(චමිල් රුපසිංහ)
මධ්‍යම පළාතේ සියලුම උපකාරක පන්ති තාවකාලිකව නතර කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.
කොවිඩ්-19 වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන නිර්දේශ නිසිලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා වහාම ක්‍රියාත්මක වන පිරිදි මෙම තිරණය ගත් බවද ආණ්ඩුකාරවරයා පැවැසිය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (07) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේය.
කවුරුන් හෝ මෙම තීන්දු තීරණ වලට පිටින් ගොස් උපකාරක පන්ති පැවැත්වීමට කටයුතු කළහොත් පොලීසිය හා සෞඛ්‍ය අංශ ඒ සම්බන්ධයෙන් උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවද එහිදි සදහන් කළේය.
පෞද්ගලික පංති වලට සහභාගි වන ළමුන් සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් නොපිළිපැදීමත් ඉගැන්වීම් කරන ගුරුවරු එය නිවැරදි කිරීමට පියවර නොගැනීමත් නිසා මෙම තීරණය ගත් බව ආණ්ඩුකාරවරයා කි අතර සියලු දේ වන්නට පෙර පෙර සුදානම වැදගත් බව සදහන් කල ආණ්ඩුකාරවරයා වෛරසය ශරීර ගතවීමට වලක්වා ගැනීමට තම තමන් පෞද්ලිකව කටයුතු කිරීමෙන් සියලු දෙනාගේ ආරක්ෂාව සැලසෙන බවද ආණ්ඩුකාරවරයා එහිදි සදහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මධ්‍යම පළාතේ උපකාරක පන්තිත් තාවකාලිකව නවත්වයි