(බන්දුල ඉලේපෙරුම)
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පීසීආර් පරීක්ෂණයක් කර ඇති බවත් ඔහු මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි බවත් එසේ කිරීම සදාචාරාත්මක නැති බවත් කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද(7) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළහ.
මේ අතර හරීන් ප්‍රනාන්දු මහතා පෞද්ගලිකව පීසීආර් පරීක්ෂණයක් කරන ආකාරය ඔහුගේ නිල ට්විටර් ගිණුමේ පළකර තිබිණි.
COMMENTS
සතුටුදායක ආරංචියක් අසන්න ලැබේවායි පතමි..
ඡන්දෙන් බැරිවුණු නිසා කොරෝනාවෙනුත් ආණ්ඩුව පරද්දන්න බලනවා ඇති.
ඇයි තාත්තා යන්න එපා කිව්වේ නැතිද?
මෙයා කවද්ද සදාචාරයක් ඇති වැඩක් කළේ..? මිනිස්සු 300ක් බෝම්බ කාලා මැරෙනකම් කටවහගෙන හිටපු මනුස්සයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
හරකුන්ට හා බූරුවන්ට කොරෝනා බෝ වන්නේ නැත ...
ඔන්න ඕකයි අපේ රටේ ආණ්ඩුවේ ඉන්න අැමතිලා මන්ත්‍රීලගේ තත්වය. මිනිහෙක් ලෙඩේ හැදිලද කියලා ටෙස්ට් කරපුවා ඇයි පාර්ලිමේන්තු ආවේ කියලා අහනවා. හරි නම් කරන්න ඕන පුළුවන් තරම් ටෙස්ට් කරගන්න එකනේ.. රජයෙන් කරන්න බැරිනම් පුද්ගලික අංශයෙන් කරගන්න පුලුවන්..
යමෙකු තම සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරවා ගැනීම හොඳයි නේද? තමන් නිරෝගී බව ඔප්පු කර සිටීමත් හොඳයි නේද? ඒත් ඉතින් බූරුවන් රැළක් මැද්දට ගොස් ඒ බව නොකියා සිටියා නම් එවුන් කෑ නොගසනු ඇති නේද?
ඔහු එය කරගෙන තියෙන්නේ ඔහුගේ පුද්ගලික වුවනාවට. ඔහුට කොරෝනා තිබුණා නම්, ඔහු එන්නේ නැහැ. මේ තරම් පාර්ලිමේන්තුවේ අය බිය මන්දැයි නොතේරේ. එහෙනම් ඒ පරීක්ෂණ කරගත් අය සාමාන්‍ය ජන සමාජයේත් ඉන්නේ...
සදාචාරය? එහෙමනම් කොහොමද ගරු අධිකරණයෙන් මරණීය දණ්ඩනය දීපු අය පාර්ලිමේන්තු ඉන්නේ?
මෙයා පාස්කු ප්‍රහාරයත් විහිළුවට ගත්තා. ඇත්තටම මෙයාට කොරෝනාද දන්නේ නැහැ. තාත්තා කියන්න ඇති නේද? පුතා හෙට PCR ටෙස්ට් එක කරන්න.. අනිද්දා කරන්න එපා කියලා..
අනේ දෙවියනේ, මුළු පාර්ලිමේන්තුවටම කොරෝනා හදලා දෙන්න දෙයියනේ.., අනේ මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ලබාගන්න බැරිවෙයිද?
ඕකේ ඉන්න කාලකණ්ණි 225ට හැදිලා මකබෑවිලා යන්න ඕනේ..
පිස්සුද මන්දා...? රෝග ලක්ෂණ තියනවා නම් ගෙදර ඉන්න ඕනෑ. නැත්නම් මොකටද චෙක් කලේ..?
මේකෙන්ම පේනවා අපේ ඉන්න කට්ටිය pcr පරීක්ෂණ ගැන මොකක්ද හිතන්නේ කියලා.
මධ්‍යස්ථව සිතීමට හැකි පුරවැසියන්ට "දේශපාලුවන් යනු අමරමරි මෝඩයින්" බව මනාලෙස හඳුනාගැනුමට මෙයත් තවත් එක උදාහරණයක් නොවේද?
මේ වගේ අයද ආණ්ඩු පක්ෂයේ ඉන්නේ...?
එයා කොහොමත් සලසා ගන්නේ එයාගේ ආරක්ෂාව පමණනේ..
මොහුව බැඳ දමව්...!
ට්‍රම්ප්ට පුලුවන් නම් මට බැරි ඇයි?
තමන්ට රෝග ලක්ෂණ නැතත්, වගකිවයුතු වැදගත් මහත්මයෙක් වගේ ඔහු මේ ටෙස්ට් එක කරගත්තා. ඔහුට අවශ්‍ය නම් ට්විටර් හරහා මෙය ප්‍රසිද්ධ නොකර වුණත් ඉන්න තිබුණා. මෙය හරින්ටත් පාඩමක්. ඕනඑවයි, එපාඒවායි ඔක්කොම ට්විට් කරනවාට. ඔය දියවන්නාවේ භූත මාලිගාවේ ඉඳන් හරින්ට කෑගහන "බයියන්ට" කොරෝනාවලට වඩා භයානක බෝවෙන රෝග තියෙන බව දන්නේ කීයෙන් කීදෙනාද?
ඕකට ඉතින් ඔච්චර කලබල වෙන්න දෙයක් තියෙනවද? හමුදාවයි, ජනාධිපතිවරයා, අගමැති, පවිත්‍රා ආදි හැමදෙනාම, උදේ හවා පුවත්පත් මගින් රූපවාහිනී සහ මාධ්‍යජාලා හැම එකක්ම කියන්නේ කොරෝනාව.. මර්දනය හෝ පාලනය කර ඇති බව නොවේද? ඉතින් හරීන් පාර්ලිමේන්තු ආවා කියා ඒකේ ඉන්න හැමෝම නිරෝධායනය කරන්න ඕනෑ නැහැ නේද? ඒ වුණත් කෝවිඩ් යකා නම් කිසිම දෙයක් නොකියා, රට පුරාම එයාගේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යනබවත් පේනවා.
කොරෝනා නැතුවත් එයා විෂබීජයක්...
හරින් මැතිතුමාට කොරෝනා පොසිටිව් තමයි!