මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තව 39ක් එක්වෙයි මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ ආසාදිතයන් පොකුරට තවත් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු අද(12) හඳුනාගෙන තිබේ. 12 October 2020
ගම්පහ දිස්ත්‍රික්කයට කොරෝනා තත්ත්ව විශේෂ මෙහෙයුම් මැදිරියක් ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා රෝග තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ, පොලීසිය, යුද හමුදාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතනයන්හි කටයුතු සම්බන්ධීකරණ කිරීමේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ගම්පහ කච්චේරි පරිශ්‍රයේ ස්ථාපිත කර ඇත. 12 October 2020
දින තුනකදී ලොව පුරා ආසාදිතයන් මිලියනයක් අවසන් දින තුනේදී ලොව නන්දෙසින් නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියනයක් වාර්තා වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. 12 October 2020
වෛද්‍යවරුන් තිදෙනකුට කොරෝනා කොවිඩ් 19 ආසාදිතයින් අතර වෛද්‍යවරුන් තිදෙනෙකු අද (11) දිනයේ වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. 11 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1307 ට නගී මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ පොකුරට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 60 දෙනකු අද (11) පස්වරුවේ හඳුනාගෙන තිබේ. 11 October 2020
රිජ්වේ ආර්යා රෝහලේ සිටි බිළිදාගේ පියාට කොරෝනා නැහැ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සදහා රෝහල් ගත වී සිටින බිළිදෙකුගේ පියා කෝවිඩ් ආසාදියකු බවට තහවුරු වුවද, අයි.ඩී.එච්. රෝහල මගින් සිදුකළ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයේදී එම පුද්ගලයා කෝවිඩ් ආසාදිතයකු නොවන බවට තහවුරු වී ඇති බව ගොතටුව පරිපාලන මහජන පරීක්ෂක නලීන් ෆෝන්සේකා මහතා පැවසීය. 11 October 2020
දින 5 ට පී.සී.ආර්. පරික්ෂණ 26000ක් මිනුවන්ගොඩ කොරෝනා පොකුර වාර්තා වීමෙන් පසු ඉකුත් පස්වැනිදා සිට මේ දක්වා පී.සී.ආර්. පරික්ෂණ 26000 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය. 11 October 2020
මිනුවන්ගොඩ පොකුරට තවත් 61 ක් එක්වෙති මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ පිරිසෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 61 දෙනකු අද හඳුනාගෙන තිබේ. 11 October 2020
පන්නලින් ආසාදිතයින් 9 ක් හමුවෙයි මිනුවන්ගොඩ බ්රැන්ඞ්ක්ස් ඇඟලුම් ආයතනය ආශ්‍රිතව පැතිරී ගිය කොරෝනා වයිරසය හේතුවෙන් පන්නල සෞබ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ අද (11) වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 09 දෙනෙකු හඳුනාගෙන ඇතිබව පන්නල සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 11 October 2020
මන්නාරමේ ගම් දෙකක් හුදෙකලා කරයි මන්නාරම පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම්දෙනතුරු හුදෙකලා කිරීමට අද ( 11) පියවර ගෙන තිබේ. 11 October 2020
දංකොටුවෙන් කොරෝනා අසාදිතයෝ දෙදෙනෙක් දංකොටුව සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයට අයත් මාවතගම සහ දකුණු ගෝනවිල යන ප්‍රදේශවලින්ද කොරෝනා ආසාධිත රෝගීන් දෙදෙනෙකු අද (11) වාර්තාවී ඇති බව එම සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 11 October 2020
උසස් පෙළ සිසුන්ට මෙහෙයුම් මධ්‍යථානයක් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට අනතුරු හෝ ආපදා හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධාවක් මතු වුවහොත් ඔවුන්ට උපකාර කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත. 11 October 2020
සෞඛ්‍ය නීති කැඩුවොත් මාස 6ක සිරදඬුවම් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් රෝගී ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශවල සෞඛ්‍ය විධිවිධාන කඩ කරන පුද්ගලයින්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 6ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට අධිකරණයට හැකි බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. 11 October 2020
කැලණිය සරසවියේ ශිෂ්‍යාවකට කොරෝනා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ ශිෂ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්යක්ෂ විජයානන්ද රූපසිංහ මහතා පවසයි. 11 October 2020
අත්තනගල්ලේ - මීරිගම ගම් 3ක් වසාදමයි පුද්ගලයින් 37 දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම මත අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් මාලිගාතැන්න, කූරිකොටුව සහ එළුවාපිටිය යන ග්‍රාමයෙන් තුන අද(11) වසා දමමින් අධි ආරක්ෂක කලාපයක් බවට පත්කිරීමට පියවර ගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය. 11 October 2020
නිල්වලා විද්‍යා පීඨයත් නිරෝධාන මධ්‍යස්ථානයක් කරයි අකුරැස්ස, විල්පිට නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා යුද හමුදාව සූදානම් කර ඇති බව අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 11 October 2020
කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තවත් සතියකට වැසේ කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය්ය මණ්ඩල සාමාජිකයන් අතර සහ සුරක්ෂා නිවාසයේ රැකවල් මත සිටින ලාංකික කතුන් අතර කොවිඩ්19 වයිරස ආසාදනය වී ඇති හෙයින් , මහජනතාවට තවදුරටත් වයිරස් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා තානාපති කාර්යාලය තවත් සතියක කාලයකට වසා දමන බව එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 11 October 2020
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා අත්හිටුවයි මහජනතාවගේ එක්රැස්වීම සීමා කිරීම සහ කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අද (12) සිට නැවත දැනුම් දෙන තුරු විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් අත්හිටුවීමට එම අමාත්‍යාංශය තීරණය කර ඇත. 11 October 2020
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම යළි සීමා කෙරේ විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. 11 October 2020
තවත් කොරෝනා ආසාධිතයින් 103 ක් තවත් කොරෝනා ආසාධිතයින් 103දෙනෙකු හඳුනාගෙන ඇතිබව යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. 10 October 2020
ජාතික රෝහලේ තිදෙනකුට කොරෝනා කොළඹ ජාතික රෝහලේ සේවිකාවකට සහ සේවකයයන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය වාර්තා වලින් සනාථ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (10) ප්‍රකාශ කළාය. 10 October 2020
ළමා රෝහලේ සාත්තු සේවිකාවකටත් කොරෝනා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාත්තු සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. 10 October 2020
පානදුර මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකය තාවකාලිකව වසාදමයි පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද සොයුරියකගේ දියණියක කොරෝනා ආසාධිත රෝගියෙකු බවට අනාවරණ වීමත් සමගම එම දැඩි සත්කාර ඒකකය ඊයේ (09) රාත්‍රී සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත්බව පානදුර මූලික රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය පැවසුවාය. 10 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් අසාදිතයන් 14 ක් හඳුනාගැනේ නව කොරෝනා වයිරසය ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එම ඇඟලුම් කම්හලෙන් වාර්තා වන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරේ රෝගීන්ගේ ගණන1,089 ක් දක්වා ඉහළ ගියේය. 09 October 2020
කතළුව විහාරස්ථානයේ හිමිවරුන් 16 නමටම කොරෝනා නෑ හබරාදුව කතළුව විහාරස්ථානයක ස්වයං නිරෝධායනට ලක් කර සිටින හිමිවරුන් 16 දෙනාගෙන් කිසිවෙක් කොරෝනා ආසාදිතයන් නොවන බව අද (09) නිකුත්වූ පී.සී.ආර්. පරික්ෂණ වාර්තාවලින් තහවුරුවූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි. 09 October 2020
පන්නල 78 හැවිරිදි මවකට කොරෝනා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පන්නල ඇළබඩගම පදිංචි 78 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරුවී තිබේ. 09 October 2020
මාස 5 බිළිඳාගේ ඇට මිදුළු බද්ධයටත් කොරෝනා හරස්වෙයි ඇටමිදුළු බද්ධ කිරීමක් සඳහා හෙට (10 වැනිදා) ඉන්දියාව බලා පිටත්ව යාමට සිටි මාස 5 ක් වියැති බිළිදකුගේ පියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් ෆෝන්සේකා මහතා පැවසීය. කොරෝනා වයිරසය ආසාදිත මෙම පුද්ගලයා මහනුවර පදිංචිකරුවකු වන අතර ඔහුගේ දරුවා ඇට මිදුළු රෝගයෙන් පෙලීම හේතුවෙන් මස 5 ක පමණ කාලයක් පුරා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට සිට ඇත. 09 October 2020
කොරෝනා වළක්වන්න හැදූ දේශීය ඖෂධ කතානායකට පිළිගන්වයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කොව්ඩ් - 19 වයිරසය ආසාදිතයන්ට සහ එම වයිරසය ආසාදනය වීමට ඉඩකඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඖෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා තිබෙන බව දේශීය වෛද්‍ය, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. 09 October 2020
කොරෝනා වයිරසය මන්නාරම අගරදගුරු නිවෙසටත් පනී මන්නාරම අගරදගුරු නිවසෙහි සේවය කළ අයකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී තිබෙන බව හඳුනාගැනීමත් සමඟ මන්නාරම අගරඳගුරු ලයනල් එමානුවෙල් පියතුමා ඇතුළු 57 දෙනෙකු අද(09) ස්වයං නිරෝධායනයට ලක් කළ බව මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 09 October 2020
රිජ්වේ ආර්යා ළමා රෝහලේ බිළිදෙකුටත් කොරෝනා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 09 ක බිළිදෙක්ට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී ඇතැයි රෝහල් අධ්යක්ෂ ජේ විජේසුරිය මහතා පැවසීය. 09 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026