කොටගල නගරයේ වෙළෙඳ සැල් වහයි කොටගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ කොවිඩ්-19 රෝගින් දෙදෙනකු වාර්ථා වීමත් සමග කොටගල ප්‍රාදේශිය සභාව මගින් කොටගල නගරයේ වෙළෙඳ සැල් අද (26) සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගෙන ඇත. 26 October 2020
හම්බන්තොට ධීවර වරාය හා මත්ස්‍ය වෙළද සැල වසා දමයි ඉකුත් 23 වැනිදා හම්බන්තොටදී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් පසුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු සිටින බවට තහවුරු වීමත් සමග හම්බන්තොට ධීවර වරාය හා ඒ ආසන්නයේ පිහිටි මත්ස්‍ය වෙළද සැල අද(26) පෙරවරුවේ සිට වසා දැමූ බව සෞඛ්‍ය අංශ පවසති. 26 October 2020
රත්නපුර ගම්මාන කිහිපයක් හුදකලා කරයි රත්නපුර මල්වල ඇඹුල්දෙනිය ප්‍රදේශයේ මාලු වෙළෙන්දාගේ පවුලේ තිදෙනෙකුටද කොරෝනා ආසාදිත බවට තහවුරුවිමෙන් පසු එම ප්‍රදේශයේ ගම්මාන කිපයක් හුදෙකලා කිරිමට රත්නපුර සෞඛ්‍ය බලධාරීන් සහ ඉහළ රාජ්‍ය බලධාරීන් තීරණය කළේය . 26 October 2020
කලුතර රෝහල් 5ක් කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් වෙන් කරයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කොට්ඨාසයේ රෝහල් 5ක් කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස වෙන් කර ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය . 26 October 2020
ගාල්ල අධිකරණ සංකීර්ණයේ අධීකරණවල නඩු කල් දමයි ගාල්ල අධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණවල අද (26) දින විභාගයට ගැනීමට තිබූ සියලුම නඩු විභාගයට නොගෙන ඉදිරි දිනවලට කල්තැබීමට ගාල්ල නීතිඥ සංගමයේ ඉල්ලීම පරිදි විනිසුරුවරු කටයුතු කළහ. 26 October 2020
කුරුණෑගල දිසා අධිකරණය වසා දමයි වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරු වූ පුද්ගලයකු සමඟ කුරුණෑගල දිසා අධිකරණ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු සමීපව ඇසුරු කිරීමේ සිද්ධියක් අනාවරණය වීමෙන් පසුව ආරක්ෂිත පියවරක් ලෙස කුරුණෑගල දිසා අධිකරණය සහ අතිරේක දිසා අධිකරණය අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. 26 October 2020
මධ්‍යම කොළඹ විෂබීජහරණය කෙරෙයි කොරෝනා පැතිරයාම නිසා මේ දිනවල වසා දමා ඇති කොළඹ මැනිං වෙළදපොළ ,බැස්ටියන් මාවත ,පෞද්ගලික බස්නැවතුම්පල හා ගමනා ගමන මණ්ඩලයේ බස් නැවතුම්පළ විසබීජහරණය අද සිදු කෙරිණි. 26 October 2020
අම්බලන්ගොඩ සියලුම පුස්තකාල දින නියමයක් නැතිව වසා දමයි අම්බලන්ගොඩ නගර සභාව මගින් පාලනය කරනු ලබන සියලුම පුස්තකාල අද (26 )දින සිට දින නියමයක් නොමැතිව වසා දමා ඇත. 26 October 2020
පුජාපිටියේ සියලු සතිපොලවල් නැවත දැනුම්දෙනතුරු වසා දමයි පූජාපිටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල පවත්වාගෙන යනු ලබන සියලු සති පොළවල් සෞඛ්‍ය අංශවල උපදෙස් මත නැවත දැනුම් දෙන තුරු වසා ඇති බව පූජාපිටිය ප්‍රදේශිය සභාවේ සභාපති අනුර ප්‍රනාන්දු මහතා කීය. 26 October 2020
ගල්කිස්ස අධිකරණයේ වැඩ කටයුතු තාවකාලිකව නවත්වයි ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළට කොරෝනා රෝගීන් ඇතුළු වී ඇති බැවින් ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් නීතීඥවරුන් නඩුවලට පෙනී නොසිටීමෙන් අද(26) දිනට නියමිත නඩු කල් දැමීමට පියවර ගෙන ඇත. 26 October 2020
හලාවත පොදු වෙළඳපොල සතියක් වහයි හලාවත නගරයේ පවත්වා ගෙන යන පොදු මාළු හා එළවළු වෙළදපොළ හෙට (27) සිට සතියක කාලයකට වසා දැමීමට අද (26) හලාවත නගර සභාවේ පැවැති විශේෂ රැස්වීමක දි තීරණය කරණ ලදි. 26 October 2020
කොටගල නගරයේ වෙළෙඳසැල් වසා දමයි හැටන් කොටගල රොසිටා සහ ග්රෙටන් තේ වතු වලින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් දෙදෙනෙකු අද (26) දින හදුනාගැනීමත් සමඟ කොටගල වෙළෙඳසැල් සියල්ල වසා දැමීමට වෙළඳ සංගමය තීරණය කර තිබේ. 26 October 2020
ස්පාඤ්ඤය හදිසි නීතිය පනවයි : රටටම ඇඳිරි නීතිය නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කිරීමේ අරමුණින් ස්පාඤ්ඤය ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර රටටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇත. 26 October 2020
පාර්ලිමේන්තුව වසා දමා විෂබීජහරණය කරයි පාර්ලිමේන්තුවේ පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් නිලධරයකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් අද සහ හෙට පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නවතා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසයි. 26 October 2020
ඉන්දීය මහබැංකු අධිපතිට කොරෝනා ඉන්දියාවේ මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් ට නව කොරෝනා වයිරස ආසාදනය වී ඇත. 26 October 2020
16 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි අද (25) අලුයම කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේදී මිය ගොස් ඇති රෝගියකු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි. 25 October 2020
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල වසා දමයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලය සහ වෙරහැර කාර්යාලයද නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයද හෙට(26) සිට යළි දැනුම්දෙනතුරු මහජනතාවට විවෘත නොකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ලංකාදීපයට පැවසීය. 25 October 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට තවත් 85ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (25) දිනයේදී පස්වරු 9.30 වනවිට ආසාදිතයන් තවත් 85දෙනෙකු වාර්තා වී ඇත. 25 October 2020
බේරුවල - අලුත්ගම - පයාගල ඇඳිරි නීතිය දිගටම බේරුවල, අලුත්ගම සහ පයාගල යන පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 25 October 2020
පන්නල ඇඟලුම්හලක අංශ 3ක් වහයි පන්නල අපනයන ඇගලුම් කම්හලක අංශ 03 ක් තාවකාලිකව වසාදැමීමට උපදෙස් ලබාදුන්බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 25 October 2020
තවත් 263කට කොරෝනා තවත් ආසාදිතයන් 263දෙනෙකු අද(25) සවස 6.08 වනවිට වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 25 October 2020
කොට්ටාවේ මාළු වෙළඳසැලකට මුද්‍රා තබයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු රැගෙන ආ , කොට්ටාව හොරණ පාරේ මාළු වෙළඳසැලක හිමිකරුට කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් එම වෙළඳසැල (25) දා මුද්‍රා තැබීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය. 25 October 2020
ඇමෙරිකානු උප ජනාධිපතිගේ කාර්යමණ්ඩල ප්‍රධානියාට කොරෝනා ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ කාර්යමණ්ඩල ප්‍රධානියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. 25 October 2020
රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි කොළඹ කොටුව දුම්රිය ස්ථානය පිහිටි කලාපයටද අද දින (25) නිරෝධායනය ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් අද දින ධාවනයට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රියන් සියල්ල අවලංගු කර ඇති බව දුම්රිය ආරංචි මාර්ග පවසයි. 25 October 2020
දඹුල්ලේ මාළු වෙළඳසැල් සංකීර්ණය වහයි දඹුල්ල මහ නගර සභාවට අයත් දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි මාළු වෙළඳ සැල් සංකීරණය අද සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට දඹුල්ල මහ නගර සභාව අද(25) දින තීරණය කර තිබේ. 25 October 2020
ගම්පහ වෙළෙඳසැල් - ඔසුසල් - බැංකු හෙට විවෘතයි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (26) පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි සැල්, ඖෂධ වෙළෙඳසැල් විවෘත කර තබන බව ‘කොවිඩ්-19’ වයිරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. 25 October 2020
වන්නිලාඇත්තෝ දඹාන වසාදමයි දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් හා ජනතාව සදහා විවෘත නොකිරීමට තීරණය කළ බව ආදිවාසී නායක වනස්පතී වන්නිලාඇත්තෝ මාධ්‍ය හමුවක් කැදවමින් දඹාන ආදිවාසී ගම්මානයේදී ප්‍රකාශ කර සිටියේය. 25 October 2020
අගමැති කාර්යාලයේ නිලධාරියාට කොරෝනා නැතිලු අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය හෝ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ ආරක්ෂක අංශයේ කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිර යන පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 25 October 2020
හැටන් නගරයේ සියලු වෙළඳසැල් වසාදමයි හැටන් නගරයෙන් කොවිඩ් ආසාදිතයකු හමුවීමත් සමග හැටන් නගරයේ සියලුම වෙළඳසැල් වසා දැමීමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. 25 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026