
කොවිඩ් - 19 වසංගතයේ බලපෑම හේතුවෙන් 2020 වසරේදී තවත් ළමුන් 10,000ක් පමණ මියයනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් ට්‍රෙඩොස් අද්නාම් ග්රෙබෙයිසිස් පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ පැවති කෘෂිකර්ම සමුළුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා තිබේ.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ගේ ප්‍රමාණය මේ වසරේදී 14% කින් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මොවුන් වැඩි පිරිස අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ ජීවත් වන දරුවන් බවත් එය සංඛ්‍යාත්මකව මිලියන 6.7ක් පමණ බවත් ඔහු පවසයි.
"අත්‍යාවශ්‍ය සේවා, ළමා පෝෂණය, පවුල් සැලසුම් ඇතුළු තවත් බොහෝ දේ සඳහා වසංගතය බරපතල ලෙස බාධා ඇතිකර තිබේ. දුප්පතුන් අත්හැර දමා ධනවතුන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලැබීම අප අනුමත කරන්නේ නැත." යනුවෙන් ග්රෙබයිසිස් මහතා සඳහන් කළේය.
රොයිටර් පුවත් ඇසුරිණි
085
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි ට්‍රම්ප් කිව්වේ ලෙඩ කියලා වහන්න බැහැ රට.. වැහැව්වාම ඊට වඩා ලොකු ප්‍රශ්න වෙනවා කියලා.. කෙල වෙන්න කලින් කිව්වාම බනිනවා මෑන්ස් චයිනා ගැන කිව්වාම අපේ ලන්කන් අය බැන්නා මෑන්ස්ට, දැන් FB එකේ වැලලෙන්න හදනවා.. අයිතිකාරයා ඇවිත් ඉඩම් බලනවා මුරකාරයා පස්සෙන් යනවා කියලා..
කොරෝනා නිසා ළමුන් පමණක් නොවේ ලංකාවේ ආර්ථිකය හොඳින් කළමනාකරණය නොකලොත් ආර්ථිකය වැටෙනවා 70 - 77 යුගයට.
දැන් ඕක ලංකාවෙත් වලා තියෙන්නෙ. නොකිව්වට මිනිස්සු ජිවත් වෙන්නෙ බොහොම ආමාරැවෙන්. බඩගින්නෙ මැරෙන එකක් නැහැ. ඒත් පෝෂනය අතින් ගොඩක් පහලට යාවි. පාලකයෝ පාර්ලිමේන්තුවෙදි අනවශ්‍ය දේවල් වලට කාලය ගත කරනවා. එකි නෙකාට අපහාස කර ගන්නවා. මහජන මුදල් කනවා.
ලංකාවේ එහෙම වෙන්නේ නෑ. පරිප්පු සැමන් ඕන තරම් තියෙනවා. අපේ වීරෝධාර රණවිරුවො කුඹුරු කරලා බත සපයනවා. සිසු විරුවන්ට තියෙන්නෙ කාල බීල ඉගෙන ගන්න. අපේ සර් ඉන්නකන් අපිව බඩගින්නෙ මැරෙන්නෙ නෑ.
මේ ලෝකේ හැම ලොක්කෙක්ම සල්ලි විසි කරලා තමන්ගේ සියලු වැරදි වහ ගන්නවා.