(ජයන්ත සමරකෝන්)

 

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද වලට අනුව කටයුතු නොකරන බස්රථවල මාර්ග ගමන් බලපත්‍ර අවලංගු කර නිරෝධායන නීතිය යටතේ දඬුවම් කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

මේ වන විට බස්නාහිර පළාතේ ආසන ගණනට බස්රථ ධාවනය සිදුවන අතර අද (14) වන විට බස්රථ 2304 ක් ධාවනය වී ඇතැයි එහි සභාපති බී.ඩබ්ලිව්.ප්‍රසන්න සංජිව මහතා පැවසීය.

කොවිඩ් - 19 සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උල්ලංඝනය කරමින් අසීමිත ලෙස මගීන් පටවාගෙන ධාවනය වූ මාර්ග අංක 441 අලුත්ගම-මතුගම පෞද්ගලික බස්රථයක් පරික්ෂා කර එහි ගමන් වාර අත්හිටුවා අවවාද කළ බව හෙතෙම පැවසීය.