පෑලියගොඩ මාලු වෙළඳ සංකීර්ණයේ 49 ක ට කොරෝනා පෑලියගොඩ මාලු වෙළඳ සංකීර්ණයේ 49 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. 21 October 2020
කොරෝනා අසාදිත ගණන මිලියන 40 ඉක්මවයි ඇමෙරිකා එක්සත් ජනපදයේ නවතම දත්තවලට අනුව ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 40.5 ඉක්මවා ගොස් ඇති අතර, වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන මිලියන 1.1 ඉක්මවයි. 21 October 2020
කොටුව පොලීසිය යළි විවෘත කරයි වෙනත් පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් නිලධාරීන් යොදවා කොටුව පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු යළි ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. 21 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් ආසාදිතයන් 120 ක් මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (20) රාත්‍රී 9.50 වන විට තවත් ආසාදිතයන් 120 දෙනෙකු එක් වී තිබේ. 20 October 2020
හයිඩ්රාමනි ආසාදිතයාත් සුව අතට හයිඩ්රාමනි සමූහයේ කාර්ය මණ්ඩලයෙන් හමු වූ නව කොරෝනා වයිරස ආසාදිත රෝගියා මේ වනවිට සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බවත් එම සමූහයේ කාර්ය මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 20 October 2020
හැටන් නැෂනල් බැංකු මූලස්ථානයේ කොරෝනා නෑ කොළඹ ටී.බී. ඡායා මාවතේ පිහිටි ‘එච්.එන්.බී. ටවර්ස්’ ගොඩනැගිල්ලේ 19 වැනි මහලේ සේවය කරන කිසිවකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වී ඇති බව හැටන් නැෂනල් බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 20 October 2020
කොරෝනා මාස් හෝල්ඩිංග්ස් සමූහයත් ආක්‍රමණය කරයි ‘කොවිඩ්-19’ අධි අවදානම් කලාපවල පදිංචි සිය සේවක සේවිකාවන් කිහිපදෙනකුටම නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එම්ගඒගඑස්ග (මාස්) හෝල්ඩින්ග්ස් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයිග 20 October 2020
කටුනායක වෙළඳ කලාපයෙන් තවත් ආසාදිතයින් 44 ක් ගත වූ පැය 24 ක කාලය තුළ, එනම් අද (20) සවස 4.00 වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 77 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 44 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ රැකියා වල නියුතු සේවකයින් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය. 20 October 2020
බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙක්ට කොරෝනා බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකුට කොරෝනා වයිරසය ආසාදත වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 20 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් 60ක් මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද(20) පස්වරු 2.32 වන විට තවත් ආසාදිතයන් 60දෙනෙකු එක් වී තිබේ. 20 October 2020
පන්නල ඇඟලුම්හළක අංශ 3 ක් වහයි පන්නල පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමඟම එම කර්මාන්ත ශාලාවේ අංශ 03 ක් අද (20) තාවකාලිකව වසා දමා ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 20 October 2020
පන්නල ඇලබඩගම කොටසක් හුදෙකලා කරයි පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ඇලබඩගම නැගෙනහිර ග්‍රාමසේවා වසමේ ආනන්ද රණවිරු මාවත හුදෙකලා කර ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 20 October 2020
කොරෝනා වයිරසයට සම මත පැය 9ක් රැඳෙන්න පුළුවන් ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසයට මිනිස් සම මත පැය 9කට ආසන්න කාලයක් රැඳී සිටිය හැකි බව අනාවරණය කරගැනීමට ජපාන පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. 19 October 2020
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 224 ට නගී ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) සවස 4.00 වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 39 දෙනෙකු වාර්තා වී ඇත. ඉන් 10 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින්ද, තවත් දෙදෙනෙකු මෙම කලාපයට පිටතින් පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලින්ද සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය. 19 October 2020
මිනුවන්ගොඩ පොකුරට තවත් ආසාදිතයන් 40 ක් මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුරට අද (19) පස්වරුවේදී (6.55 වන විට) තවත් ආසාදිතයින් 40 දෙනෙකු එක් වී තිබේ. 19 October 2020
කුලියාපිටියේ දේවමෙහෙයට සහභාගී වූ තවත් 14 කට කොරෝනා සංචරන සීමා පවා පනවා තිබියදී කුලියාපිටියේ එක්තරා ආගමික නිකායක පල්ලියක දේවමෙහෙයක් සඳහා සහභාගී වූ බව කියන පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව ඊට සහභාගී වූ තවත් 14 කට කොවිඩ් වෛරසය ආසාදිත වී ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 19 October 2020
කොරෝනා ඌරගස්මංහන්දියේ කොටසක් වසාදමයි කොරෝනා රෝගියෙකු බවට පී.සී.ආර්. පරික්ෂණයකින් තහවුරු වූ අහුන්ගල්ල කටුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඉකුත් 14 (බදාදා) දින ඌරගස්මංහන්දිය නගරයට පැමිණ තිබූ බව හෙළි වීමත් සමග ඔහු පැමිණි බව කියන ව්‍යාපාරික ස්ථාන ඇතුළු ස්ථාන 5ක් වසාදැමූ බව සෞඛ්‍ය අංශ පවසයි. 19 October 2020
දෙයියන්දරිනුත් කොරෝනා ආසාදිතයෙක් දෙයියන්දර නෙරලම්පිටියේ පදිංචි 52 හැවිරිදි තිදරු පියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණයක දී අද (19) තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසයි. 19 October 2020
ආසාදිත සිසුවියක් හමුවීමෙන් 160 ක් විශේෂ විභාග ශාලාවකට ගම්පහ නගරයේ උසස්පෙළ විභාගය පැවැත්වෙන පාසලක කොවිඩ් - 19 ආසාදිත සිසුවියක් හමුවීමෙන් එම විදුහලේ විභාග ශාලාවේ සිටි සිසුවියන් 160 දෙනෙකු වෙනුවෙන් විශේෂ ශාලාවක අද (19) සිට විභාගයට පෙනී සිටීමට අධ්‍යාපන බලධාරීන් පියවර තිබේ. 19 October 2020
කොරෝනාව මිල්ලනියටත් යයි මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වෙනිවැල්පිටිය ග්‍රාමයේ කාන්තාවකට කොරෝනා ආසාධිත බවට තහවුරු වී ඇතැයි මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පී වමින්ද කුමාර මහතා පවසයි. 19 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් 47ක් මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද(19) මේ වනවිට 2122කි. 19 October 2020
දිනකදී කොරෝනා ආසාදිතයින් ලක්ෂ 4 ක් දිනක් ඇතුළත වාර්තා වූ ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන පළමු වරට ඉකුත්දා (16) 400,000 ඉක්මවා ගියේය. 18 October 2020
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් 39 ක් මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුරට අද (18) දිනයේ තවත් ආසාදිතයින් 39 දෙනෙකු එක් වී තිබේ. 18 October 2020
දිවුලපිටිය දිසා රෝහල තාවකාලිකව වසා දමයි දිවුලපිටිය දිසා රෝහලේ සුළු සේවා පාලක කොවිඩ් 19 ආසාධිතයෙකු බවට අනාවරණය වීමෙන් අනතුරුව එම රෝහල අද( 18 ) සිට තාවකාලිකව වසා දමා ඇති බව දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි . 18 October 2020
මිනුවන්ගොඩ පොකුරට තවත් ආසාදිතයින් 22 ක් මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුරට අද (18) දිනයේ තවත් ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගෙන තිබේ. 18 October 2020
කටුනායක වෙළෙඳ කළාප සේවකයින්ට පෞද්ගලික රථවාහන තහනම් කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් හෙට(19) සිට තම සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ තම පෞද්ගලික රථවාහන වලින් නොව , කර්මාන්තශාලාව විසින් සපයන ප්‍රවාහන මාධ්‍යයෙන් පමණක් බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පවසයි. 18 October 2020
කුවේට් සුරක්ෂා නිවහනේ ගෘහ සේවිකාවන් බහුතරයට කොරෝනා කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසකට සහ තානාපති කාර්යාල යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවහනේ දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට යාමට නොහැකිව රැදී සිටින ගෘහ සේවිකාවන් 160 දෙනාගෙන් බහුතරයකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි එම තානාපති කාර්යාලය කියා සිටී. 18 October 2020
ගම්පහ ජනතාවට 5000 දෙන්න කෝටි 40 ක් කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (18) පැවසීය . 18 October 2020
පාප් වහන්සේගේ නිවස්නයේ අයෙකුටත් කොරෝනා අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ජීවත්වන නිවස්නයේ ජීවත්වන පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි වතිකානය අද (17) නිවේදනය කළේය. 17 October 2020
මිනුවන්ගොඩ පොකුරට තවත් 42ක් මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (17) සවස තවත් 42දෙනෙක් ඇතුළත් වී සිටිති. ඉන් 22ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති අතර, අනෙකුත් 20දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට හඳුනාගෙන තිබේ. මීට පෙරත් අද (17) දිනයේ කොරෝනා ආසාධිතයින් 73ක් වාර්තා වී තිබූ අතර අද දිනයේදී හඳුනාගත් මුළු ‘කෝවිඩ් 19‘ආසාධිතයින් ගණන 115කි. 17 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026