
(ඉන්දිකා රාමනායක)
කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොලිස් කොට්ඨාස 14ක් ඇතුළු පොලිස් කොට්ඨාස 17කට ඇඳිරිනීතිය පැනවූ බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව, ගම්පහ, ගණේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, විරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල යන පොලිස් බල ප්‍රදේශ 14ටද, කැලණිය පොලිස් කොට්ඨාසයේ ජාඇළ සහ කඳාන යන පොලිස් බල ප්‍රදේශවලටද, දිවුලපිටියටද අද(07) පෙරවරුවේ සිට ඇඳිරි නීතිය පනවා තිබේ.
COMMENTS
සුදුසු ඉක්මන් පියවර ගෙන මේ ලෙඩේ පැතිරෙන එක වළක්වා දෙන්න. ස්තූතියි.
ලංකාවේ වැඩිම අසාධිතයන් වාර්තාවුනේ ඊයේ. භයානකම දේ තමයි මොවුන් සමාජයෙන් මතු වූ අසාධිතයන් වීම. අපි මිට පෙර මිට වඩා බෙහෙවින් අඩු අසාධිතයන් වාර්තා වන තත්වයක රටම වැහුවා. එත් අද තාම එහෙම නැහැ. මේ තත්ත්වය පාලනයට හොඳම දේ රටම නැවත වැසිමයි . අමාරු උනත් එය කලයුතු නම් කලයුතු නේද?
රට ලොක් ඩවුන් කරලා තේරුමක් නැහැ. මේක අද හෙට විසඳෙන ප්‍රශ්නයක් නොවේ. හොඳම දේ තමයි තත්වය තේරුම් අරන් එයට අනුකූල ලෙස ජීවත් වෙන එක.