබීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 07 October 2020
‘අත්‍යවශ්‍ය සේවාවකට හැර අක්ෂි රෝහලටත් එන්න එපා’ කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 07 October 2020
‘මෙවර සොයාගත් අසාදිතයින්ගේ වයිරස් සාන්ද්‍රණය වැඩියි‘ පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවෙන් මේ වන විට හඳුනාගනු ලැබූ කොරෝනා අසාදිත පිරිසේ පෙර වාර්තා වු අසාදිත පිරිසට වඩා වයිරස් සාන්ද්‍රණ මට්ටම වර්ධනය වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. 07 October 2020
ගුවන් තොටුපළ සේවිකාවකටත් කොරෝනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය. 07 October 2020
දිවුලපිටිය පාසලේ ගුරුවරුන් 57දෙනාට කොරෝනා නෑ කොරෝනා ආසාදිතදැයි පරීක්ෂා කිරීම සඳහා පී. සී. ආර්. පරීක්ෂණයට ලක් කෙරුණු දිවුලපිටිය විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ 57 දෙනා කොරෝනා ආසාදිතයින් නොවන බවට වෛද්‍ය බලධාරීන් එම විදුහලට දැනුම් දී ඇත. 07 October 2020
කොරෝනාවෙන් නඩුත් කල්යයි කොරෝනා වයිරස වසංගත තත්ත්වය යටතේ අධිකරණ කටයුතු සිදුකරන ආකාරය හා පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිබඳ අධිකරණ සේවා කොමිසන් සභාව විසින් සියලු අධිකරණ වෙත දැනුම් දී තිබේ. 07 October 2020
කොරෝනා ආසාදිත රෝගියෙක් රෝහලෙන් පනී රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කෙරෝනා වයිරසය වැළඳී ඇති පුද්ගලයකු ඊයේ (6) රාත්‍රියේ රෝහලින් පැන ගොස් ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් ‘ලංකාදීප’ යට පැවැසීය. 07 October 2020
පී.සී.ආර්. පරීක්ෂණයකට පසු හරීන් පාර්ලිමේන්තු යාමෙන් කැළඹීමක් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පීසීආර් පරීක්ෂණයක් කර ඇති බවත් ඔහු මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි බවත් එසේ කිරීම සදාචාරාත්මක නැති බවත් කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද(7) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළහ. 07 October 2020
රත්නපුර දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති තාවකාලිකව නවත්වයි පැතිර යන කෝවිඩ් 19 වයිරසය අවදානම හමුවේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරිම පිණිස රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති නැවැත්වීමට රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය කාධක බලකා කමිටුව තීරණය කර තිබේ. 07 October 2020
ගම්පහට-ජා ඇළට-කඳානට ඇඳිරි නීතිය කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොලිස් කොට්ඨාස 14ක් ඇතුළු පොලිස් කොට්ඨාස 17කට ඇඳිරිනීතිය පැනවූ බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 07 October 2020
ඩුබායි සිට ආ අයකුටත් කොරෝනා තංගල්ල රැකව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නිරෝධායනවෙමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවිම නිසා ඔහු අද (06) සවස හම්බන්තොට රෝහල වෙත ගෙනගිය බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 06 October 2020
ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර 832 ට නගී මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 124 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 06 October 2020
භික්ෂූන් වහන්සේලා 16 නමක් ස්වයං නිරෝධායනයේ අහංගම ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන්වහන්සේ නමක් මිනුවන්ගොඩ ඥාති නිවසකට ගොස් ආපසු විහාරස්ථානයට වැඩම කිරිම නිසා එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 16 නමක් අද (6) සිට විහාරස්ථානයේම ස්වයං නිරෝධායනයට යොමු කළ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පමෝද සිරිවර්ධන මහතා පැවසීය. 06 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026