මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 27 දෙනෙකුගේ කොට්ඨාස තුළ කොව්ඩ් - 19 වසංගත තත්වය අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශයට පත් කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු 7 දෙනෙකුගේ කොට්ඨාසද, ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 19 දෙනෙකුගේ කොට්ඨාස ද , කළුතර දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දෙකකගේ කොට්ඨාස ද මෙලෙස අධි අවදානම් කලාප ලෙස නම්කර ඇත.
මහනගර සභා බල ප්‍රදේශය, නුගේගොඩ, බත්තරමුල්ල, කොලොන්නාව, කහතුඩුව, මොරටුව සහ කඩුවෙල කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.
රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජාඇල, ඒකල, කටාන, සීදූව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැළණිය, මහර, දොම්පේ, පූගොඩ, මීරිගම, බියගම, මීගමූව සහ කටුනායක ගම්පහ දිස්ත්‍රික්කයේ අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ වාද්දුව කොරෝනා වයිරසය අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ ... බ්‍රැන්ඩික්ස් රැල්ල කළ වීපතක මහත .... !!! ඒත්,ඒ ගැන කතා නොකරන්නේ සියලු චෝදනා වලින් ඔවුන් නිදහස් කොට ඔවුන් සෑම දෙනා සාධාරණීකරනය කිරීමට සමහරුන් වෙර දරන්නේ,ඔවුන් බේරා ගැනීමට වෙනත් පැති සොයන්නේ මන්දැයි ගැටලූවකි.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කියනවා නම් මෙය ඇත්ත. ඔවුන් ගොමාලා වගේ බොරු බිල්ලන් මවන්නේ නැත. අර ප්‍රවෘත්ති නිවේදන දෙන ලොක්කාගේ ඇස් දෙක ලොකු කරන හැටි දැක්කාම බය හිතෙනවා කොරෝනා වලටත් වඩා. කොහොමත් ගම්පහ දිස්ත්‍රික්කයටම ඇදිරි නීතිය පනවා ඇති නිසා ගම්පහ දිස්ත්‍රික්කය ආරක්ෂාකාරී විය හැක. නමුත් කොළඔ අධි අවධානම් කලාප වලට ඇදිරි නීතිය පනවන්නේ නම් හොඳයි. නමුත් මෙහිදී සිදුවන්නේ කොළඔ මහ නගර සභා සීමාවට ඇදිරි නීතිය දමා දෙහිවලට නොදා හිටියොත් වැල්ලවත්තේ සිට පාර පැනීම පමණක් කර අවශ්‍යතා ඉටුකර ගත හැකියි. මේ නිසා සීමා මායිම් පැහැදිලිව වෙන් වෙන ප්‍රදේශය දක්වා ඇදිරි නීතිය පනවා මේ තත්වයෙන් ගොඩ ඒම වටී.
දැන් ආර්ථිකය කඩන් වැටෙනවා කිය කියා ඉදලා වැඩක් නෑ. ඇදිරි නීතිය දමා මේ තත්වයෙන් ගොඩ ඒමට කටයුතු කරන්න. දැන් කොහොමත් රටේ ප්‍රධානම ආර්ථික මධ්‍යස්ථාන වන ගම්පහ දිස්ත්‍රික්කය සහ කොළඔ කොටුව, පිටකොටුව ප්‍රදේශ වලට ඇදිරි නීතිය දමා තිබේ. එබැවින් රටටම ඇදිරි නීතිය දැම්මත්, නොදැම්මත් එකම තමයි.
ඉතින් තව බලබලා ඉන්නේ නත්තල් පප්පා එනකල්ද?
පළමු වතාවෙ දිස්ත්‍රික් අතර ගමනාගමනය තහනම් කර වසංගතය පාලනය කලත් මෙම වාරයේ එවැන්නක් කර නැහැ. මෙනිසා බේරුවල පැත්තේ අය පවුල් පිටින් රත්නපුර දිස්ත්‍රික්කයේ ඔවුන්ගේ නෑයින් සොයා එනවා සැත්කම් වලට කියමින් පවුල් පිටින් ත්‍රීවීල්වල පැමිණ මුදල් එකතුකරනවා. මෙමගින් වෛරසය පැතිරීමේ අවදානම ඉතාම වැඩිවෙනවා. මෙයට නොපමාව විසදුමක් නොයෙදුවොත් ඉතා භයානක වෙන්න පුළුවනි. මාර්ග වසා කටයුතු කිරීමට බැරිනම් මාර්ග බාධක යොදා හෝ මෙම සංචරනයන් නවත්වන්න.
කරුණාකර මිලදී ගැනීම සඳහා ප්‍රදේශ ආවරණය වන පරිදි වෙළඳ භාණ්ඩවල ජංගම සේවා යැවීමට කාරුණික වන්න