IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා අත්හිටුවයි

(තිළිණි ද සිල්වා)

මහජනතාවගේ එක්රැස්වීම සීමා කිරීම සහ කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අද (12) සිට නැවත දැනුම් දෙන තුරු විදේශ කටයුතු  අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් අත්හිටුවීමට එම අමාත්‍යාංශය තීරණය කර ඇත.

මීට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා අත්හිටුවා තිබුනේ ඉකුත් 08 වැනිදා සහ 09 වැනිදා පමණක් වන අතර අද සිට එය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද එම අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය නැවත දැනුම් දෙන තෙක් අමුත්තන් සඳහා වසා තබනු ඇති අතර, ‘අපනයන ලේඛන’ සහතික කිරීම සම්බන්ධ විමසීම් පමණක්, කළින් වේලාව වෙන්කර ගැනීමේ පදනම මත භාරගනු ලැබේ

අපනයන ලේඛන සහතික කිරීම සදහා දුරකථන අංක: 011- 2338812  යන දුරකථන අංකයෙන්ද , විදේශයන්හි දී සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණ හා මරණ සම්බන්ධ ලියකියවිලි ආධාර සම්බන්ධ විමසීම් සඳහා කරුණු විමසීම (011) 2323015 යන දුරකථන අංකය ඔස්සේ වේලාව වෙන්කරගත හැකි බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

මීට අමතරව  [email protected] යන විද්‍යුත් තැපෑල මගින් හා 011) 2446091/+94 (011) 2333450 යන ෆැක්ස් අංක මගින්ද තොරතුරු ලබා ගත හැක.



අදහස් (0)

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31662 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14119 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11105 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site