(නිමල කොඩිතුවක්කු)

නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල සිටින අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන අපේක්ෂකයන්ට ප්‍රවාහන ගැටලු ඇත්නම් 077-1056032 යන දුරකථනයට දැනුම් දෙන ලෙසට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉල්ලීමක් කරයි.

උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන  අපේක්ෂකයන්ට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ද ලංගම නියෝජ්‍ය සාමාන්‍යධිකාරී(ධාවන) ඒ. එච් පණ්ඩුක මහතා ලංකාදීපයට පැවසීය.

එම අපේක්ෂකයන්ට යම්කිසි ගැටළුවක් ඇත්නම් කඩිනමින් එම ගැටලුව විසදීමට ඩිපෝ කළමනාකරුවන් හරහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ද පණ්ඩුක මහතා සඳහන් කළේය.

එයට අමතරව කිසිදු ගැටලුවකින් තොරව සිසු සැරිය බස් රථ සේවාව එම පළාත්වල ක්‍රියාත්මක බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.