IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


සෞඛ්‍ය අනුගමනය නොකරන බස්වල බලපත්‍ර අවලංගු කරයි

(ජයන්ත සමරකෝන්)

 

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද වලට අනුව කටයුතු නොකරන බස්රථවල මාර්ග ගමන් බලපත්‍ර අවලංගු කර නිරෝධායන නීතිය යටතේ දඬුවම් කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

මේ වන විට බස්නාහිර පළාතේ ආසන ගණනට බස්රථ ධාවනය සිදුවන අතර අද (14) වන විට බස්රථ 2304 ක් ධාවනය වී ඇතැයි එහි සභාපති බී.ඩබ්ලිව්.ප්‍රසන්න සංජිව මහතා පැවසීය.

කොවිඩ් - 19 සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උල්ලංඝනය කරමින් අසීමිත ලෙස මගීන් පටවාගෙන ධාවනය වූ මාර්ග අංක 441 අලුත්ගම-මතුගම පෞද්ගලික බස්රථයක් පරික්ෂා කර එහි ගමන් වාර අත්හිටුවා අවවාද කළ බව හෙතෙම පැවසීය.



අදහස් (3)

සෞඛ්‍ය අනුගමනය නොකරන බස්වල බලපත්‍ර අවලංගු කරයි

සිරි Wednesday, 14 October 2020 11:54 AM

අනේ මහත්වරුනේ. ඔබලා මේ වනවිටත් අපිට ඕනෑවටත් වැඩිය විහිළු සපයලා තියෙනවා. ඒ නිසා අපිට මීට වඩා විහිළු සපයන්නත් එපා. මිනිස්සු ආසාවට හිර වෙලා පොඩිවෙලා යන්නේ නෑ. කෝචිචි, බස් හැම එකක්ම. අවශ්‍යතාවයට වඩා අඩුවෙන් ධාවනය වෙන්නේ. එහෙම වෙද්දි අමුතුවෙන් කොරෝනා ආවා කියලා ඔය විදියට යන්න නම් අවශ්‍යතාවයට සරිලන බස් හා කෝචිචි ධාවනය කරවන්න. සීත කාමරවල ඉඳගෙන ටයි දාගෙන ගන්න තීන්දු මහපොළවේ යථාර්ථයට ගැලපෙන්නෙ නෑ.. අප්‍රසන්නයි හැම එකෙක්ම.

:       0       0

Namal Wednesday, 14 October 2020 12:03 PM

ඔය බස් නෙමේ... පුළුවන් නම් චෙක් කරන්න දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස්රථ.. විශේෂයෙන් ඇල්පිටිය බස්වල. ඒ වගෙත් ගෙනියනවා පොල් පටවලා වගේ මගීන්. කවුළු ළංවෙද්දී අනිත් මිනිස්සුන්ගේ අස්සේ වාඩි කරවනවා. සමහරු මාස්ක් වත් දාගෙන නෙමෙයි ඉන්නේ සල්ලිම විතරයි බලන්නේ... මේ ළඟදී ඔය ගැන කතා කරලා කොන්දොස්තර මට බැනලා බැනලා යන්න බැරිනම් බැහැපන් කිව්වා. ඕන තැනකට ගිහින් කියන්න කිව්වා. ඔන්න තත්වේ. අමු මදාවි ඉන්නේ ඔය බස්වල. අධිවේගී මාර්ගයේ කිසිම නීතියක් පිළිපදින්නේ නෑ. ටිකට් කඩන්නේ බස් එක ධාවනය වෙන ගමන්... කන පැලෙන්න ටකරන් සින්දු. මේවා කිසිම පිටවෙන කවුළු ළඟදි පරික්ෂා කරන්නේ නෑ. පොලිසියට සහ ඒ කවුන්ටර් වල ඉන්න අයට සල්ලි දීලා ශේප් කරගන්නවා. එයාලා දන්නවා ගාන අතට එනවා කියලා.. මිනිස්සුන්ට හෙන ගහලා ගියත් එච්චරයි. අඩු ගානේ සැනිටයිසර් එකක් වත් නෑ බස්වලට නගිද්දී... වගකීමෙන් කියන්නේ මාස්ක් නැතුව හතර, පස් දෙනෙක් නම් යනවාම තමයි. කොවිඩ් නෙමේ හැදෙන්නේ වෙන ලෙඩ. ලැජ්ජයි පොලිසියේ අය ගැන නම් සල්ලිවලට රාජකාරිය කරන විදිය දැක්කාම. මේවා බලන්න ඉන්න අයගේත් කොන්ද පණ නෑනේ. දවසක් දෙකක් කරලා නවත්තනවා.

:       0       0

සත්‍ය මාතර Wednesday, 14 October 2020 12:28 PM

නිලය තිබෙන අය බලය පාවිච්චි කරලා සමාජයට යහපතක් කරන්න. ඒත් නිලය තියෙන අය බලය පාවිච්ච් කරන්නේ සමාජයේ යහපතටද කියන එක ගැටලුවක්. ලංකාව මෙතරම් පිරිහුනේ නිලය තියෙන අය බලය සමාජයේ යහපතට පාවිච්චි නොකරපු නිසා. බලය පාචිච්චි කලේ වෙනත් දේවලට. කෝවිඩ් පතුරුවන්න ඉඩ දෙනවා කියන්නේ, මිනී කරන්න ඉඩ දෙනවා කියන එක හා සමානයි. ඒ නිසා සමාවක් අවශ්‍ය නැහැ. කෝවිඩ් වලට අනුගත වෙන්න නම් කාටත් සමානව කටයුතු කළ හැකි නීති පද්ධතියක් අවශ්‍යයි. නීතියට බය වෙන්නේ වැරදි කරන අය. තවමත් අම්බලන්ගොඩ පැත්තේ නම් බොහෝ දෙනෙක් මුඛ අවාරණ පාවිචිච් කරන්නේ නැහැ. බස් රථයට නොවෙයි සාමාන්‍යයෙන් වෙළඳ පළට ගියත් අද මුඛ ආවරණයක් පළඳින එක හොඳයි. ඒ වගේම බස් අයිතිකරුවන්ගේ ගැටලු වලටත් රජය විසින් සාධාරණ විසඳුමක් දෙන්න අවශ්‍යයි. ඒ නිසා බස් ගාස්තුව සාධාරණ මුදලකින් වැඩි කරන්න. ඒකට කාටවත් ඒකට විරුද්ධ වෙන්න දෙයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31656 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14103 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11103 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site