(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට අද (12) තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, සිදුවූ හානිය වෙනුවෙන් එම ගුරුවරයාගේ පෞද්ගලික මුදලින් රුපියල් 150,000 ක් තුවාල ලැබූ සිසුවාට ගෙවන ලෙසත්, තවත් රුපියල් ලක්ෂ 5ක මුදලක් සිසුවාට වන්දි වශයෙන් ගෙවන ලෙසත් රජයට නියෝගය කළේය.
අදාළ වන්දි මුදල්, නියෝග ලබා දුන් අද (12) දින සිට මාස 6ක් ඇතුළත ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ එම සිසුවා වෙනුවෙන් ඔහුගේ දෙමව්පියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමෙන් පසුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
සිසිර ද ආබෲ සහ මුර්දු ප්‍රනාන්දු මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේරාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
විනය හෝ කිසිදු හේතුවක් මත දරුවකු හිංසාවට පත් කළ යුතු නැතැයි යන්න අවධාරණය කරමින් මෙම වන්දි මුදල් නියම කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පහර දීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වැනි වගන්තිය මගින් සහතික කර කෲර වධ හිංසාවලට ලක් නොවී සිටීමට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝණය වී ඇතැයි තීරණය කර තිබේ.
හේවා මද්දුමගේ කරුණාපාල සහ පල්ලේ කම්කානම්ලාගේ දෝන කුමුදුනී යන මහත්ම මහත්මීන් විසින් ඔවුන්ගේ 15 හැවිරිදි දරුවා වෙනුවෙන් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය ජයන්ත ප්‍රේමකුමාර සිරිවර්ධන , එම විද්‍යාලයේ විදුහල්පතිනී එම්.ලීලාවතී යන මහත්ම මහත්මීන් ඇතුළු 6දෙනෙකු නම් කරනු ලැබ තිබිණි.
පෙත්සම්කාර සිසුවා වෙනුවෙන් නීතීඥ තීශ්‍ය වේරගොඩ මහතා පෙනී සිටියේය.
COMMENTS
පාසල්වල ඉන්න ළමයින්ගේ විනය හදන්න යන්න ඕනෑ නැහැ.. ඒකට පොලිසියයි, උසාවියයි තියෙනවනේ... අපරාදෙ, එ් ගුරුතුමා නිකන් අපහසුතාවයට පත්වුණේ..
විනය හදනවා කියලා ළමයාගේ කණ පලන එක වැරැදියි. පාසලට ළමයා හදන්න බැරිනම් පොලිසියට බාරදෙන්න.
කතාව කියවද්දී අපි කාපු ගුටි මැවිලා පෙනුණා. ඒත් අපි අදටත් ආදරෙයි ඒ ගුරුවරුන්ට.. මොකද අද අපි තැනක ඉන්නවා නම් ඉන්නේ ඒ ගුරුවරුන්ට පින්සිදු වෙන්න.
අපිත් ඉස්කෝලේ හොඳට ගුටි කාලා, දණගහගෙන ඉඳලා තියෙනවා. නමුත් ඔහොම කන් පැලෙන්න නම් අපිට ගැහුවේ නැහැ. වරදට දඬුවම් දෙනකොට දරුවගේ ජීවිතේ ජීවිතේ විනාශ වන විදිහට දෙන්නේ මොලේ නැති ගුරුවරු.
ඉස්කෝලෙදී කණ පලන, ටියුෂන් එකේදී ඔළුව අතගාන ගුරුවරුත් ඉන්නවා..
පොලිසියටත් මේක හොඳ පාඩමක් කියා හිතනවා...!!!
වැඩිහිටියෙකු සමග හරි හරියට කටයුතු කළ නොහැකි පුංචි අතපය ඇති දරුවන්ට පහරදීම නිවට කමක් බව ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරික මහතෙකු වරක් කියනු මා අසා තිබෙනවා. දරුවන්ට කිසිම දිනක පහරනොදී දරුවන් හික්මවන හා දරුවන්ගේ ආදරය දිනාගත් ගුරුවරු ඕනෑතරම් ඉන්නවා. තමන්ගේ නොහැකියාවට අහිංසක දරුවන් පළි නැත. ඉතාම ප්‍රශංසනීය නඩු තීන්දුවක් මූලික අයිතිවාසිකම් පොතට සීමාවී ඵලක් නැත.
අපි කාපු පාරවල් වල හැටියට වන්දි ගත්තා නම් අද අපි කෝටිපතියන්...
දඬුවම ප්‍රමාණවත් මදි. ළමයගෙ කණ ඇහෙන්නේ නෑ.
ශ්‍රී ලංකාවේ බහුතරයක් දෙමව්පියන්, ගුරුවරුන් දරුවන්ට දඬුවම් දීම අනුමත කරති. අධ්‍යාපනයේ මානුෂික පදනම දියුණු හෝ අවබෝධ වී නැති අප රටේ, දරුවන්ට කණ පැලෙන්න ගසා ඉගැන්විය හැකි යැයි සිතන ගුරුවරු ද ඇත. මෙම නඩු තීන්දුව විවිධාකාරයේ පණිවිඩ රැසක් දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට ලබාදෙයි..!
ඒ කණේ පාර දීපු ගුරුතුමාවයි, නඩුව අහපු අයටයි කියන්න බැරිද...? මටත් පොඩි වැඩකට සල්ලි මදිවෙලා තියෙනවා.
මේකේ මේ ඉස්සර ගුටි කෑවා කියලා උඩ පැන පැන තප්පුලාගෙන වැලපෙන අයට කියන්න තියෙන්නේ විනය හැදීම යනු ශාරීරික දණ්ඩනය නොවන බවයි. ඒ වගේම එලෙස බරපතල පහරදීමක් කිරීමට අයිතියක් ගුරුවරුන්ට නැතුවාක් මෙන්ම එවැනි දේට ඉඩ දී බලා සිටිනවා නම් එය අනුවණ කමක් බවත් මතක් කර සිටිමි. එතරම්ම ගුටි කෑමට ප්‍රිය නම් තමන්ගේ දරුවෙක්ට එවැනි අමනුෂ්‍ය ගුරුවරුන් සොයා දෙන්න.
මේ දෙමව්පියන්ගේ කණට ගහන්න කවුරුත් නැද්ද?
මේ ගුරුවරයා කියන පුද්ගලයාව සුද්ද කරන අයගෙන් මම අහන්නේ (මම මෙයාට ගුරුවරයෙක් කියන්නේ නැහැ, මොකද නියම ගුරුවරයෙක් කියන්නේ දරුවන්ට අහුන්කන්දෙන, ළමා මානසිකත්වය දන්නා, දරුවන්ගේ අනාගතය හදන කෙනෙක් මිස දරුවන්ගේ අනාගතය අඳුරු කරන කෙනෙක් නොවන නිසා) (1) ඔබ දරුවෙක්ව සිටි කාලේ ඉඳන් ඔබේ කනක් ඇහෙන්නේ නැතුව ගියා නම් ඔබට දැන් මොකක්ද හිතෙන්නේ? (2) ඔබගේ දරුවෙකුට මෙහෙම වුණා නම් ඔබ මොකද කරන්නේ? (2) යම් වුවමනාවකට ඉසුරු පායට ගිය ගුරුවරයෙකුට අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක්, ගුරුවරයාට කරුණු පහදා දෙන්න කියලා කණ පැලුවා නම් ඔබ එ්ක අනුමත කරනවාද? හිතලා බලන්න..
චක්‍ර ලේඛයක් ගහන්න ගුරුවරුන්ට දඬුවම් සහ පහර දීම අතර වෙනස පැහැදිලි කරලා. මානසික වද හිංසා විස්තර කරලා..
කෝ අර ගුරු සංගමය...? සද්දෙට කෑ ගහන්නකෝ..?
මරු ව්‍යාපාරයක් නේද?
ගුරුවරු දැනගන්න ඕනෑ රටේ නීතිය. යම් කෙනෙක් වැරැද්දක් කළා නම් මං පොලිසි යනවා..
මේ ළමයාගේ කන ඇහෙන්නේ නැති වෙන්න පුළුවන් ජීවිත කාලයටම. අපිටත් ගුරුවරු දණගස්වලා තියලා, වේවැලෙන් අත්ලට හරි, කකුල්වල කෙන්ඩයට හරි තමයි ගහලා තියෙන්නේ. කවදාවත් කනට, කම්මුලට ගහලා අමානුෂික දඬුවම් දීලා නැහැ. සමහර වෙලාවට පිට්ටනියේ තුත්තිරි ගලවන්න දීලා, පාසල් වත්ත අතුගාන්න, කොළ ඇහිඳින්න දීලා වගේ දඬුවම් දීලා තියෙනවා. මෙතන දඬුවමකින් දරුවන්ව නිවැරදි කරන්න පුළුවන් කියලා අදහස් පලකරන කෙනෙක්ට, ඒ අයගේ දරුවෙක්ට මේ දේ වුණානම් "හානේ මගේ වැරැද්දටනේ ගැහුවේ/ මගේ දරුවගේ වැරැද්දටනේ ගැහුවේ " කියලා හිත හදාගන්නවද?
ළමයාගේ මූලික මිනිස් අයිතිවාසිකමක් උල්ලංඝනය කළ එකත් සාධාරණීකරණය කරන්න හදන ගොබ්බයින් තාමත් ඉන්නවනේ. ළමයද ගුරුවරයාද අදාල නෑ. වරද වරදමයි තමන්ටත් කවුරු හරි පහර දුන්නොත් ඔය නීතිය තමයි පිහිටට තියෙන්නේ...
මට බය තවත් මධුෂ් කෙනෙක් ඇති වෙයිද කියලයි.
හලෝ මොන ඉස්කෝලේද ඉගෙන ගත්තේ? රජය වරදක් කළ අයව හිරේ දමන්නයි කස පහර දෙන්නයි හේතුව මොකක්ද? සමාජයට හරියන මිනිසෙක් කර සමාජයට එවන්න. එහෙනම් රජයෙන් හිරේ දමා හෝ කසපහර දී හදනවට වඩා පාසලේදී වේවැල් පහර දී හදන එක හොඳ නැද්ද?