සබරගමුවේ වාහන ආදායම් බලපත් නිකුත් කිරීම සති දෙකකට අත්හිටුවයි සබරගමු පළාතේ කෝවිඩ්-19 වෛරසය ආසාදිතවුවන්ගේ ප්‍රමාණය වර්ධනය වීමත් සමග සබරගමුව පළාත් සභාව මගින් සහ පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සති දෙකකට අත්හිටුවන බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේය. 14 October 2020
කොරෝනා නිසා ළමුන් බඩගින්නේ මියයාවි කොවිඩ් - 19 වසංගතයේ බලපෑම හේතුවෙන් 2020 වසරේදී තවත් ළමුන් 10,000ක් පමණ මියයනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් ට්‍රෙඩොස් අද්නාම් ග්රෙබෙයිසිස් පවසයි. 14 October 2020
කොරෝනා ආසාදිත තවත් 113 ක් හඳුනාගනී මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවක පිරිසෙන් කොරෝනා අසාදිත තවත් 113 දෙනකු අද ( 14) හඳුනාගෙන තිබේ. 14 October 2020
ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම කෝටි තුනකින් පහතට කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් කෝටි තුනකින් පමණ පහත වැටී ඇතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ඒ.එච්. පණ්ඩුක මහතා ලංකාදීපයට පැවසීය. 14 October 2020
අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය ඔන්ලයින් ක්‍රමයට අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වීමට එම අමාත්‍යංශය පියවර ගෙන ඇත. 14 October 2020
වැලිකන්ද රෝහල පිටස්තරයන්ගෙන් පිරීයයි පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පිහිටුවා තිබෙන කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව අද (14) දිනය වන විට 121 ක් බව සෞඛ්‍ය අංශ කියයි. 14 October 2020
කටුනායකට ඇඳිරි නීතිය කටුනායක පොලිස් ප්‍රදේශයට හෙට(15) උදෑසන 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධයන ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 14 October 2020
මිනුවන්ගොඩින් මළගෙදරට ආ නිසා බලන්ගොඩත් 15 ක් නිරෝධායනයට බලන්ගොඩ උඩකන්ද ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට සහභාගී වු පුද්ගලයෙකුට ද කොරෝනා ආසාදිත බවට තහවුරු විම නිසා එම ප්‍රාදේශයේ නිවාස 5 ක පදිංචිකරුවන් 15 දෙදෙනෙකු අද (14) පස්වරුවේදි ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. 14 October 2020
දික්ඕවිට ධීවර වරාය දින 6 කට පසු වැඩ අරඹයි කොවිඩ් ආසාදිත ධීවර කාර්මිකයෙකු හමුවීමත් සමගම මීට දින 6 ඉහත දී තාවකාලිකව වසා දැමුණු වත්තල දික්ඕවිට ධීවර වරාය සෞඛ්‍ය අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ විසබීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව 14 යළි සේවා කටයුතු සඳහා විවෘත කළ බව එම ධීවර වරායේ සාමාන්‍යාධිකාරී ජනක මුදලිගේ මහතා පැවසීය . 14 October 2020
සෞඛ්‍ය අනුගමනය නොකරන බස්වල බලපත්‍ර අවලංගු කරයි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද වලට අනුව කටයුතු නොකරන බස්රථවල මාර්ග ගමන් බලපත්‍ර අවලංගු කර නිරෝධායන නීතිය යටතේ දඬුවම් කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. 14 October 2020
දිවුලපිටිය පොකුරට තවත් 17 ක් දිවුලපිටිය කොරෝනා ආසාදිත පොකුරෙන් අද (14) දිනයේ පුද්ගලයින් 17 දෙනෙකු වාර්තා වී තිබේ. 14 October 2020
නවක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 118ක් හෙට සිට වැඩ අභ්‍යාසලාභී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 118 දෙනෙකු කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල කොරෝනා වයිරසය මැඩලීම වෙනුවෙන් කෙරෙන සෞඛ්‍ය කටයුතු සඳහා අද(14) සිට සේවයෙහි අනියුක්ත කරන බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා පවසයි. 14 October 2020
ජර්මනියෙන් ආ 101 ක් නිරෝධායනය වී ගෙදර යති වව්නියාව පෙරියකාඩු යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 101 දෙනෙකු අද (14) දින නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීමෙන් පසුව ඔවුන්ගේ නිවෙස් වෙතට රැගෙන යාමට යුද හමුදාව විසින් පියවර ගනු ලැබීය. 14 October 2020
ගම්පහට ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඉල්ලයි ගම්පහ දිස්ත්‍රික්කයේ රාජකාරි කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහාය සඳහා පුහුණුව ලබන ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 50 දෙනෙකු කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයෙන් ඉල්ලා ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එච්. ගුණතිලක මහතා පවසයි. 14 October 2020
කොරෝනා පළමු කතට කලින් රෝග ලක්ෂණ පෙන්නුම් කළ 33 ක් කම්හලේ ඉඳලා බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් පළමු කොරෝනා රෝගී කාන්තාව හමුවීමට පෙර කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ තිස්තුන්දෙනකු සිට ඇතැයි තොරතුරු වාර්තා වී තිබෙන බවත් මේ අනුව ආයතනයේ සේවකයන්ට රෝගය බෝවන්නට ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ දහය සහ විස්ස අතර කාලයේදී බවත් කොවිඩ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 14 October 2020
වේයන්ගොඩ ගුරු විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයකට කොවිඩ් 19 ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස වේයන්ගොඩ, පත්තලගෙදර සියනෑ අධ්‍යාපන පීඨය යොදා ගැනීමට තීරණය කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි. 14 October 2020
කහපොල පිරිවෙනක හිමිවරු 69 ක් නිරෝධායනයට කහපොල , සිලුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 89 දෙනකු එම පිරිවෙන තුළම අද (14) නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලිසිය කියයි. 14 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1591 ට ගනී මිනුවන්ගොඩ පොකුරෙන් අද (13) රාත්රියේදී (8.50 වන විට) තවත් කොරෝනා ආසාදිතයින් 145 ක් වාර්තා වී තිබේ. 13 October 2020
ඇඟළුම් කම්හල්වලට විශේෂ මාර්ගෝපදේශ මාලාවක් පවතින කොවිඩ්-19 රෝග තත්ත්වය සීග්‍රයෙන් පැතිර යාම හමුවේ ඇඟළුම් කර්මාන්තය පවත්වාගෙන යාමට අදාලව විශේෂිත වූ මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. 13 October 2020
මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයන් 160 ක් කොළඹින් මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනය තුළින් නිර්මාණය වූ ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත පොකුරට සම්බන්ධ වයිරස ආසාදිතයන් 160 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා කොළඹදී අද (13) පැවැසීය. 13 October 2020
කටුනායක - සීදුව තවත් ආසාදිතයන් 57 ක් කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිතයන් 57 දෙනෙකු අද (13) හඳුනා බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය . 13 October 2020
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීම අත්හිටුවයි මාළිඟාවත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට බාහිර පුද්ගලයන්ගේ (විශ්‍රාමිකයන්ගේ) පැමිණීම අද(13) සිට නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව අත්හිටුවා ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. 13 October 2020
’2000ක් නිරෝධායනය කළ හැකි මධ්‍යස්ථාන ඉදිකරමින්’ රටේ පවතින තත්වය හමුවේ පුද්ගලයන් 2000 ක පිරිසක් නිරෝධායනයට යොමු කළ හැකි මධ්‍යස්ථාන කිහිපයක් ම යුද හමුදාව විසින් ස්ථාපිත කරමින් පවතින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 13 October 2020
මිනුවන්ගොඩ පොකුරට තවත් ආසාදිතයින් 49 ක් මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් අද (13) දිනයේ කොරෝනා ආසාදිතයින් 49 ක් වාර්තා වී තිබේ. 13 October 2020
බොරැල්ලේ වෙළඳසැල් 6ක් වහයි කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු ගිය බව කියන බොරැල්ලේ වෙළඳසැල් 6ක් තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය කියයි. 13 October 2020
සියලු ආයතනවල සේවකයන්ගේ තොරතුරු දින 3ක් තුළ යාවත්කාලීන කරන්න සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනනවල සේවක සේවිකාවන්ගේ පෞද්ගලික තොරතුරු, ඉදිරි දින තුන තුළදී යාවත්කාලීව කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 13 October 2020
කොරෝනා එන්නත් සන්ධානයට රටවල් 180ක් දුප්පත් සහ පොහොසත් රටවලට සමානව ‘කොවිඩ්-19’ එන්නත ලබාදීමේ ක්‍රියාවලියට මේ වනවිට චීනය ඇතුළු රටවල් 180කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 12 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1397ට නගී මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ ආසාදිතයන් පොකුරට තවත් ආසාදිතයන් 51දෙනෙකු අද(12) හඳුනාගෙන ඇත. 12 October 2020
පට්ටිතෝට්ටම්-පෙරියකඩෙයි ගම්මාන යළි විවෘතයි හුදකලා ගම්මාන ලෙස නම් කළ මන්නාරම පට්ටිතෝට්ටම් සහ පෙරියකඩෙයි ගම්මාන අද(12) සවස 6.00න් පසු නැවත විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 12 October 2020
මුදල් නෝට්ටු- දුරකථන මුහුණත්වල දින 28 ක් කොරෝනා කොවිඩ් - 19 වයිරසය මුදල් නෝට්ටු, දුරකථන මුහුණත් සහ මළ නොබැඳෙන වානේ වැනි පෘෂ්ඨ මත සජීවීව දින 28ක පමණ කාලයක් පැවතිය හැකි බව නවතම සොයාගැනීම් වලින් තහවුරු වී ඇතැයි පර්යේෂකයෝ පවසති. 12 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026