IMG-LOGO

කතළුව විහාරස්ථානයේ හිමිවරුන් 16 නමටම කොරෝනා නෑ

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

හබරාදුව කතළුව විහාරස්ථානයක ස්වයං නිරෝධායනට ලක් කර සිටින හිමිවරුන් 16 දෙනාගෙන් කිසිවෙක් කොරෝනා ආසාදිතයන් නොවන බව අද (09) නිකුත්වූ පී.සී.ආර්. පරික්ෂණ වාර්තාවලින් තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි.

විහාරාධිපති හිමියන් ඇතුළු සෙසු  හිමිවරුන් 16 දෙනා ඉකුත් 06 දින සිට කතළුවේ තම විහාරස්ථානයේදි ස්වයං  නිරෝධායනට ලක්කර ඇත්තේ මෙහි  එක් හිමි නමක් දිවුලපිටියේ තම ඥාතිවරයෙකුගේ නිවසට ඉකුත් දින   වැඩමවා  තිබූ අවස්ථාවක කොරෝනා ආසාදිතයන් රැසක් මේ වනවිට වාර්තා වී ඇති මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලවේ සේවිකාවක්ද එම නිවසට  පැමිණ ඇති බව හෙලිවී තිබීමෙනි.

මෙම හිමිවරුන්ගේ පී.සී.ආර්. පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛරසවේද රසායනාගාරයේදී සිදුකළ බවද වෛද්‍ය සිරිවර්ධන මහතා වැඩිදුරටත් කීය.



අදහස් (2)

කතළුව විහාරස්ථානයේ හිමිවරුන් 16 නමටම කොරෝනා නෑ

kamal Saturday, 10 October 2020 02:59 AM

ධර්මය රකින්නා ධර්මයෙන් රැකේ...

:       3       8

Nihal Saturday, 10 October 2020 06:33 AM

අපරාදේ...

:       9       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 418 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site