( ලසන්ත නිරෝෂණ පෙරේරා)
ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවිමෙන් ඇඹිලිපිටිය සතිපොළ හා විදි වෙළදාම තාවකාලිකව නැවත්විමට ඇඹිලිපිටිය නගර සභාව අද (27) පියවර ගත්තේය.
ඇඹිලිපිටිය නගරාධිපති ලලිත් යූ ගමගේ මහතාගේ උපදෙස් අනුව මෙම තීරණ ක්‍රියාත්මක කරන බව ඇඹිලිපිටිය නාගරික මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
පාලන මිලට අනුව ප්‍රදේශයේ නිවෙස් අසළට වාහාන වලින් ගොස් ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණඩ අලෙවි කිරිමට අවසර ලබා දි තිබේ.
ඇඹිලිපිටිය නගරයේ සියලුම උසස් පෙළ විභාග මධ්‍යස්ථන විෂබිජහරණය කිරිමද සිදු සිදුකෙරිණි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානයට සම්බන්ධ මාලු වෙළෙදුන් දෙදෙනෙකු කොරෝනා ආසාදිත බවට ඇඹිලිපිටිය ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් වාර්තා ව්මෙන් පසු පුද්ගලයින් 170දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඇඹිලිපිටිය සතිපොළ වසා දමයි
Bamunuarachchi Tuesday, 27 October 2020 06:49 AM
සති පොළ වසාදැමීම කොහොම උනත් පොටෝ එකේ පෙන්වන එළවලු ටික දැක්කාම පුදුම ආසාවක් එන්නේ. හා නැද්ද මන්අහන්නේ?
සිරාTuesday, 27 October 2020 08:30 AM
අනේ මන්දා පුදුම ආශාවල් තමා...
BamunuarachchiTuesday, 27 October 2020 01:42 PM
මොකෝ එළවළුවලට ආසා නැද්ද? එහෙනම් බලන්ගොඩ හරක් මස්කඩේට දායකවෙන්න
චමින්ද Tuesday, 27 October 2020 07:03 AM
ඇඹිළිිපිටියේ සිට මාළු ගෙනෙන්න පෑලියගොඩ ගියේ හම්බන්තොට තංගල්ල වැනි ප්‍රදේශවල මාළු නැතිවද? නැත්නම් හම්බන්තොට හා තංගල්ල වැනි ප්‍රදේශ ඇඹිළිපිටියේ සිට දුර නිසාද?
BamunuarachchiTuesday, 27 October 2020 01:47 PM
පාරවල් වල සෙනග නැහැ බස් වල සෙනග නැහැ. එත් මිනිසුන්ගේ එදිනෙදා වැඩකටයුතු බොහෝ දුරට සිදුවෙනවානේද? එහෙනම් මිනිස්සු පාරවල් වල ගැවසිලා තිබෙන්නේ මොකටද? ඇඹිළිිපිටියේ සිට මාළු ගෙනෙන්න පෑලියගොඩ ගියේ ආසාවට.