
(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා රෝග තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ, පොලීසිය, යුද හමුදාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතනයන්හි කටයුතු සම්බන්ධීකරණ කිරීමේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ගම්පහ කච්චේරි පරිශ්‍රයේ ස්ථාපිත කර ඇත.
මෙමගින් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරුවන රෝගීන් රෝහල්ගත කිරීමේ කටයුතු සහ රෝගීන්ගේ ආශ්‍රිතයින් බවට හඳුනාගැනෙන පිරිස් නිරෝධානය පිණිස යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමේ සම්බන්ධීකරණ කටයුතු සිදුකෙරේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ පවතින මෙම මෙහෙයුම් මැදිරියේ කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, දිසාපති සුනිල් ජයලත් යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය ප්‍රධානීන් විසින් නිරීක්ෂණය කරන ලදී. මෙහිදී දිසාපතිවරයා සදහන් කර සිටියේ මිනුවන්ගොඩ ඇගළුම් කම්හලෙහි කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරුවී ඇති පිරිස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවත් මෙම අයගේ ආශ්‍රිතයින් සහ රෝග ලක්ෂණ ඇතිවන තැනැත්තන් වහාම ප්‍රතිකාර පිනිස ඉදිරිපත්විය යුතුව ඇති බවත්ය.
මේ අතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්‍ෂණය මත දැනට නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්ව සිටින පිරිස වෙත ආහාර පාන ඇතුළු අවශ්‍යතා සපුරාලීම මෙන්ම ළමා නිවාස, වැඩිහිටි නිවාස, පිරිවෙන් ඇතුළු සහන සැලසීමට අවශ්‍ය ස්ථානයන්ට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට පියවර ගෙන ඇති බවත් මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කකොට ඇති බවත් දිසාපතිවරයා මෙහිදී සදහන් කළේය.
මෙහිදී රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සදහන් කර සිටියේ, කොරෝනා රෝග තත්ත්වය පාලනය සඳහා ගම්පහ දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සතුටට පත්වන බවය.
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා විසින් මුව ආවරණ 5000 ක් ලබාදීමද සිදු විය.
මෙම අවස්ථාවට අතිරේක දිසාපති සුගත් කිත්සිරි ,දිස්ත්‍රික් ගණකාධිකාරී වී.ඩී.එස්.රොඩ්රිගෝ , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ( තත්ව කළමනාකරණ හා රෝගී සුරක්ෂිතතා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න , ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා , දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ ක්‍රිෂාන්ත සමරවීර, විශේෂ මෙහෙයුම් මැදිරියේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගම්පහ දිස්ත්‍රික්කයට කොරෝනා තත්ත්ව විශේෂ මෙහෙයුම් මැදිරියක්
රමිත Monday, 12 October 2020 07:05 AM
වියත් මගට සැලකූ ගම්පහටම උණලූ