(තිළිණි ද සිල්වා)
කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය්ය මණ්ඩල සාමාජිකයන් අතර සහ සුරක්ෂා නිවාසයේ රැකවල් මත සිටින ලාංකික කතුන් අතර කොවිඩ්19 වයිරස ආසාදනය වී ඇති හෙයින් , මහජනතාවට තවදුරටත් වයිරස් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා තානාපති කාර්යාලය තවත් සතියක කාලයකට වසා දමන බව එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
ඒ අනුව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලබන 18 වන දින දක්වා වසා තැබෙන බවද එම තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම කාලය තුළ කුවේටයේ සිටින ලාංකිකයින් ගේ හදිසි සේවාවන් සඳහා [email protected] යන විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ විය හැකි බව කුවේටයේ ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි.
කුවේට්යේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලාංකික සේවකයින් තිදෙනෙකුට හා එම තානපති කාර්යාලය බාරයේ පවත්වන සුරක්ෂා නිවාසයේ ( සේෆ් හවුස්)රැදී සිටින ලාංකික කතුන් 44 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තානාපති කාර්යාලය පසුගිය සැප්තැම්බර් මාසයේ 26 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සති දෙකකට තාවකාලිකව වසා දැමූ අතර ඊයේ (11) දිනයේ නැවත විවෘත කිරීමට නියමිතව තිබිණි.
මෙවැනි තත්ත්වයක් යටතේ තානාපති කාර්යාලයේ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන් හා කොන්සියුලර් සේවා සදහා පැමිණෙන් ලාංකිකයින් ගේ ආරක්ෂාව වෙනුවෙන් හේතුවෙන් තානාපති කාර්යාලය තවත් සතියක කාලයකට තීරණය ගත් බවද එම තානාපති කාර්යාලය කියා සිටී.
එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන රියදුරුට , භාෂා පරිවර්කට හා තවත් සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර තානාපති කාර්යාලයට යාබදව පිහිටි සුරක්ෂා නිවස්නයේ තානාපති කාර්යාල රැකවල් මධ්‍යයේ සිටින මෙරට කතුන් 44 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට කුවේට් සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ඇතැයි එම තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.
මෙම කාන්තාවන් පිරිස ගෘහ සේවය , පවිත්‍ර සේවාවන් ඇතුළු රැකියා වලට පැමිණ පොරොන්දු වු පරිදි වැටුප් නොලැබ , හාම්පුතුන් ගේ විවිධ වද හිංසා වලට ලක්වීම නිසා තානාපති කාර්යාලයේ රැකවල් යටතේ සිටි අය වෙති.
ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිලධාරීන් කොරෝනා වයිරස් ආසාදිතයින් නිරාවරණය වීම නිසා එම තානාපති කාර්යාලය සති දෙකකට වසා දැමූ අතර එය ඊයේ (11) සිට යළිත් මහජනතාවට විවෘත කෙරිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තවත් සතියකට වැසේ
සමිත Sunday, 11 October 2020 04:05 AM
වැඩකරන අපේ විරුවා... තාලෙට කිව්වා නේද? පව් ඔයාලා. දැන්වත් ඇත්ත තේරුම් ගන්න.