IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල් වසා දමයි

 

(රංජිත් රාජපක්ෂ)                       
                                             
කොවිඩ් 19 වයිසරය ආසාදනය වු රෝගින් 10 දෙනෙකු සෞඛ්‍යය අංශ විසින් හදුනාගැනිම නිසා හැටන් , දික්ඔය නගරයේ සියලුම වෙලදසැල් විෂබිජහරණය සිදු කිරිම සදහා අද (27) දින වසා දැමිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පැවසිය.
 
පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලින් මත්ස්‍යයින් මිලට ගෙන හැටන් මහජනපොලේ මත්ස්‍යයින් අලෙවි කළ වෙලෙන්දෙකුට ප්‍රථමයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය විමෙන් පසු එම වෙලෙන්දා මේ වන විට පොලොන්නරුව මනම්පිටිය ගල්ලැල්ල යුද හමුදා නිරෝධාන මධ්‍යස්ථානය කරා රැගෙන ගොස් ඇත.
 
එම වෙලෙන්දාගේ ආශ්‍රිතයන් පි.සි.ආර් පරික්ෂණයකට යොමු කල අතර එම ආශ්‍රිතයන්ගෙන් වෙලෙන්දාගේ පවුලේ සමජිකයන් සිව්දෙනෙකුට සහ හැටන් මහජන වෙලදපොලේ ව්‍යාපාරිකයින් පස් දෙනෙකුට සහ මත්ස්‍යය වෙලෙන්දාගේ රියදුරාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා කියා සිටියේ.
 
කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින්ගේ ආශ්‍රිතයින් 200 කට ආසන්න පිරිසක් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ හැටන් පොලිසියේ නිලධාරින් එක් ව ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
 
කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති රෝගින් සියළු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට සෞඛ්‍යය අංශ කටයුතු කර ඇත.
හැටන් නගරයේ වෙලදසැල් වසා දැමිමට සමගාමිව කොටගල , බගවන්තලාව, නොර්වුඩ් යන නගරද අද (27) දින වසා දැමිමට එම නගර වල වෙලද සංගම් තිරණය කර ඇත.



අදහස් (0)

දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල් වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 90 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 320 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site