
(චන්ද්‍රසේන ගමගේ)
ඉකුත් 23 වැනිදා හම්බන්තොටදී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් පසුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු සිටින බවට තහවුරු වීමත් සමග හම්බන්තොට ධීවර වරාය හා ඒ ආසන්නයේ පිහිටි මත්ස්‍ය වෙළද සැල අද(26) පෙරවරුවේ සිට වසා දැමූ බව සෞඛ්‍ය අංශ පවසති.
පසු ගිය 23 වැනිදා හම්බන්තොට ධීවර වරාය අශ්‍රිතව අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 60 ක් සිදු කළ බවත් එම පරීක්ෂණවලින් අනතුරුව කොවිඩ් ආසාධිතයින් දෙදෙනා සොය ගැනීමට හැකි වූ බවත් සෞඛ්‍ය අංශ පවසයි.
කොවිඩ් අසාදිත වී ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළද පොළට ගිය මත්ස්‍ය ව්‍යාපාරකයෙකුට හා ඔහුගේ ආශ්‍රිතයෙකුටය. කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනා රෝහල් ගත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිතයින් ඇසුරු කළ පවුල් වල අය නිරෝධායනයට ලක් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි පිළිතුර. ධීවර වරාය වැනි ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීම ආනයනික ටින් මාළු සඳහා අපගේ වෙළඳපොළ විවෘත කිරීමක් වැනිය .. තවත් වංචාවක්?