(ටෝනි කරුණානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ රාජකාරි කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහාය සඳහා පුහුණුව ලබන ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 50 දෙනෙකු කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයෙන් ඉල්ලා ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එච්. ගුණතිලක මහතා පවසයි.
එම ඉල්ලීම අනුව පැමිණෙන ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ නේවාසික පහසුකම් සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිමේ අධිකාරියට අයත් නයිවල පිහිටි මධ්‍යස්ථානය සුදානම් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසිය.
කොයිඩ් 19 ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්තවීම අවම කරගැනීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 175 දෙනා ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය සදහා එම ආධුනික මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් යෙදවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පොඩි එවුන් කඩේ යවන්න හදන්නේ...