නුවරඑළියේ නිවාඩුට ආ 15 ක් ලැඟුම්හල්වලම නිරෝධායනයට බස්නාහිරට ඇදිරිනීතිය පැනවීමත් සමගම නිරෝධාන නිතිරීති නොසලකා නුවරඑළියේ නිවාඩු ගත කිරීමට පැමිණි 15 දෙනකු ඔවුන් ලැගුම්ගත් ස්ථානවලම නොවැම්බර් 11 දක්වා නිරෝධානයට ලක්කිරීමට නුවරඑළිය සෞඛ්‍ය අංශය හා පොලිසිය එක්ව කටයුතු කලහ. 01 November 2020
ඇඹිලිපිටියේ උසාවි කටයුතු සතියක් නවත්වයි කෝවිඞ් 19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඇඹිලිපිටිය මහාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය යන අධිකරණ වල නඩු විමසීම නොවැම්බර් 02 දින සිට 06දා දක්වා වූ දින පහක කාලය තුල විවෘත අධිකරණයේ නඩු විභාග කටයුතු නීතීඥ සංගමයේ ඇඹිලිපිටිය ශාඛාවේ නීතීඥවරු කළ ඉල්ලීමක් අනුව සිදු නොවන බව නීතීඥවරු පැවසූහ. 01 November 2020
කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ඒකකයක් වසා දමයි බොරැල්ල පොලීසියේ සේවය කරන සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පොලිස් සැරයන්වරියක වන ඔහුගේ බිරිඳ සේවය කරන කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ඒකකයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇත. 01 November 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට අද 239 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (31) රාත්‍රී 9.35 වනවිට ආසාදිතයන් 239 දෙනෙකු එක් වී තිබේ. 31 October 2020
ගැබිනි සහ ප්‍රසව රෝගී මව්වරුන් ළඟම රෝහලට යන්න ගර්භණී සහ පසු ප්‍රසව රෝගී තත්ත්වයන් පවතින මව්වරුන්ට අසනීප සහ අවදානම් සහිත රෝග ලක්ෂණ පවතී නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහල් වෙත පැමිණෙන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනයක් නිකුත්කරමින් පවසයි. 31 October 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 7000 ට කිට්ටු කරයි මිනුවන්ගොඩ ඇගලුම්හල ආශ්රිත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(31) පෙරවරුව වනවිට 6946ක් බව කෝවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 31 October 2020
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලොක්කෙක් ඇතුළු 4කට කොරෝනා ජනමාධ්‍ය අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු ඇතුළු 4 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 31 October 2020
සුවය ලැබූ 117 ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 117දෙනෙකු අද(31) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 31 October 2020
බස්නාහිරින් පැමිණ වතුකරයේ නිවාසවල සැඟව සිටි පිරිසක් නිරෝධායනයට බස්නාහිර පලාත තුල සේවය කර වතුකරයේ තම නිවාස වලට පැමිණ සිටි පස් දෙනෙකු සහ ඔහුන්ගේ පවුලේ සමාජිකයන් (31) දින ස්වයං නිරෝධානයට යොමු කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්. මැදවෙල මහතා පැවසිය. 31 October 2020
බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 කට කොරෝනා බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. 31 October 2020
කල්පිටියේ නිවසක සංවිධානය කර තිබූ උත්සවයක් නවත්වයි කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුලිය ඊච්චාන් කාඩුව ධීවර ගම්මානයේ නිවසක සංවිධානය කර තිබු දැරියක වැඩිවියට පත්වීමේ මංගල්‍ය උත්සවයක් කල්පිටිය පොලිසිය මැදිහත්ව නවතා දමා තිබේ. 31 October 2020
බෙල්ජියම අඟුළු දමයි කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වීම හේතුවෙන් බෙල්ජියම සම්පූර්ණයෙන්ම අගුළු දැමීමට තීරණය කර ඇතැයි එරට රජය නිවේදනය කර තිබේ. 31 October 2020
ශ්‍රී ලංකාවේ 20 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි කොරෝනා ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබේ. 31 October 2020
මාතලේ පොළ වසා දමයි රට තුළ පවතින කොරොනා තත්වය හේතුවෙන ඉරිදා දින මාතලේ නගරයේ පවත්වනු ලබන පොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමිමට තිරණය කර ඇති බව මාතලේ වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා පැවසිය. 31 October 2020
අද දිනයට කොරෝනා ආසාදිතයන් 633 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (30) පස්වරු 10.05 වනවිට තවත් ආසාදිතයන් 319 දෙනෙකු එක් වී ඇත. ඒ අනුව අද දිනයේදී හඳුනාගත් සමස්ත අසාදිතයන් සංඛ්‍යාව 633 ක් දක්වා ඉහළ ගියේය. 30 October 2020
රටම වසා දැමීමේ අවදානමක් රටම වසා දැමීමේ පියවර ගැනීමෙන් වැළැකීමට නම් අවදානම් කලාපවල සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (30) පැවැසීය. 30 October 2020
රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි ගාල්ල සහ අවට ප්‍රදේශවලින් වාර්තාවන කොවිඩ් 19 අසාධිතයින්ගේ ප්‍රමාණයන් සලකා බලා රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය කොවිඩ් 19 හුදෙකලා මධ්‍යස්ථානයක් බවට පත්කිරීමටකටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කන්චිත සමරසේකර මහතා පවසයි. 30 October 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට තවත් 314 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (30) පස්වරු 7.45 වනවිට ආසාදිතයන් 314 දෙනෙකු එක් වී ඇත. 30 October 2020
කොරෝනා ආසාදිතයන් ගණන 10,000 පනී ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (30) වනවිට 10,000 ඉක්මවා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සවස 7.00 ට පළ කළ නිවේදනයේ දැක්වේ. 30 October 2020
10 කට කොරෝනා හැදීමෙන් වෙරළබඩ පොලිසිය වහයි වෙරළබඩ පොලිසියේ නිලධාරීන් 10දෙනෙකුට කොරොනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් වෙරළබඩ පොලිසිය තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය කියයි. 30 October 2020
කොවිඩ් රෝගීන් රෝහල්ගත කිරීම ප්‍රමාද නම් 1999 ට කියන්න කොවිඩ් 19 ආසාදිතයෙකු බව පී.සී.ආර් පරීක්ෂණයකින් තහවුරු වූ පසුත් රෝහලකට යොමු කිරීම ප්‍රමාද නම් ඒ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 දුරකතන අංකයට දැනුම් දෙන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 30 October 2020
අකුරණ සියලු මුස්ලිම් දේවස්ථාන වසා දමයි අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොවිඩ් 19 වයිරසය ආසාදිත පුද්ගලයෙකු අද (30) වාර්තා වීමත් සමඟ අකුරණ කොට්ඨාසයේ පිහිටි සියලුම මුස්ලිම් දේවස්ථානවල පැවැත්වෙන ආගමික කටයුතු නැවත දැනුම් දෙන තුරු නැවැත්වීමට අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය උපදෙස් දුන්නාය. 30 October 2020
ඇඳිරිය තිබුණත් ඉන්ධනහල් විවෘතයි ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළදී බස්නාහිර පළාතේ විවෘතව තැබෙන ඉන්ධනහල් පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ. 30 October 2020
බස්නාහිර පාළුවට යයි බස්නාහිර පළාත තුළ නිරෝධායන ඇඳිරිනීතිය අද (30) අලුයම සිට ක්‍රියාත්මකව ඇති අතර කොළඹ නගරයේ දැඩි පාළු ස්වභාවයක් දක්නට ලැබිණි. 30 October 2020
පූඩළුඔය නගරය වසා දමයි තලවකැලේ පුඩළුඔය , වටගොඩ , කොත්මලේ යන ප්‍රදේශවලින් කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් කිහිප දෙනෙකු හමුවිම නිසා තලවකැලේ පුඩළුඔය නගරයට වතු කම්කරුවන් සංචරණය විම නතර කිරිම සදහා පුඩළුඔය නගරය දින කිහිපයක් වසා දැමිමට එම නගරයේ වෙලද සංගමය අද (30) දින සිට කටයුතු කර ඇත. 30 October 2020
නිවසේ සිට වැඩ කිරීම යළි ඇරැඹේ කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් “නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. 30 October 2020
කුරුණෑගල නගරයත් වසා දමයි කුරුණෑගල මහ නගර සභාව මඟින් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් නගර සභාවේ කම්කරු සේවකයින් 06 දෙනෙකු සමඟ මාළු ව්‍යාපාරිකයන් 02 කු කොරෝනා ආසාදිතයින් බවට අද තහවුරු වීම සැලකිල්ලට ගෙන කුරුණෑගල නගරයේ සියළුම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට නියම කළ බව නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය. 30 October 2020
දවස් 4 ට පී.සී.ආර්. පරීක්ෂණ 39,727 ක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්තවලට අනුව පසුගිය සඳුඳා සිට බ්‍රහස්පතින්දා දක්වා කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ගණන 39,727කි. 30 October 2020
පෝය දවසේ කොට්ටුකච්චියේ විහාරස්ථාන දෙකක් වසා දමයි වප් පොහෝ දින ආණමඩුව කොට්ටුකච්චිය විහාරස්ථාන දෙකක් වසා දමා සියලුම කටයුතු නවතා දමා හිමිවරුන් තිදෙනෙකු ජෛව පටල සාම්පල ලබා ගැනිමට පුත්තලම මුලික රෝහලට අද(30) දින යොමු කල බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි. 30 October 2020
වැල්ලවාය සතිපොළවල් වසා දමයි කොවිඩ් 19 වසංගතය පැතිරීයාම වැළැක්වීමේ අරමුණෙන් වැල්ලවාය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන සතිපොළවල් අද (30) සිට තාවකාලිකව වසාදැමීමට වැල්ලවාය ප්‍රාදේශීය සභාව තීරණය කැර ඇත. 30 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026