IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


කලවාන රෝහලේ ළමා වාට්ටුව වසා දමයි

(ප්‍රියංකර ජාතුංගම)

කලවාන මූලික රෝහලේ ළමා වාට්ටුව බාරව සිටි වෛද්‍යවරියක ස්වයං නිරෝධානයට ලක් කිරීම හේතුවෙන් රෝහලේ ළමා වාට්ටුව වසා දැමිමට පියවර ගෙන තිබේ.

කලවාන මූලික රෝහල ප්‍රකාශ කලේ එම වෛද්‍යවරිය සමග සිටි තවත් වෛද්‍යවරුන් දෙදෙනකු හා හෙදියන් 16 දෙනෙකු කාර්ය මණ්ඩලයේ දස දෙනෙකු ස්වයං නිරෝධානයට ලක්කර ඇති බවය.

ළමා වාට්ටුව බාරව සිටි වෛද්‍යවරියගේ පී.සී.ආර් වාර්තා ලැබෙන තෙක් ළමා වාට්ටුව යළි විවෘත නොකරන බවත් එය එම වාට්ටුවට පැමිණෙන අයගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා ගත් පියවරක් බවත් කලවාන මූලික රෝහලේ ප්‍රකාශකයකු කීය.

ළමා වාට්ටුව හැර අනෙකුත් වාට්ටු හා ප්‍රතිකාර සුපුරුදු ලෙස සිදුවන බවත් සායන කටයුතු රෝගින්ගේ සෞඛ්‍ය වාර්තා තබන පොත් බලා ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇති බවත් කලවාන මූලික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.

රෝහලේ වෛද්‍යවරුන් හා හෙදියන් කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට ලක්වීම හේතුවෙන් රෝහල් කටයුතු ඉතා අසීරුවෙන් පවත්වාගෙන යන බවද කලවාන මූලික රෝහලේ ප්‍රකාශකයකු කීය.



අදහස් (0)

කලවාන රෝහලේ ළමා වාට්ටුව වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 91 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 322 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site