IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


සෞඛ්‍ය සේවයේ 50 කට කොරෝනා


 

(නිමල කොඩිතුවක්කු)


වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පනහකට ආසන්න පිරිසකට කොරෝනා රෝගය ආසාදනය වී ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල 300 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇතැයි ද රත්නප්‍රිය මහතා  සඳහන් කළේය.

කොළඹ ජාතික රෝහල, කලුබෝවිල රෝහල ඇතුලු රෝහල් කිහිපයකින් මෙම ආසාදිතයන් වාර්තා වී ඇතැයි ද ඔහු කීවේය.
සෞඛ්‍ය කාර්යමණ්ඩල ආරක්ෂා කරගනිමින් කොරෝනා වසංගතය මර්ධනය කිරීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙමින් සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ, ප්‍රවාහන පහසුකම්, විවේකය ලබා දීමට අවශ්‍ය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද රත්නප්‍රිය මහතා පැවසීය. 



අදහස් (0)

සෞඛ්‍ය සේවයේ 50 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 102 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site