කුරුණෑගල ප්‍රසිද්ධ මාළු වෙළෙදසැලක් වහයි මාළු ප්‍රවාහනය කරන ලොරියක රියැදුරෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාළු බෙදාහරින ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක කුරුණෑගල නගරයේ ප්‍රධාන මත්ස්‍ය අලෙවිසැල වසා දැමීමට කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන ඇත. 24 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් 256 ක් එක්වෙති මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් අද (23) පස්වරු 10.15 වනවිට තවත් ආසාදිතයන් 259 ක් හඳුනාගෙන තිබේ. 23 October 2020
බණ්ඩාරවෙල ඉරිදා පොළ පැවැත්වීම තාවකාලිකව නතර කෙරේ මහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් බණ්ඩාරවෙල ඉරිදා පොළ පැවැත්වීම යළි දැනුම් දෙන තුරු තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව බණ්ඩාරවෙල නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා අද (23) පැවසුවේය. 23 October 2020
කළුතර දිස්ත්‍රික්කයේ තවත් ගම්මාන 5 ක් හුදෙකලා කරයි කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන පහක් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. 23 October 2020
මරදාන - දෙමටගොඩ ඇතුළු ප්‍රදේශ 5කට ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නිරෝධයන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ්-19 වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. 23 October 2020
දියතලාව මාළු වෙළඳසැල ඇතුළු කඩ පේලියක් වසයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානයට ගිය දියතලාව නගරයේ මාළු වෙළඳසැලේ පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු දියතලාව මාළු වෙළඳපොළ වසා තැබීමට පියවර ගත් බව හපුතලේ ප්‍රාදේශීය සභාපති බී. කන්දසාමි කන්නා මහතා අද (23 ) පැවසීය. 23 October 2020
මිනුවන්ගොඩ පොකුරෙන් අද දිනට ආසාදිතයන් 609 ක් ගත වූ පැය 24 ක කාලය ඇතුළත ගම්පහ දිස්ත්‍රික්කය තුළන් කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 797 ක් වාර්තා වී ඇති බවත් එය දිස්ත්‍රික්කය තුළින් වාර්තා වූ වඩාත් ඉහළ අගයක් බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය. 23 October 2020
පානදුර වෙළඳසැල් 4 ක් වහයි කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක කොරෝනා ආසාදිත කාන්තාවක් පානදුර නගරය ආශ්රිත වෙළඳසැල් හතරකට ආ ගිය බවට අනාවරණය වීමෙන් අනතුරුව එම වෙළඳසැල් 4 වසා දැමීමට පියවර ගත් බව පානදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. 23 October 2020
මාදම්පේ සියලුම වෙළදසැල් වහයි කහවත්ත, මාදම්පේ මාළු වෙළෙද මද්යස්ථානයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු කොරෝනා ආසාදිත බවට තහවුරුවීමෙන් මාදම්පේ නගරයේ සියලුම වෙළෙද සැල් වසාදැමීමට ගොඩකවෙල ප්‍රාදේශීය සභාව අද (23) පස්වරුවේ කටයුතු කරනු ලැබිය. 23 October 2020
දිවුලපිටිය දිසා රෝහල කොරෝනා රෝගීන්ගෙන් පිරෙයි දිවුලපිටිය දිසා රෝහල කොවිඩි-19 ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට නම් කර දින 04 ක් වූ අද දිනය (23) වන විට ප්‍රතිකාර සදහා ආසාදිතයන් 100 දෙනෙකු ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 23 October 2020
ස්පාඤ්ඤයේ ආසාදිතයන් මිලියනය ඉක්මවයි නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියනය ඉක්මවූ පළමු බටහිර යුරෝපීය රට බවට ස්පාඤ්ඤය පත්ව ඇත. 23 October 2020
හෝමාගම පොදු වෙළඳ සංකීර්ණය වසාදමයි හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් පොදු වෙළඳ සංකීර්ණයේ පිහිටි මාළු වෙළඳසලෙහි හිමිකරු කොවිඩි-19 ආසාදිතයකු අනාවරණය වීම හේතුවෙන් පොදු වෙළඳ සංකීර්ණයම වසා දැමීමට කටයුතු කළ බව හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ මහතා පවසයි. 23 October 2020
දීපවාලි සමයේදී හැටන් පදික වෙළදාම තහනම් කොවිඩ්-19 වයිරසය පැතිරයාමේ අවදානමත් සමග එළඹෙන දීපාවලි උත්සව සමයේ හැටන් දික්ඔය නගර සභා සීමාවේ පදික වෙළදාම්, ජංගම ව්‍යාපාර, පිටතින් පැමිණෙන ව්‍යාපාරිකයන්ට වෙළදාම් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ අද (23) පැවති මාසික සභා රැස්වීමේදි තීරණය කෙරිණි. 23 October 2020
සුවය ලැබූ 83ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 83දෙනෙකු සුවය ලබා අද(23) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පෙරවරු 10.00 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 23 October 2020
මයික්‍රොසොෆ්ට් යළි විවෘත කිරීම මාස 7 කින් කල්දමයි මයික්‍රොසොෆ්ට් ආයතනයේ ඇමරිකා එක්සත් ජනපද කාර්යාලය නැවත විවෘත කිරීමේ දිනය 2021 වර්ෂයේ ජූලි මාසය දක්වා කල් දමා තිබේ. 23 October 2020
කොරෝනා බියෙන් ගාල්ලේ ව්‍යාපාරිකයෝ කඩ වහති ගාල්ල මාගාල්ලේ පදිංචි වෘත්තීය පුහුණු අධිකාරියේ මාතර කාර්යාලයේ ප්‍රධාන නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගම වෘත්තීය පුහුණු අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පිහිටි ටැල්බට් ටවුම පළමුවන පටුමගේ ව්‍යාපාරිකයෝ පිරිසක් සිය වෙළඳසැල් වසා දැමීමට කටයුතු කළහ. 23 October 2020
පානදුර ප්‍රධාන ඇගලුම්හලක අංශ දෙකක් වසාදමයි පානදුර ප්‍රධාන පෙළේ ඇගලුම් කම්හලක අංශ දෙකක් වසා දමා ඇතැයි පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පවසයි. 23 October 2020
පානදුර මාළු වෙළඳසැල් වසාදමයි පානදුර පොදු වෙළඳපොලේ මාළු වෙළඳසැල් පමණක් වසා තැබීමට තීරණය කළ බව පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පවසයි. 23 October 2020
පැනගිය කොවිඩ් ආසාදිතයා බොරැල්ලෙන් අල්ලයි කොස්ගම සාලාව රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය කොරෝනා ආසාදිත පුද්ගලයා බොරැල්ලේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 23 October 2020
මහවැලිසෑය වන්දනාව තාවකාලිකව නවත්වයි කොරෝනා වෛරයේ ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන කොත්මලේ මහවැලි මහසෑය වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන් ගේ පැමිණීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව කොත්මලේ මහවැලි මහසෑයේ විහාරාධිකාරි බෝපත්තලාවේ පේමානන්ද හිමියෝ පැවසූහ. 23 October 2020
රත්නපුර මාළු වෙළඳපොළ වසා දමයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානයට ගිය රත්නපුර නගර සීමාවේ පදිංචි පුද්ගලයෙකුට කොව්ඩ් 19 ආසාදිත බවට තහවුරු ව්මෙන් පසු රත්නපුර මළු වෙළෙද පොළ වසා දැමිමට රත්නපුර මහ නගර සභාව අද (23 ) තීරණය කළේය . 23 October 2020
ආසාදිතයන්ගෙන් යුරෝපයේ රෝහල් පිරෙයි කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලත් සමඟ වයිරස ආසාදිතයන්ගෙන් යුරෝපයේ රෝහල් පිරී යමින් තිබෙන බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 23 October 2020
කොරෝනා ආසාදිතයෙක් පලායයි කොස්ගම සාලාව රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත පුද්ගලයකු අද(23) පලාගොස් ඇතැයි කොස්ගම පොලිසිය කියයි. 23 October 2020
ගාල්ලේ තැපැල් කාර්යාලය වසා දමයි ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයට කොරෝනා ආසාදිත වූ අයකු පැමිණ ඇතැයි ලැබුණ තොරතුරක් හේතුවෙන් අද (23) උදෑසන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමූ බව ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරයා පවසයි. 23 October 2020
හැටන් නගරයේ මාළු වෙළෙඳසැල් වසා දමයි හැටන් නගරයේ පිහිටි සියලුම මාළු වෙලදසැල් අද (23) දින වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සහ හැටන් පොලිසියේ නිලධාරීහු කටයුතු කළහ. 23 October 2020
හෝමාගම වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසැළක් වහයි හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසලක හිමිකරු කොවිඩ්-19 ආසාධිතයෙකු අනාවරණය වීම හේතුවෙන් එම වෙළඳසල වසාදැමීමට අද(23)සිට පියවර ගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පවසයි. 23 October 2020
බේරුවල ධීවර වරාය වසාදමයි බේරුවල ධීවර වරාය අද(23) සිට නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇතැයි ධීවර වරායේ කළමණාකාර එඩ්වඩ් දයාමාල් මහතා අද (23) අලුයම පැවසීය. 23 October 2020
මිනුවන්ගොඩ පොකුරට තවත් ආසාදිතයන් 259 ක් මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (22) පස්වරු 10.20 වනවිට තවත් ආසාදිතයන් 259 දෙනෙකු එකතු වී ඇත. 22 October 2020
කොරෝනා ආසාදිත කාන්තාවක් මිය යයි කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක අද(22) මිය ගොස් ඇතැයි වසංගත රෝග විශේෂඥ සුදත් සමරවීර මහතා පවසයි. 22 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026