ඇඳිරිය තිබුණත් ආර්ථික මධ්‍යස්ථාන - පිටකොටුවේ තොග කඩ විවෘත කරනවා කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 02 November 2020
රත්නපුර අධිකරණ සීමාවේ නඩු විභාග නවත්වයි උද්ගතව ඇති කොවිඩ්-19 නව වයිරසයේ ව්‍යාප්ති තත්වය මත රත්නපුර දිස්ත්‍රික් නීතීඥ සංගමය කළ ඉල්ලීමක් පරිදි නොවැම්බර් 03 දින සිට 11 දින දක්වා දින 9ක් රත්නපුර පළාත්බද මහාධිකරණයේ සහ රත්නපුර දිසා අධිකරණයේත්, රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේත් නඩු විභාග නොවන බව එම නීතීඥ සංගමයේ සභාපති නීතීඥ ප්‍රජාපාලි අතුකෝරළ මහත්මිය පැවසුවාය. 02 November 2020
ප්‍රවාහන ගැටලු ඇති විභාග අපේක්ෂකයන්ට නව දුරකථන අංකයක් නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල සිටින අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන අපේක්ෂකයන්ට ප්‍රවාහන ගැටලු ඇත්නම් 077-1056032 යන දුරකථනයට දැනුම් දෙන ලෙසට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉල්ලීමක් කරයි. 02 November 2020
ගෝලිය කොවිඩ් මරණ ලක්ෂ 12 ඉක්මවයි ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීයව මරණයට පත්වූ ගණන අද (2) මිලියන 1.2 ඉක්මවා ගියේය. 02 November 2020
කෝවිඩ් මරණ වර්ග දෙකක් කොවිඞ් ආසාදිතයන් ගේ මරණ ප්‍රධාන කාණ්ඩ දෙකක් මත පදනම්ව වාර්තා ගත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 02 November 2020
බොරැල්ල පොලීසියේ තවත් 8 කට කොරෝනා බොරැල්ල පොලීසියේ තවත් නිලධාරීන් 8 දෙනකුට කොරෝනා අසාදිත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි 02 November 2020
ශ්‍රී ලංකාවේ 22 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත 22 වැනි පුද්ගලයාගේ මරණය වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කර තිබේ. 02 November 2020
වයඹ පළාතේ ඇඳිරිය ගැන පොලිසියත් දෙගිඩියාවෙන් රජය විසින් ඊයේ (1) දිනයේ කොරෝනා වසංගතය පැතිර යන ප්‍රදේශ සඳහා පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බළ ප්‍රදේශ කීපයක ක්‍රියාත්මක කිරීමේදී ගැටළුකාරි තත්ත්වයක් මේවනවිට ඇතිවී තිබේ. 02 November 2020
පන්නල ගම්මාන දෙකක් හුදකලා කරයි පන්නල සෞබ්‍ය බල ප්‍රදේශයට අයත් ගම්මාන දෙකක් අද (01) සවස හුදකලා කල බව පන්නල සෞබ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 01 November 2020
අද දිනයේදී කොරෝනා අසාදිතයන් 397 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (01) පස්වරු 10.00 වනවිට එක්වූ ආසාදිතයන් 204 දෙනා සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 397 ක් දක්වා ඉහළ ගියේය. 01 November 2020
කොරෝනා ආසාදනය වූ තවත් අයෙක් මිය යයි කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගයකු වැලිසර ලය රෝහලේදී මියගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (01) රාත්‍රී 8.50 ට නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 01 November 2020
දිස්ත්‍රික්ක අතර සංචරණයට දැඩි සීමා කොවිඞ් 19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස දිස්ත්‍රික් අතර සංචරණය දැඩි ලෙස සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. 01 November 2020
මාරස්සන සියලු වෙළඳසැල් වසාදමයි මාරස්සන නගරයේ ජංගම මාළු අලෙවිකරුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග පාත හේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යලයේ නිලධාරින්ගේ උපදෙස් මත අද (01) සවස සිට මාරස්සන නගරයේ සියලූ වෙළඳසැල් දින නියමයක් නොමැතිව වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත. 01 November 2020
මිනුවන්ගොඩ-පෑලියගොඩ කොරෝනා පොකුරට තවත් 193ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(01) පස්වරු 6.30 වනවිට ආසාදිතයන් 193දෙනෙකු එකතු වී තිබේ. 01 November 2020
ඇඳිරිනීති කාලය තුළ කොරෝනා ලක්ෂණ මතු වුණොත් දැනුම්දෙන්න අංකයක් නීතිය ක්‍රියාත්මක කාලය තුළ කිසියම් අයකුට කොරෝනා යැයි සැක සහිත රෝග ලක්ෂණයක් පහළ වුවහොත් රෝහලකට නොයා 0117 966366 දුරකතන අංකයට ඒ බව දැනුම් දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජනරාල්, විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පැවසීය. 01 November 2020
19 ක් කොරෝනා ආසාදිතයන් වීමෙන් හොරණ ඇඟලුම් කම්හල වසා දමයි සේවිකාවකට කොරෝනා ආසාදනය වීම නිසා ඊයේ (31) වසාදමන ලද හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආශ්‍රිතයින් 145 දෙනෙකුගේ පිසීආර් පරීක්ෂණ ප්‍රතිඑල අනුව එමඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 19 දෙනෙකුට කොරෝනා ආසාදිතව ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 01 November 2020
මුහුදු ගිය ආසාදිත ධීවරයා නැවත ගෙන්වයි පී.සී.ආර් පරීක්ෂණයට ඉදිරිපත් වී ප්‍රතිඵල පැමිණෙන්නට පෙර බහුදින යාත්‍රාවකින් මුහුදු ගිය ධීවරයෙකු කොරෝනා ආසාදිතයකු බව අද (01) තහවුරු වීමත් සමග එම ධීවරයා රැගත් බහුදින යාත්‍රාව නැවත බේරුවල වරායට ගෙන්වා ගත් බව සෞඛ්‍ය අංශ කියයි. 01 November 2020
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මහජන කාර්යාලය වසයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෙට(02) සිට නැවත දැනුම්දෙන තුරු මහජනතාවගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. 01 November 2020
වතුපිටිවල - යක්කල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් කොවිඩ්- 19 ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වතුපිටිවල සහ යක්කල යන ප්‍රදේශවල අලුතින් ආරම්භ කරන ලද ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකට ආසාධිතයන් ඇතුළත් කර ගැනීම අද (01)සිට ආරම්භ කළ බව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි. 01 November 2020
බස්නාහිර ඇඳිරි නීතිය සතියක් දීර්ඝ කරයි බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරිනීතිය තවත් සතියකින් දීර්ඝ කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 01 November 2020
පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකරන්නැයි වෛද්‍යවරු ඉල්ලති ‘කොවිඩ්-19’ අවදානම කෙරෙහි අවධානය ඒකාකාරීව තබා ගනිමින් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පියවර ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (1) පැවැසීය.සමාජයේ අහඹු නියැඳි තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ කරන්නැයි ද දිනකට කරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්නැයි ද හෙතෙම කීය. 01 November 2020
නාරම්මල ප්‍රාදේශීය රෝහල කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් කරයි මේ වනවිට දිවයිනේ පවතින කොරෝනා වයිරසය ව්‍යාප්ත වී ඇති තත්වය මත, හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම පිණිස නාරම්මල ප්‍රාදේශීය රෝහල කොවිඩ් -19 ප්‍රතිකාර ඒකකයක් බවට පත් කළ බව එම රෝහලේ වෛද්‍ය අධිකාරි නාමල් සමරසේකර මහතා පැවසීය. 01 November 2020
පෘතුගාලයට - ඔස්ට්‍රියාවට දැඩි සීමා පැනවේ කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රියාව හා පෘතුගාලය නව සීමා පනවා තිබේ. 01 November 2020
අකුරැස්ස නිල්වලා විද්‍යා පීඨය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි මෙතෙක් නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස පැවති අකුරැස්ස, විල්පිට නිල්වලා ජාතික විද්‍යාපීඨය ඉදිරියේදී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය බවට පත් කිරීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 01 November 2020
සෞඛ්‍ය සේවයේ 50 කට කොරෝනා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පනහකට ආසන්න පිරිසකට කොරෝනා රෝගය ආසාදනය වී ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය. 01 November 2020
ඇමෙරිකාවෙන් පැය 24ට ආසාදිතයන් 100,000ක් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් අනතුරුව පැය 24ක් ඇතුළත වයිරස ආසාදිතයන් 100,000 ඉක්මවා වාර්තා වූ පළමු රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව ඇත. 01 November 2020
බණ්ඩාරවෙල රූගත කිරීමක නිරතව සිටි ජනප්‍රිය නිළියක් ඇතුළු 24 ක් නිරෝධායනයට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රූගත කිරීමක් කරමින් සිටි ජනප්‍රිය නිලියක්ඇතුළු 24 දෙනෙකු බණ්ඩාරවෙල ප්‍රධාන හෝටලයක දී අද (1) නිරෝධායන ලක් කිරීමට කටයුතු කළ බව බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි. 01 November 2020
බ්‍රිතාන්‍යයත් අගුළු දමයි ඉදිරියේ ඇති විය හැකි ව්‍යවසනකාරී තත්ත්වයකින් රට මුදාගැනීම සඳහා සති හතරක කාලයකට රට වසා දමන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (31) පස්වරුවේ නිවේදනය කළේය. 01 November 2020
කෑගල්ලට සංචරණ සීමා කෑගල්ල දිස්ත්‍රික්කයේ නවාතැන් සපයන සියලුම ස්ථාන වසා දැමීමටත් සංචරණ සීමා දැඩි කිරීමටත් දිස්ත්‍රික් කොව්ඩ් මර්දන කමිටුව තීරණය කරනු ලැබීය. 01 November 2020
පොලිස් නිලධාරියෙක් උපන්දින සාදයකට ගිහින් පවුල් 36 ක් නිරෝධායනයට කොරෝනා වෛරසය ආසාධිත වූ පොලිස් නිළධාරීයෙකු නිකවැරටිය දියගම ප්‍රදේශයේ උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 36 ක පුද්ගලයන් 165 දෙනෙකු නිරෝධායනයට ලක් කල බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද(01) දා පැවසීය. 01 November 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026