IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


තවත් ආසාදිතයෝ දෙදෙනෙක් මිය යති

 

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මියගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණයෙකු සහ 87 හැවිරිදි වියපත් කාන්තාවකි. 

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව, වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මිය ගිය පුද්ගලයන් ගණන 19කි.



අදහස් (9)

තවත් ආසාදිතයෝ දෙදෙනෙක් මිය යති

thushara Tuesday, 27 October 2020 11:24 AM

සමාජගත වෙන්නෙ නැතුවත් මෙහෙම නම් සමාජගත උනානම් කොහොමට තියෙයිද?

:       0       1

Kule Tuesday, 27 October 2020 11:37 AM

පේනවා නේද රෝගයේ බරපතලකම....? දරුවනේ දැන්වත් සෞඛ්‍ය නීති පිළිපදින්න. නිරෝධායන නීතිරීති පිළිපදින්න. අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින්න. එවිට ඔබත්, ඔඛෙ පවුලේ සාමාජිකයිනුත් ඥාතීනුත්, මිතුරනුත්, අනිත් සැමත් රෝගයෙන් ආරක්ෂා වෙවි. නැතිනම් සමූහ මිනිවලක් කරා ඔබ අප සැමට ගියහැකියි.

:       3       27

චම්පාTuesday, 27 October 2020 12:19 PM

ඔව් ඔව්.මිනිස්සු තමයි පිළිපදින්නෙ නැතුව බලෙන් හදාගෙන බෝ කරගන්නෙ. හැට නව ලක්ෂෙ අය තමයි ඕක මතුරන්නෙ. වෙන කියන්න දෙයක් නැති හින්ද.

:       1       1

sura Tuesday, 27 October 2020 11:54 AM

දැන් එකා පිට එකා මැරි මැරී යයි. නායකයින්ට වගේ වගක් නෑ. විරුවා ආගිය අතක් නෑ. චන්දෙ ඉවරයි. 20 සම්මතයි. දැන් රටේ ජනතාවට හෙන ගැහුවත් කමක් නෑ. අනේ දෙවියනේ කොහොමහරි පාර්ලිමේන්තු කොවිඩ් පොකුරක් තනා දෙන්න. සාමාන්‍ය ජනතාවගේ එකම පැතුම එයයි.

:       3       14

Aruna Tuesday, 27 October 2020 12:13 PM

අවුලක් නෑ තාම සමාජගත වෙලා නෑනේ

:       0       1

ලුම්බිණි Tuesday, 27 October 2020 12:14 PM

මුල් වතාවේ කොරෝනා නොතිබිච්ච මොනරාගල වගේ පැති වලටත් දවස් ගණන් ඇඳිරි නීතිය දාගෙන උන්න. දැන් මොකද්ද වේලා තියෙන්නේ. රට පුරාම කොරෝනා ලෙඩ්ඩු. ඒත් කියනවා තාම සමාජ ගත වෙලා නැහැ කියල.

:       0       1

nuwa Tuesday, 27 October 2020 12:28 PM

රටම වහලා රජයට හා සෞඛ්‍ය කාර්යමණ්ඩලයට නිවැරදි තීන්දුවක් ගැනීමට තිබුනේ මීට ගොඩක් කලින්. මොකද චීනය ඉන්දියාව ඇමරිකාව ඔස්ට්‍රේලියාව වාගේ ප්‍රාන්ත ලොක් කරලා ලංකාව වගේ පුංචි රටක කවදාවත් මේක මඩින්න බැ .

:       0       1

banda Tuesday, 27 October 2020 12:30 PM

රෝගය සමාජගත වෙන්න කලින් රෝගීන් භුමිගත වෙනවා නේද.?

:       0       1

Rohana Tuesday, 27 October 2020 01:19 PM

ගෙදරට වෙලා නිතරම සිටින්න. ගමන් යාමෙන් වලකින්න. බෙහෙත් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පමණක් කඩේට යන්න. එසේ ගියත් මුහුණු ආවරන ඇතිව අත්සෝදා අන්‍යයන් සමග හැමවිටම මීටරයක් දුරින් සිටින්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 91 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 320 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site