
(*** සුජිත් හේවාජුලිගේ)
බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් පළමු කොරෝනා රෝගී කාන්තාව හමුවීමට පෙර කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ තිස්තුන්දෙනකු සිට ඇතැයි තොරතුරු වාර්තා වී තිබෙන බවත් මේ අනුව ආයතනයේ සේවකයන්ට රෝගය බෝවන්නට ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ දහය සහ විස්ස අතර කාලයේදී බවත් කොවිඩ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
කොරෝනා වයිරසය ඒ ස්ථානයට පැමිණියේ කෙසේදැයි නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බව කී යුද හමුදාපතිවරයා ස්ථිර තහවුරු වීමක් නොමැතිව රෝගයේ ඇත්තම කොන මේ යැයි ප්‍රකාශ කිරීම සාධාරණ නැති බව ද ප්‍රකාශ කළේය.
යුද හමුදාපතිවරයා මෙසේ ද කීය.
“බ්‍රැන්ඩික්ස් කම්හලේ ඔය කාන්තාව අසනීප වෙන්න කලින් කණ්ඩායමක් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණවලින් පෙළිලා තියෙනවා. තිස්තුන්දෙනකුගේ පමණ කණ්ඩායමක්. මේ ලක්ෂණ වාර්තා වෙලා තියෙන්නේ 21 වැනිදා වනවිටයි. 15 වැනිදාත් එක්කෙනකු ඉඳලා තියෙනවා. ඒ සියලු තොරතුරු බැලුවාම දහයයි විස්සයි අතර කාලයේදී තමයි මේ අයට බෝවිය යුත්තේ.
අපි මුලින්ම දහදෙනකු ඉලක්ක කරගන්නවා. ඒ දහදෙනාගෙන් අපි එක්කෙනකු පස්සේ හඹාගෙන යද්දී මේක විහිදිලා ගොස් තිබුණා බන්ධනාගාරයට. බන්ධනාගාරයට ගිහිල්ලා අපි පරීක්ෂා කළාම ඉන් එහාට ඒක ගිය බවක් පෙනුණේ නැහැ. ඊට පස්සේ අපි තව මාර්ගයක ගියා. ඒ කාන්තාවක පස්සේ. ඒ මාර්ගයේ යද්දීත් ඒක යම්කිසි තැනක නැවැතිලා තිබුණා. ඊට පසුව තෙවැනි කාන්තාවටත් යනවා. දසදෙනා ගැනම හොඳට හොයලා බැලුවා. ඒ වගේම තවදුරටත් සොයා බලමින් සිටිනවා. නමුත් මේක ආවේ කොහොම ද කියල නිශ්චිතවම කියන්න තවම හැකියාව ලැබිලා නැහැ. යම් තැන්වලට ගොස් තිබෙනවා. නමුත් විශ්වාසයක් නැතිව ඇත්තම කොණ මේකයි කියන්න මම කැමැති නැහැ. ඒක සාධාරණ නැහැ.
මේ වනකොට දසදහස් පන්සියයක් නිරෝධායනය වෙනවා. තවත් දෙදහසකට නිරෝධායන පහසුකම් අලුතින් ඇති කළා. නිරෝධායන මධ්‍යස්ථාන අනූහයක් අද වෙනකොට ක්‍රියාත්මක වෙනවා. අපි පනස් එක්දහසක් නිරෝධායනය කර සමාජගත කරලා තියෙනවා. අපිට බැහැයි කියලා දෙයක් නැහැ. රටේ ජනතාව වෙනුවෙන් අපි ඒ වැඩේ හරියටම කරනවා. ජනාධිපතිතුමා ඒ උපදෙස් නියම වෙලාවටම හරියට දෙනවා. හමුදාව ඕනෑම ගණනක් නිරෝධායනය කරන්න සූදානම්.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හනේද කියන්නේ..?
ඔබතුමාට පුළුවන් බව අපි දන්නවා. නමුත් පිටරට ඉන්න අපිව ගෙන්න ගන්න කිසිම වුවමනාවක් නැහැ කියන එක මේ සිදුවීම්වලින් හොඳටම පේනවා.
ඒ අය නැතිව තව අය ඉන්නවද? ඒ ඈයෝ මේ ඈයෝ නැතිව තවත් ඈයෝ ඉන්නවද?
මේ මිනිස්සුන්ට අපරාධකරුවන් සේ සැලකීමෙන් වැළකිය යුතුයි. පස්සේ හඹායන්න මොවුන් දුවනවද?
33 ක් ඉඳලා කියන්නේ කොරෝනා මර්ධන වැඩපිළිවෙළේ ඉන්නා අය ඇයි මේ ගැන සොයා නොබැලුවේ..? කොරෝනා මර්ධන වැඩපිළිවෙළේ අය නිසි පිරිදි තම වගකීම් ගැන පෙර කළා මෙන් උනන්දු වුණා නම්, මේ ව්‍යසනය වෙන්නේ නැහැ. ඒක තමයි තිත්ත ඇත්ත. දැන් රට සනසන්න මොනවා කිව්වත් ඒවා නිෂ්ඵල දේවල්. ගිය නුවණ අද්දවන්න ඇතුන් ලවාවත් බැරිලු...
විදෙස් විනිමය ගේනවා කියලා අත පිහිදා ගන්න බැහැ. රත්තරන් කියලා පිහියෙන් ඇන ගන්න බැහැ නේද? මෙම ආයතනය සෞඛ්‍ය උපදෙස් පිලිපැදලා නැහැ. රෝගීන් ඉන්දෙද්දී ඕඩර් එක ගැන විතරයි හිතලා තියෙන්නේ. ඔවුන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
තමුන්නාන්සේලා කියනවා... අපි අහනවා.
ඇඟලුම් කර්මාන්තශාලාවල සුලු සේවක සේවිකාවන් (විශේෂයෙන් සේවිකාවන්) නිරන්තරයෙන්ම සමාජයේදී මෙන්ම සේවා ස්ථානයේදීද පීඩනයට ගොදුරු වේ. විශේෂයෙන් ලිංගික අපයෝජන ඉතාමත් බහුල මෙම ක්ෂේත්රයේ සේවක සුබසාධනය ඉතාමත් ප්‍රාථමික අවධියක පවතී. වගකිවයුත්තන්ගේ ඇස් ඇරීමට දැනටමත් ප්‍රමාදයි...
රට ඇතුලෙ කොරොනා වැඩිවෙනකොට, සතියකින් දෙකකින් නිරොධායන මධ්‍යස්ථාන හැදෙනවා. ඒත් අර මැදපෙරදිග ඉන්න අහිංසක මිනිස්සු ගෙන්නන්න කියද්දී නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ නෑ කිව්වා නේද? ඇයි ඔයගොල්ලෝ හිතුවේ නැත්තේ ඒ මිනිස්සුත් අපේම මිනිස්සු කියලා...? එතකොට අර මැදපෙරදිග මැරුණු මිනිස් ජීවිත ඔහේ නිකරුනේ මැරෙන්න දීපුවා නේද.. පාස්කු දා ප්‍රහාරයත් වගේම තමයි නේද ඒකත්..?
මෙච්චර තද නිරෝධායන නීති තිබියදීත්, කොහොමද ආවේ කියලා තාම හොයාගන්න බෑ...
අවුලක් නෑ..සර් සැමන් අඩුවට දෙනවා. ඒ ඇති.., ඉන්න රටත් තියෙනවා.
අපරික්ෂාකාරි සහ ආත්මාර්ථකාමී ක්‍රියාමාර්ග ගැනීම තුළින් "බ්‍රැන්ඩික්ස් පොකුර" නිර්මාණය කර කොරෝනාව බ්‍රෑන්ඩ් කිරීම නිසා මේ වසරේ හොඳම ව්‍යවසායකයා සම්මානය ලබාගන්නේ...
යුද හමුදාපතිතුමනි, ඔබටත් සමස්ථ ත්‍රිවිද හමුදාවටත් පොලිසියටත්, අතිගරු ජනාධිපතිතුමාටත්, සෞඛ්‍ය අංශයේ සියලු නිලධාරි මහත්ම මහත්මීන්ටත් අපේ ගෞරවය හිමිවේ. එහෙත් මේසා අපරාධයක් කළ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කළමනාකාරීත්වයට එරෙහිව නීති්මගින් කටයුතු කර, දැනදැන කරපු අපරාධයට විශාල වන්දියක් අයකර ගැනීමට කටයුතු කරන්න. එවිට එය අනිකුත් ආයතන වලටත් පූර්වාදර්ශයක් වෙනවා ඇත. එසේ නොවන්නට ඔය කියන එකම ආයතනයක් වත් කෝවිඩ් ගණන් ගන්නේ නැත. එය එසේ කළ නොහැකි නම් තෙල් නැවේ කැප්ටනුත් නිදහස් කරන්න කටයුතු කළාට වරදක් නැත. එබැවින් හැම එකටම දාන කොමිෂන් සභාවක් බ්‍රැන්ඩික්ස් අපරාධය හෙළිදරව් කරගන්න පත්කර, එම ආයතනයේ සේවය කරන අයගේ සාක්ෂි මත අවශ්‍ය කටයුතු කිරීමේ ඇති වරද මොකක්ද? අපේ ජීවිත විනාශ නොවුණු බව ඇත්ත... ඒත් අපේ එදිනෙදා වැඩ කටයුතු කොතරම් පාඩු වුණාද? මට නම් ජීවත් වෙන්න අතක් ඇත්තේම නැහැ. මම වගේ තවත් අය මේ සමාජයේ ඕනෑතරම් ඇති... කෝවිඩ් දහවරක් හැදුණත් මැති ඇමති වරුන්ට ගාණක් නැහැ. ඒ නිසා බ්‍රැන්ඩික්ස් අපරාධ කරුවන් සම්බන්ධයෙන් ඉක්මණින්ම නීතිය ක්‍රියාත්මක කරන්න.
ආයතනවලට දීලා තිබුණු උපදෙස් පිළිපැදලා නැති නිසා රටම මේ වසංගතයට ගොදුරු වුණා නේද? කෝ මේවාට විරුද්ධ පියවර..?
සුදුහුණු ගෑම නවතා, ජනතාවට සේවය කිරීමට සැරසෙනු.