(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේවතුයායේ, ගඟේවත්ත කොටසේ පදිංචිකරුවන් තිදෙනෙකු කොවිඩ් 19 ආසාධිතයින් ලෙස තහවුරුවීමත් සමග මස්කෙළිය හා සාමිමලේ යන නගර අද (27) ප.ව. 04.00 සිට 30 වැනිදා දක්වා වසා තැබීමට තීරණයකට එළඹුණු බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. රාජවීරන් මහතා පැවසීය.
මස්කෙළිය හා සාමිමලේ යන නගරවල වෙළඳ සංගම් මස්කෙළිය ප්‍රාදේශිය සභාව වෙත අද දින ලිඛිතව ලබා දෙන ලද ඉල්ලීමකට සහාය දක්වමින් මෙම තීරණයට එළඹුණු බව එස්.රාජවීරන් මහතා කීය.
පෑළියගොඩ මත්ස්‍ය වෙළඳසලේ සේවයේ නියුතු මස්කෙළිය, බුවුන්ලෝ තේ වතුයායේ පදිංචි පුද්ගලයෙකු, ඔහුගේ බිරිඳ හා අසල්වැසියෙකු කොවිඩි 19 වයිරසය වැළඳුන රෝගීන් බවට පී.සී.ආර්. පරීක්ෂණවලින් සනාථ වී ඇති බවට මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.
ආසාධිත යුවළ හා අසල්වැසියා ඇසුරු කළ මස්කෙළිය බ්‍රවුන්ලෝ තේ වතුයායේ, ගඟේවත්ත කොටසේ පවුල් 23 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය මත අද (27) ප.ව. 02.00 සිට ඔවුන් පදිංචි නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කළ බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
මෙම කොවිඩ් ආසාධිතයින් තිදෙනා දැනට වව්නියාව හා පල්ලේකැලේ නිරෝධායන මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් පසුවෙති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මස්කෙළිය - සාමිමලේ නගර වසාදමයි