මොරටුව - පානදුර - හෝමාගම මෙතැන් සිට ඇඳිරිනීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම, මොරටුව, පානදුර උතුර සහ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. 27 October 2020
කුරුණෑගල නීතීඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති රට තුළ උද්ගතව පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කුරුණෑගල ක්‍රියාත්මක සියලු ම අධිකරණ සේවා කටයුතු වලින් හෙට (28) දිනයේ සිට ලබන 01 දින දක්වා ඉවත් වීමට තීරණය කළ බව කුරුණෑගල නීතීඥ සංගමයේ ලේකම් පියුමාල් හේරත් මහතා ප්‍රකාශ කළේය. 27 October 2020
රටම වසාදැමීමේ සූදානමක් නැහැ ‘කොවිඩ්-19’ වයිරසය හේතු කොටගෙන රට වසා දැමීමේ සූදානමක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 27 October 2020
ඇඳිරි නීති පෙදෙස්වලට දින 2ක් වෙළඳසැල් - ඔසුසල් විවෘතයි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස්බල ප්‍රදේශ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් හා ඖෂධහල් සතියට දින 2ක් විවෘතව තැබීමට අවසර ලබා දී ඇතැයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 27 October 2020
රුසියාවේ නැවතත් දැඩි සීමා දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවීමත් සමඟ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමා දැඩි කිරීමට රුසියාව අද (27) පියවර ගත්තේ ය. 27 October 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 5000 පනී මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (27) මේ වනවිට ආසාදිතයන් 293 දෙනෙකු එකතු වී තිබේ. 27 October 2020
කොරෝනා ආසාදිතයන්ට ගාල්ලේ රෝහල් තුනක් කොරෝනා ආසාදිතයන් සඳහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට අමතරව අම්බලන්ගොඩ සහ කරන්දෙණිය රෝහල්වලද වාට්ටු ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසිය. 27 October 2020
මස්කෙළිය - සාමිමලේ නගර වසාදමයි මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේවතුයායේ, ගඟේවත්ත කොටසේ පදිංචිකරුවන් තිදෙනෙකු කොවිඩ් 19 ආසාධිතයින් ලෙස තහවුරුවීමත් සමග මස්කෙළිය හා සාමිමලේ යන නගර අද (27) ප.ව. 04.00 සිට 30 වැනිදා දක්වා වසා තැබීමට තීරණයකට එළඹුණු බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. රාජවීරන් මහතා පැවසීය. 27 October 2020
තවත් ආසාදිතයෝ දෙදෙනෙක් මිය යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 27 October 2020
රෝහල් වලින් සියයට 90 ක් පිරිලා කොවිඞ් 19 වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහල් ඇඳන් ප්‍රමාණයෙන් 90% කට වඩා මේ වන විට පිරීගොස් ඇති බැවින් ඉදිරියේදී සංකූලතා සහිත ආසාදිතයින් පමණක් රෝහල්වල තබාගෙන රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් නොවන වෙනත් මධ්‍යස්ථානවල රැඳවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 27 October 2020
හෙද සංගමයේ සභාපතිගෙන් අනතුරු ඇඟවීමක් හෙද සේවයේ යෙදී සිටින අයගේ නවාතැන් ප්රශ්නය, ආහාර හා ගමනාගමන ගැටළු වලට ඉදිරි පැය 48 ඇතුළත පැහැදිළි විසඳුමක් ලබා නොදුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ. මේ බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලිඛිතව දැනුම් දී ඇතැයිද උන්වහන්සේ පැවසූහ. 27 October 2020
පානදුරේ මාවත් 6ක වෙළඳසැල් වසා දැමේ පානදුර නගර සීමා බල ප්‍රදේශයේ මාර්ග හයක පිහිටා තිබෙන ස්ථිර වෙළඳසැල් සහ තාවකාලිකව වෙළඳ කුටි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට මේ මොහොතේ සිට පියවර ගත් බව පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පැවසීය. 27 October 2020
විදේශිකයන්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලු වර්ගයේ වීසා බලපත්‍රවල වලංගු කාලය දින 60කින් දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 27 October 2020
බළන්ගොඩ හරක් මස් කඩේට ලක්ෂ 86 ක ලංසුවක් බලන්ගොඩ නගරයේ ගවමස් කඩය 2021 වර්ෂය සදහා රුපියල් ලක්ෂ 86 කට ඉතාම ආසන්න මුදලකට (රුපියල් 85,99,900) අද (27) දා බලන්ගොඩ නගරසභාවේ දි වෙන්දේසි වූ බව බළන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණි විමලසේන මහතා පැවැසිය. 27 October 2020
මාවනැල්ලේ ප්‍රදේශ දෙකකට සංචරණ සීමා පනවයි මාවනැල්ලේ හිගුල්ඹය සහ මුරුතවෙල යන ප්‍රදේශ වලට සංචරණ සීමාවන් පැනවිමට කටයුතු කර ඇතැයි කරන ලද විමසිමකදි මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ගැමුණු වික්‍රමසිංහ මහතා අද( 27 )පැවසිය. 27 October 2020
කොරෝනා ආසාදිත 17 වැනියාත් මියයයි මෙරට 17 වැනි කොරෝනා මරණය අද (27) දහවල් වාර්තා විය. මෙලෙස මිය ගොස් ඇත්තේ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකි. 27 October 2020
මධ්‍යම පළාතේ ආදායම් බලපත් නිකුත් කිරිම මාසයක් අත්හිටුවයි කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මධ්‍යම පළාතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත් නිකුත් කිරිම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. 27 October 2020
මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලු කෞතුකාගාර වසා දමයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ සියලුම කෞතුකාගාර නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට අද(27) තීරණය කර තිබේ. 27 October 2020
ඇඹිලිපිටිය සතිපොළ වසා දමයි ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවිමෙන් ඇඹිලිපිටිය සතිපොළ හා විදි වෙළදාම තාවකාලිකව නැවත්විමට ඇඹිලිපිටිය නගර සභාව අද (27) පියවර ගත්තේය. 27 October 2020
කලවාන රෝහලේ ළමා වාට්ටුව වසා දමයි කලවාන මූලික රෝහලේ ළමා වාට්ටුව බාරව සිටි වෛද්‍යවරියක ස්වයං නිරෝධානයට ලක් කිරීම හේතුවෙන් රෝහලේ ළමා වාට්ටුව වසා දැමිමට පියවර ගෙන තිබේ. 27 October 2020
හැටන් හුදකලා කරයි කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හැටන් ප්‍රදේශය සම්පූර් ණ යෙන් හුදකලා කර ඇති බව කෝවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. 27 October 2020
දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල් වසා දමයි කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 10 දෙනෙකු සෞඛ්‍යය අංශ විසින් හදුනාගැනිම නිසා හැටන් , දික්ඔය නගරයේ සියලුම වෙලදසැල් විෂබිජහරණය සිදු කිරිම සදහා අද(27) දින වසා දැමිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පැවසිය. 27 October 2020
පානදුර අධිකරණයේ නඩුකටයුතු තාවකාලිකව නවතී කොරෝනා අසාදිතයකු පැමිණිම හේතුවෙන් පානදුර අධිකරණයේ නඩු කටයුතු තාවකාලිකව නවත්වා ඇතැයි අධිකරණ ආරංචිමාර්ග කියයි. 27 October 2020
කොළඹ-ගම්පහ-කළුතර දිස්ත්‍රික්කවල අධි අවදානම් ප්‍රදේශ රැසක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 27 දෙනෙකුගේ කොට්ඨාස තුළ කොව්ඩ් - 19 වසංගත තත්වය අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශයට පත් කර තිබේ. 27 October 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 5000 ට කිට්ටු කරයි මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (26 පස්වරු 10.30 වන විට තවත් ආසාදිතයන් 261 දෙනකු වාර්තා වී තිබේ. 26 October 2020
තාවකාලික වාහන බලපත්රයෙහි වලංගු කාලය දීර්ඝ කෙරේ අන්තර්ජාලය මගින් වාහන ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේදී වාහන හිමියන් වෙත නිකුත් කරනු ලබන තාවකාලික ආදායම් බලපත්‍රයේ වලංගු කාලය නැවත දැනුම්දෙන තුරු දින 30ක් දක්වා දීර්ඝ කර ඇතැයි දකුණු පළාතේ ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 26 October 2020
කොරෝනා හොයන්න රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයත් එයි මෙරට කළ යුතු පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය ඉහළ යමින් තිබෙන නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර තිබෙන රැපිඩ් ඇන්ටිජන් නැමති පරීක්ෂණය ද ශ්‍රී ලංකාවේ ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පැවසීය. 26 October 2020
තවත් කොරෝනා ආසාදිතයන් 280 ක් හඳුනාගැනේ මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (26) පස්වරු 6.55 වන විට තවත් ආසාදිතයන් 280 දෙනකු වාර්තා වී තිබේ. 26 October 2020
ධීවර සංස්ථාව ගාල්ලේ මාළු අස්වැන්න මිලදී ගනී ගාල්ල ධීවර වරායේ ධීවර කාර්මිකයන්ගේ මත්ස්‍ය අස්වැන්න අද (26) මිලදී ගැනිමේ කටයුතු ධීවර සංස්ථාව, ටින් මාළු කාර්මාන්ත ශාලාව හා පුද්ගලික ආයතන මගින් ආරම්භ කොට ඇති බව ගාල්ල ධීවර වරායේ කළමණාකරු නෙරන්ජන් දිසානායක මහතා පවසයි. 26 October 2020
ඉරානයේ සෑම විනාඩි 5කටම එක් කොරෝනා මරණයක් ඉරානයේ මේ වනවිට කොරෝනා රෝගීන් 300ක් පමණ දිනකට මියයන බව සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ සෑම විනාඩි පහකටම එක් පුද්ගලයෙකු මරණයට පත්වන බවයි. 26 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026