
(තිළිණි ද සිල්වා)
මහජනතාවගේ එක්රැස්වීම සීමා කිරීම සහ කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අද (12) සිට නැවත දැනුම් දෙන තුරු විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් අත්හිටුවීමට එම අමාත්‍යාංශය තීරණය කර ඇත.
මීට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා අත්හිටුවා තිබුනේ ඉකුත් 08 වැනිදා සහ 09 වැනිදා පමණක් වන අතර අද සිට එය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද එම අමාත්‍යාංශය කියා සිටී.
ඒ අනුව, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය නැවත දැනුම් දෙන තෙක් අමුත්තන් සඳහා වසා තබනු ඇති අතර, ‘අපනයන ලේඛන’ සහතික කිරීම සම්බන්ධ විමසීම් පමණක්, කළින් වේලාව වෙන්කර ගැනීමේ පදනම මත භාරගනු ලැබේ
අපනයන ලේඛන සහතික කිරීම සදහා දුරකථන අංක: 011- 2338812 යන දුරකථන අංකයෙන්ද , විදේශයන්හි දී සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණ හා මරණ සම්බන්ධ ලියකියවිලි ආධාර සම්බන්ධ විමසීම් සඳහා කරුණු විමසීම (011) 2323015 යන දුරකථන අංකය ඔස්සේ වේලාව වෙන්කරගත හැකි බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
මීට අමතරව [email protected] යන විද්‍යුත් තැපෑල මගින් හා 011) 2446091/+94 (011) 2333450 යන ෆැක්ස් අංක මගින්ද තොරතුරු ලබා ගත හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd