IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


කොළඹ-ගම්පහ-කළුතර දිස්ත්‍රික්කවල අධි අවදානම් ප්‍රදේශ රැසක්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 27 දෙනෙකුගේ කොට්ඨාස තුළ කොව්ඩ් - 19 වසංගත තත්වය අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශයට පත් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු 7 දෙනෙකුගේ කොට්ඨාසද, ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 19 දෙනෙකුගේ කොට්ඨාස ද , කළුතර දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දෙකකගේ කොට්ඨාස ද මෙලෙස අධි අවදානම් කලාප ලෙස නම්කර ඇත.

මහනගර සභා බල ප්‍රදේශය, නුගේගොඩ, බත්තරමුල්ල, කොලොන්නාව, කහතුඩුව, මොරටුව සහ කඩුවෙල කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජාඇල, ඒකල, කටාන, සීදූව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැළණිය, මහර, දොම්පේ, පූගොඩ, මීරිගම, බියගම, මීගමූව සහ කටුනායක ගම්පහ දිස්ත්‍රික්කයේ අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ වාද්දුව කොරෝනා වයිරසය අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

(28535)



අදහස් (6)

කොළඹ-ගම්පහ-කළුතර දිස්ත්‍රික්කවල අධි අවදානම් ප්‍රදේශ රැසක්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 27 October 2020 04:01 AM

අහෝ ... බ්‍රැන්ඩික්ස් රැල්ල කළ වීපතක මහත .... !!! ඒත්,ඒ ගැන කතා නොකරන්නේ සියලු චෝදනා වලින් ඔවුන් නිදහස් කොට ඔවුන් සෑම දෙනා සාධාරණීකරනය කිරීමට සමහරුන් වෙර දරන්නේ,ඔවුන් බේරා ගැනීමට වෙනත් පැති සොයන්නේ මන්දැයි ගැටලූවකි.

:       0       0

සමන්ත Tuesday, 27 October 2020 05:37 AM

මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කියනවා නම් මෙය ඇත්ත. ඔවුන් ගොමාලා වගේ බොරු බිල්ලන් මවන්නේ නැත. අර ප්‍රවෘත්ති නිවේදන දෙන ලොක්කාගේ ඇස් දෙක ලොකු කරන හැටි දැක්කාම බය හිතෙනවා කොරෝනා වලටත් වඩා. කොහොමත් ගම්පහ දිස්ත්‍රික්කයටම ඇදිරි නීතිය පනවා ඇති නිසා ගම්පහ දිස්ත්‍රික්කය ආරක්ෂාකාරී විය හැක. නමුත් කොළඔ අධි අවධානම් කලාප වලට ඇදිරි නීතිය පනවන්නේ නම් හොඳයි. නමුත් මෙහිදී සිදුවන්නේ කොළඔ මහ නගර සභා සීමාවට ඇදිරි නීතිය දමා දෙහිවලට නොදා හිටියොත් වැල්ලවත්තේ සිට පාර පැනීම පමණක් කර අවශ්‍යතා ඉටුකර ගත හැකියි. මේ නිසා සීමා මායිම් පැහැදිලිව වෙන් වෙන ප්‍රදේශය දක්වා ඇදිරි නීතිය පනවා මේ තත්වයෙන් ගොඩ ඒම වටී.

:       1       7

සමනලයා Tuesday, 27 October 2020 05:40 AM

දැන් ආර්ථිකය කඩන් වැටෙනවා කිය කියා ඉදලා වැඩක් නෑ. ඇදිරි නීතිය දමා මේ තත්වයෙන් ගොඩ ඒමට කටයුතු කරන්න. දැන් කොහොමත් රටේ ප්‍රධානම ආර්ථික මධ්‍යස්ථාන වන ගම්පහ දිස්ත්‍රික්කය සහ කොළඔ කොටුව, පිටකොටුව ප්‍රදේශ වලට ඇදිරි නීතිය දමා තිබේ. එබැවින් රටටම ඇදිරි නීතිය දැම්මත්, නොදැම්මත් එකම තමයි.

:       0       5

Nuwan Tuesday, 27 October 2020 06:32 AM

ඉතින් තව බලබලා ඉන්නේ නත්තල් පප්පා එනකල්ද?

:       0       8

චන්දන Tuesday, 27 October 2020 08:34 AM

පළමු වතාවෙ දිස්ත්‍රික් අතර ගමනාගමනය තහනම් කර වසංගතය පාලනය කලත් මෙම වාරයේ එවැන්නක් කර නැහැ. මෙනිසා බේරුවල පැත්තේ අය පවුල් පිටින් රත්නපුර දිස්ත්‍රික්කයේ ඔවුන්ගේ නෑයින් සොයා එනවා සැත්කම් වලට කියමින් පවුල් පිටින් ත්‍රීවීල්වල පැමිණ මුදල් එකතුකරනවා. මෙමගින් වෛරසය පැතිරීමේ අවදානම ඉතාම වැඩිවෙනවා. මෙයට නොපමාව විසදුමක් නොයෙදුවොත් ඉතා භයානක වෙන්න පුළුවනි. මාර්ග වසා කටයුතු කිරීමට බැරිනම් මාර්ග බාධක යොදා හෝ මෙම සංචරනයන් නවත්වන්න.

:       0       5

E D S G DE SILVA Thursday, 29 October 2020 03:09 AM

කරුණාකර මිලදී ගැනීම සඳහා ප්‍රදේශ ආවරණය වන පරිදි වෙළඳ භාණ්ඩවල ජංගම සේවා යැවීමට කාරුණික වන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 89 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 318 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site