( රේඛා තරංගනනී ෆොන්සේකා)
මොරටුව අධිකරණයේ කටයුතු නොවැම්බර් මස 01වෙනිදා තෙක් තාවකාලිකව නොපැවැත්වීමටත් හදිසි අත්‍යවශ්‍ය නඩු කටයුතු සිදු කිරිමටත් මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩ පිටිය මහතාද අතිරේක මහේස්ත්‍රාත් එම්.එල් නුවන් කෞෂල්‍ය මහතා තීරණය කොට ඇතැයි මොරටු නීතිඥ සංගමයේ ලේකම් ප්‍රසංසා අලවත්ත මහත්මිය අද (26) පැවසීය.
නිතිඥ සංගමය වාචිකව සහ ලිඛිතව කරුණු දක්වමින් කරණු ලැබු ඉල්ලීමකට අනුව සාමාන්‍ය පරිදි සිදු වන අධිකරණ කටයුතු කිසිවක් සඳහා නීතිඥවරු ඉදිරිපත් නොවී සිටීමටත් පොලිසිය මගින් අධිකරණයට යොමු කරන හදිසි නඩු කටයුතු සඳහා ඉඩකඩ සලසා දීමටත් තීරණයකට ඇති බව ඒ මහත්මිය පැවසීය.
මොරටු අධිකරණයේ පවතින ඉඩකඩ අඩු වීම හේතුවෙන් මීටරයක පරතරය පවත්වාගෙන යෑම අසීරු බව සඳහන් කල ඒ මහත්මිය අනාරක්ෂිත භාවය හේතුවෙන් නඩු කටයුතු වලින් සතියකට බැහැර වන්නේ යයි මොරටු නීතිඥ සංගමයෙන් ඒකමතිකව ගනු ලැබු තීරණයකට අනුව මහේස්ත්‍රාත්වරුන් වෙත කරුණු ඉදිරිපත් කරණු ලැබු බව ලේකම්වරිය පැවසීය.
මොරටුව වෙරළබඩ කලාපයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු ගැනීමට ගිය පුද්ගලයන් කොවිඩ් ආසාධිතයන් ලෙස වාර්ථා වී ඇති බවත් මොරටුවේ සැලකිය යුතු පිරිසක් නිරෝධානය සඳහා යොමුකර ඇති සඳහන් කල එම මහත්මිය ඒ පිළිබඳ අවධානයයොමු කිරීමේදී අධිකරණ කටයුතු පවත්වාගෙන යෑමේ යම් අනාරක්ෂිත භාවයක් ඇති බව පැවසීය.
නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු සලකා බැලූ මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩ පිටිය මහතාද අතිරේක මහේස්ත්‍රාත් එම්.එල් නුවන් කෞෂල්‍ය යන මහත්වරු ඒකමතිකව ගනු ලැබූ තීරණයකට අනුව නොවැම්බර් මස පළවෙනිදා දක්වා අධිකරණ කටයුතු තාවකාලිකව නොපැවැත්වෙන බව තීරණය කරනු ලැබීය.
ඒ අනුව කල්තැබීමට ලක් වන සියලු නඩු දිනයන් සේවාදායකයින්ට දැකගැනීමට හැකිවනු පිණිස අධිකරණ භූමියේ ගේට්ටුවෙ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බවද එම මහත්මිය පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මොරටුව අධිකරණයේ කටයුතු 1 වැනිදා තෙක් නවත්වයි
සමීර Monday, 26 October 2020 11:31 AM
කොහොමත් අධිකරණ පද්ධතියක් ලංකාවට ඕන වෙන්නෙ නෑ මේ යන විදියට .