
(ක.ග. කරුණාරත්න)
පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පිහිටුවා තිබෙන කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව අද (14) දිනය වන විට 121 ක් බව සෞඛ්‍ය අංශ කියයි.
එම සංඛ්‍යාව වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් නේවාසිකව ප්‍රතිකාර ලබාදිය හැකි හැකි උපරිම ධාරිතාවය බවද වෛද්‍යවරු සඳහන් කළහ.
වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ඇතුළු සියළුම සෞඛ්‍ය සේවාවන් සිදුකරනු ලබන්නේ පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල මගිනි.
එසේ වුවද උපරිම ධාරිතාව තෙක් රෝගීන් පැමිණීම තුලින් එම සේවාවන් සැපයීමේ ගැටළු මතුවන බව වෛද්‍යවරු පවසති.
වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් වැඩි පිරිසක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කම්හලෙන් හමුවූ කොරෝනා රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා සමීපතමයෝ වෙති.
ඔවුන්ගෙන්ද වැඩි දෙනා කාන්තාවන් බව කියති. ඒ අතර අවුරුදු 5,7,8,9,11,12 යන වයස් කාණ්ඩවල පසුවන දරුවන්ද සිටින බව පැවැසේ. ඉතිරි පිරිස විදේශගතව සිට මෙරටට පැමිණි කොරෝනා ආසාදිතයින් බවද සඳහන්ය.
මේ රෝගීන් කිසිවෙකුත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් නොවන අතර පිට ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ සඳහන් කලේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලිකන්ද රෝහල මේ කෝවිඩ් වසංගතය නිසාම ඒ රෝගීන් වෙනුවෙන් වෙන් කෙරුනේ පලවෙනි රැල්ල ආව වෙලාවේ. ඒ කියන්නේ මුලු රටේම කෝවිඩ් ආසාධිත රෝගීන් වෙනුවෙන්. ඉතින් දැන් අමුතුවෙන් දාන්න ඇයි පිටස්තරයින්ගෙන් කියලා. ඒ රෝගීන් පිටසක්වලින් ආව අය නෙමෙයි. එහෙම බැලුවොත් අයි.ඩී.එච්. එකේ ඉන්න ඒ පළාතේ අයත් නෙමෙයිනේ.
ඉතින් මොකද? හැමෝම ලංකාවේ මිනිස්සුනේ... තමන්ගේ පළාත්වල රෝහල්වල ඉඩ නැතුව ඇති.