
(ඩයනා උදයංගනී)
කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේදී ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
අවධානම් තත්ත්වය පහවගිය හා වෛද්‍ය පරීක්ෂණ මගින් අවධානමක් නොමැති බව තහවුරු වූ ආර්ථීක මධ්‍යස්ථාන විවෘත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි ද රාජපක්‍ෂ මහතා කීවේය.
එමෙන්ම ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලයේදී වෙළෙඳසැල් විවෘත කිරීමේ බලාපොරොත්තුවක් නැතැයි කී රාජපක්‍ෂ මහතා සමූපකාරවලින් ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය නිවසටම ගෙනගොස්දීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේය.
මේ අතර ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා පිටකොටුව ප්‍රදේශයේ තොග කඩ ද හෙට (3) සිට විවෘත කිරීමට පියවර ගෙන ඇත.
ඡායාරූපය - ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා විවුර්ත කලාට වෙළදුන්ට බෙදාහැරීම් කරන්න ඇදිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අන්තිම අසාර්ථකයි. බලපත්‍ර ගන්න දහස් ගනන් පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වල පොරකනවා. විශාල කොරොනා පැතිරීමේ අවදානමක්.... කලින් වගේ ලගම තියෙන පොලිස් ස්ථානයෙන් දුන්න නම් හරිෙන්... ගියවර මාස ගානක් ඇදිරිය පැවති සමයේ ලබාදුන් ඇදිරි නීති බලපත්‍රවල කාලය දීර්ඝ කලානම් මීට වැඩිය හොදයි. මොකද ඒ පිරිස්ම තමයි ආයිත් බලපත්‍ර පෝලිම් වල ඉන්නෙත්...