IMG-LOGO

ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර සති කිහිපයක් සැඟවුණු එකක්

(හර්ෂණ තුෂාර සිල්වා)

‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන්ගේ නව පොකුරක් නිර්මාණය වූ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සති කිහිපයක් මුළුල්ලේ සිට වයිරසය තිබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ,  ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ,  විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹදී අද (7) ප්‍රකාශ කළේය.

නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මුලින්ම හඳුනාගත් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවිකාව, මිනුවන්ගොඩ එම ආයතනයෙන් වාර්තා වූ කොවිඩ් පොකුරේ පළමු රෝගියා නොවන බව ද  විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කීවේය.

කොළඹ,  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා එම කරුණු කීය.

මේ දක්වා කරන ලද සොයාබැලීම්වලදී මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් අතර සැප්තැම්බර් 20 වැනිදා සිට ශ්වසන රෝග තත්ත්ව තිබී ඇති බව වාර්තා වන බව ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවැසීය.

නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මුලින්ම හඳුනාගත් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවිකාව රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ සැප්තැම්බර් 28 වැනිදා බවත් ඇය රෝහල් ගත කර ඇත්තේ සැප්තැම්බර් 30 වැනිදා බවත් සමරවීර මහතා කීවේය.

එබැවින් හඳුනාගත් පළමු රෝගියා, අතරමැද රෝගියකු බවත් ඊට පෙර වයිරසය ආසාදනය වූ පිරිස් ඇඟලුම් කම්හලේ සිටින්නට ඇති බවත් ඇතැම් විට පළමු රෝගියා මේ වනවිට සුවය ලබා ඇති බවට අනුමාන කළ හැකි බවත් හෙතෙම කීය.

පළමු රෝගියා වාර්තා වීමට රෝගී වූ පිරිස් එම කම්හලේ සිට ඇති බවත් සැප්තැම්බර් 20 වැනිදා රෝග ලක්ෂණ මතු වූවා නම් ඊටත් පෙර හෝ ඊටත් සති දෙකකට වයිරසය කර්මාන්තශාලාව තුළට ඇතුළුවන්නට ඇති බවත් ඔහු කීවේය.

මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී ආපස්සට කරුණු රැසක් සෙවීමට සිදුවන බව ද හෙතෙම කීය. පළමු රෝගියා සෙවීම ඉතා දුෂ්කර කාර්යයක් බව ද ඔහු මෙහිදි පැහැදිලි කළේය.

රෝගීන් අතර උණ, සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස යනාදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන අය සිටියද බොහෝ දෙනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ද හෙතෙම කීය. 

( ළහිරු හර්ෂණ - ඡායාරූපය  ) 

 



අදහස් (4)

ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර සති කිහිපයක් සැඟවුණු එකක්

rana Wednesday, 07 October 2020 10:20 AM

මේ තත්වය කලින්ම සඳහන් කලා නේද? දැන්...?

:       0       1

lal Wednesday, 07 October 2020 12:51 PM

සේවක සුබසාධනය ඉහළින්ම තියෙන තැනක් කියලයි කියන්නේ...

:       0       0

කපිල Wednesday, 07 October 2020 05:27 PM

ඇඟලුම් කර්මාන්තයක සමස්ත ක්‍රියාවලිය පිළිබඳ මනා දැනුමක් ඇති අයෙක් (Industrial Engineer) විමර්ශන කටයුතු කිරීම සඳහා යොදාගැනීම වැදගත් වේ. පොලිසියටත් සෞඛ්‍ය අංශවලටත් තනිවම මෙය කළ නොහැක.

:       0       0

නිශාන්ත Thursday, 08 October 2020 09:39 AM

මෙම ප්‍රකාශය දිනවකවානු ලෙස සැප්තැම්බර් 20ට පෙර කියලා කියන්නේ එක කරුණක් වසන්කරන්නට ඇති උවමනාව නිසා බව පැහැදිලියි. එනම් ඉන්දියාවේ සිට පැමිණි කම්හල් සේවකයින් පැමිණි දිනය ඔවුන් පැමිණ තිබෙන්නේ සැප්තැම්බර් 22 කාගේ හරි බලපෑමකට මෙවන් ප්‍රකාශ කිරීම වගකිවයුතු නිලධාරින් ලෙස ඉතා කණගාටුයි. ශ්‍රී ලංකාව තුළ කොරෝනා ඉතා හොඳින් පාලනය කර තිබියදී කෙසේද කොරෝනා ආවේ... අනිවාර්යයෙන්ම විදෙස් රටකින් වියයුතුයි. ඒ අන් කිසිවෙකුගෙන් නොව ඉන්දියාවේ සිට පැමිණි ඒ සේවකයින්ගෙන්... කණගාටුවට කරුණ නම් කවුද ඔවුන්ට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රට තුළට එන්නට අවසර දුන්නේ... සංවාදයට විවෘතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 141 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 429 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site