බදුල්ල ඉරිදා පොල නවත්වයි බදුල්ල දුම්රිය නැවතුම් පොල ඉදිරියේ ඇති ඉරිදා පොළ ලබන ඉරිදා (1) නොපැවැත්වීමට බදුල්ල මහ නගරසභාව තීරණය කර තිබේ . 30 October 2020
ගම්පහ නිරෝධායනය වන පවුලකට 10,000 ආහාර මල්ලක් කොවිඩ් 19 රෝග තත්ත්වය හේතුවෙන් නිවාස මට්ටමින් නිරෝධායනය වන ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සදහා රුපියල් 10,000 ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුලත් මල්ලක් බැගින් ලබාදීම හෙට සිට ආරම්භ කෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කරයි. 30 October 2020
අද දිනයේදී කොරෝනා අසාදිතයන් 582 ක් මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (29) පස්වරු 10.20 වන විට වාර්තා වු ආසාදිතයන් 168 දෙනාත් සමග, දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 582 ක් දක්වා ඉහළ ගියේය. 29 October 2020
සමෘද්ධි දෙපාර්තමේන්තුව වසාදමයි කළමණාකරණ සහයක නිලධාරිනියකට කොවිඩ් 19 රෝගය වැළඳී තිබීම හේතුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අද (29) වසා දමා තිබේ. 29 October 2020
කොළඹ අපරාධ කොට්ඨාසයේ 13 කට කොරෝනා කොළඹ අපරාධ කොට්ඨාසයේ තවත් පොලිස් නිලධාරීන් 13 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි අද වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වූ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියයි. 29 October 2020
ඉන්දියාවේ ආසාදිතයන් ගණන මිලියන 8 ඉක්මවයි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (29) මිලියන අට ඉක්මවා ගියේය. 29 October 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 6000 පනී මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (28) රාත්‍රී 7.00 වනවිට ආසාදිතයන් 414 දෙනෙකු එක් වී තිබේ. 29 October 2020
රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 29 October 2020
බලන්ගොඩ ඉරිදා සතිපොළ නතර කෙරේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු බලන්ගොඩ නගරයේ ඉරිදා සතිපොළ නොපැවැත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතා සමග සාකච්ඡා කර අද (29) තීරණය කළ බව බලන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණි විමලසේන මහතා පවසයි. 29 October 2020
කහතුඩුවේ කොණ්ඩා කපන ස්ථානයකට මුද්‍රා කහතුඩුව කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුවකුට කොරොනා ආසාදනයවීම හේතුවෙන් එම ස්ථානයට මුද්‍රා තබා කොණ්ඩා කැපීමට පැමිණි 125දෙනෙකුට අධික පිරිසක් ගෘහස්ථ නිරෝධායනයට ලක්කිරීමට අද(29) පියවර ගත් බව කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.කේ.එම්, ප්‍රභාත් මහතා පැවසීය. 29 October 2020
නිරෝධායන පවුල්වලට සහන සලසන්න කොළඹ ප්‍රා.ලේ. කාර්යාලවලට මිලියන 130ක් කොළඹ දිස්ත්‍රික්කයේ නිරෝධායනය වී සිටින පවුල්වලට සහන සැලසීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට මිලියන 10 බැගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 කට මුදල් ලබා දී ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය. 29 October 2020
වැලිකඩ බන්ධනාගාරය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරන්න යයි කොරෝනා වසංගතයේ හදිසි අවස්ථා මතුවුවහොත් වැලිකඩ බන්ධනාගාර රෝහල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට බන්ධනාගාර, ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. 29 October 2020
පාර්ලිමේන්තු රැස්වීම් සතියකට එක දවසයි පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එළැඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් එක් දිනකට පමණක් සීමා කිරීමට අද (29) රැස්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදි. 29 October 2020
බලන්ගොඩ මාළු වෙළඳසැල් වසාදමයි රට තුළ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් බලන්ගොඩ නගරයේ ඇති මාළු වෙළෙඳසැල් සියල්ලම සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ උපදෙස් මත අද (29) සිට තාවකාලික වසා දැමීමට කටයුතු කළ බව බලන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණි විමලසේන මහතා පවසයි. 29 October 2020
කම්කරු කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් 4 ක් ඇතුළු 5 කට කොරෝනා කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පිවිසුමේ ආරක්ෂක නිලධාරින් හතර දෙනෙකුට හා අමාත්‍යංශ රියැදුරෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් පූනානි නිරෝධායන කඳවුරට යවනු ලැබ ඇත. 29 October 2020
නුවරඑළියේ විනෝද චාරිකා නැවත දැනුම් දෙනතුරු තහනම් රටේ උද්ගතවී ඇති වසංගත තත්වය මත නැවත දැනුම් දෙන තුරු නුවරඑළියේ විනෝද චාරිකා පැමිණිමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. 29 October 2020
බණ්ඩාරවෙල තොග පොළ වසා දමයි කෝවිඩ් රෝගියකු හමුවීම නිසා බණ්ඩාරවෙල තොග පොල අද (29 ) තාවකාලිකව වසා තැබීමට පියවර ගත් බව බණ්ඩාරවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී එම් ආර් දිසානායක මහතා පැවසීය. 29 October 2020
බදුගම හැර මතුගම අගුලු අරී කලුතර දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා කර ඇති ගම්වලින් මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බදුගම නව ජනපද ගම්මානය හැර සෙසු සියලු ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කිරීමෙන් ඉවත් කර තිබේ. කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව දැනුම් දී ඇත. 29 October 2020
තඹුත්තේගම ආර්ථිකයේ වෙළෙඳසැල් 11 ක් වසා දමයි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැල්11ක් අද (29)දින සිට තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව තඹුත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය මිලාන් යහතුගොඩ මහතා පැවසිය. 29 October 2020
ඇහැලියගොඩට සංචරණ සීමා ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ අද (29) රාත්‍රි 12 සිට ලබන 02 වනදා එනම් සදුදා උදෑසන පහ දක්වා සංචරණ සීමාවන් පැනවිමට ඇහැලියගොඩ ප්‍රාදේශීය කොරොනා මර්දන කමිටුව තීරණය කළේය . 29 October 2020
අද දිනයේදී කොරෝනා අසාදිතයන් 335 ක් මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (28) පස්වරු 10.35 වන විට වාර්තා වු ආසාදිතයන් 124 දෙනාත් සමග, දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 335 ක් දක්වා ඉහළ ගියේය. 28 October 2020
මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුරට තවත් 211 ක් එක්වෙති මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(28) මේ වනවිට ආසාදිතයන් 211දෙනෙකු එකතු වී තිබේ. 28 October 2020
ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මඩකළපුව පුනානී ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන කොවිඞ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට අද (28) සිට පත්කළ බව පොළොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ,විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පවසයි. 28 October 2020
අධිවේගී මාර්ගයේ බස් රථ කොට්ටාවේ සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස්රථ කොට්ටාවේ සිට ධාවනය වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා ලංකාදීපයට පැවසීය. 28 October 2020
‘නගර සභා රැස්වීමට කවුරු විරුද්ධ වුවත් පවත්වනවා’ කවුරුන් විරුද්ධ වුවත් කොළඹ මහ නගර සභා රැස්වීම හෙට (29) අනිවාර්යෙන්ම පවත්වන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය. 28 October 2020
තලවකැලේ වටගොඩ නගරය වසා දමයි තලවකැලේ, වටගොඩ නගරය අද (28) දහවල් සිට වසා දැමීමට පියවර ගෙන තිබේ. 28 October 2020
බස්නාහිර පළාතටම හෙට සිට ඇඳිරිනීතිය හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් 2 වැනිදා උදෑසන 5 තෙක් බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . 28 October 2020
පානදුර නගරාධිපතිගේ රියදුරුට කොරෝනා පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතාගේ රියදුරු ට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 28 October 2020
යාපනයේ ගම් දෙකකට සීමා පනවයි පෑලියගොඩ මාළු තොග වෙළඳ සංකීර්ණයට ගිය යාපනයේ මාලු ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට කොවීඩ් 19 වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය පවසයි. 28 October 2020
තවත් කොරෝනා ආසාදිතයන් 164 ක් හඳුනාගැනේ මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (27) පස්වරු 9.45 වන විට තවත් ආසාදිතයන් 164 දෙනකු වාර්තා වී තිබේ. 27 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026