
(හේමලතා ඩී හේවගේ)
පන්නල අපනයන ඇගලුම් කම්හලක අංශ 03 ක් තාවකාලිකව වසාදැමීමට උපදෙස් ලබාදුන්බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
එහි සේවය කල කුලියාපිටිය හම්මලව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවකට කොරෝනා වයිරසය ආසදනය වී ඇතිබව අද (25) තහවුරුවීමත් සමග මෙම පියවර ගෙන තිබේ.
මෙම කාන්තාවගේ පීසීආර් පරීක්ෂණ කුලියාපිටිය නගරසභා ශාලාවේ ඉකුත් 22 වෙනි දින සිදුකර ඇති බවද පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
එම කාන්තාව සමග සමීපතව සේවයකළ පිරිසක් ස්වයං නිරෝධායනය කිරීම සඳහා මේ වන විට අවශ්‍ය තොරතුරු ලබාගනිමින් සිටින බවද පන්නල සෞබ්‍ය වෛද්‍ය නිලධාරීනී සමා හේරත් මහත්මිය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd