IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


මාරස්සන සියලු වෙළඳසැල් වසාදමයි

 
(ඩබ්ලිව්.ඒ. අසේල සහ එම්. දසනායක)
 
මාරස්සන නගරයේ ජංගම මාළු අලෙවිකරුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග පාත හේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යලයේ නිලධාරින්ගේ උපදෙස් මත අද (01)  සවස සිට මාරස්සන නගරයේ සියලූ වෙළඳසැල් දින නියමයක් නොමැතිව වසා දැමීමට බලධාරීන් තීරණය කර  ඇත

අම්පිටිය තලාතුඔය මාරස්සන ආදි ප්‍රදේශ බොහොමයක මාළු බෙදා හැරීමේ ප්‍රධානියා වන මොහු පසුගිය දින කිහිපය තුලදීම පෑලියගොඩ වෙළඳසැලෙන් මාළු ගෙනවිත් වෙළඳාමේ නිරත වී ඇත. විශේෂයෙන්ම මාරස්සන අවට කොළඹිස්ස, මාඋස්සාව, පස්ගම, මොරගොල්ල, පනන්වල, මුදුනකඩේ, බූටාවත්ත අම්පිටිය යන ප්‍රදේශවල මොහු මෙම දින කිහිපයේම මාළු වෙළදාම් කර ඇත.
 
මේ හේතුවෙන් මේ වන විට තලාතුඔය නගරයේ මත්පැන් අලෙවි සැල්ද වසා දමා ඇති අතර මෙම ව්‍යාපාරිකයා හා සම්බන්ධතා පැවැත්වූ සියලූ දෙනාටම ස්වයං නිරෝධනය වන ලෙස  තලාතුඔය පොලීසිය හා පාත හේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

 



අදහස් (0)

මාරස්සන සියලු වෙළඳසැල් වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 102 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site