
කටුනායක පොලිස් ප්‍රදේශයට හෙට(15) උදෑසන 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධයන ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවල කටයුතු පවත්වාගෙන යා හැකි අතර, ඒ සඳහා පැමිණිය යුතු සේවක සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවද යුද හමුදාපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම ඇඳිරි නීතියක්...
අර මත්තල ගුවන් යානේ කට්ටිය හොර පාරෙන් යවන්නේ නැතිව හරියට රාජකාරිය කරානම් මෙහෙම වෙන්නේ නැහැනේ. දැන් විඳවපන්කෝ අහිංසක මිනිස්සු. ලොක්කන්ට නම් මොකද රටෙන් කාපු සල්ලි තියෙනවනේ..
මේ විදිහට ඇඳිරිනීතිය දාන එකේ තේරුම මොකක්ද? කටුනායක කලාපේ තමයි රෝගීන් ගොඩක් ඉන්නේ..
වාචික චක්‍රලේඛය සැබෑ වෙනසක් ඇති කර ඇති අතර එය ඔප්පු කර ඇත. විධානය නිකුත් කරන්නේ කවුද හෝ තීරණ ගන්නේ කවුදැයි කිසිවෙකු දන්නේ නැත. සෑම කෙනෙකුම උනන්දු වන්නේ කිසිවක් නොකර මාධ්‍ය හරහා ඔවුන්ගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට පමණි.
ඇඟලුම් කම්හල් සේවකයන් අතර කොරෝනා පැතිරේ. ඔවුන්ට සේවයට යාමට අවසර ඇත. ඔවුන් සේවයට යන අතරතුර කටුනායක සාමාන්‍ය පුරවැසියන් සමග ඇතිවිය හැකි සම්බන්ධතා අවම කරගන්න මුලු කටුනායකටම ඇඳිරිනීතිය දමා ඇත. අනේ මෙහෙම මෝඩ තීන්දුවක්..