(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර නගර සීමා බල ප්‍රදේශයේ මාර්ග හයක පිහිටා තිබෙන ස්ථිර වෙළඳසැල් සහ තාවකාලිකව වෙළඳ කුටි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට මේ මොහොතේ සිට පියවර ගත් බව පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පැවසීය.
ආතර් වී දියෙස් මාවත, ජනප්‍රිය මාවත, මාකට් පාර, ධර්ම ශාලාව පාර, විජේසූරිය මාවත හා ජයතිලක මාවත යන ප්‍රදේශ වල පිහිටි සියලුම වෙළඳසැල සහ වෙළෙඳ කුටි මෙලෙස වසා තැබෙනු ඇත.
මේ වන විට පානදුර නගරය ආසන්නයෙන් කොරෝනා ආසාදිතයන් තිදෙනකු වාර්තා වීම හේතුවෙන් සහ ඊයේ 26 පි සි ආර් පරීක්ෂණවලට භාජන කළ එම වෙළෙඳ සැල්වල ව්‍යාපාරිකයන් නගරයේ ඒ මේ අත සැරිසැරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුව පොදු මහජනයාගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මෙම පියවර ගත් බව නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පානදුරේ මාවත් 6ක වෙළඳසැල් වසා දැමේ