(මංගල එදිරිසිංහ)
සේවිකාවකට කොරෝනා ආසාදනය වීම නිසා ඊයේ (31)වසාදමන ලද හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආශ්‍රිතයින් 145 දෙනෙකුගේ පිසීආර් පරීක්‍ෂණ ප්‍රතිඑල අනුව එමඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 19 දෙනෙකුට කොරෝනා ආසාදිතව ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
සේවකයින් 6000 ක් පමණ මෙම ආයතනයේ සේවයකරන අතර පසුගියදා සේවකයින් 20 දෙනෙකු අතරින් සිදුකරන ලද පීසීආර් පරීක්‍ෂණ මගින් බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි සේවිකාවට කොරෝනා ආසාදිත වී ඇතිබව පළමුවරට තහවුරු වී තිබිණි.
මෙම හේතුව නිසා හෙට (02)දින ආරම්භකිරීමට නියමිතව තිබූ අදාළ කර්මාන්ත ශාලාව දින නියමයක් නොමැතිව කල්දැමීමටත් සෙසු සියලුම සේවකයින්ගේ පීසීආර් පරීක්‍ෂණ අඛණ්ඩව සිදුකිරීමටත් කටයුතු යොදන බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
19 ක් කොරෝනා ආසාදිතයන් වීමෙන් හොරණ ඇඟලුම් කම්හල වසා දමයි
Demuni Uduwara Sunday, 01 November 2020 03:10 PM
ආර්ථිකයට සහ ජීවිතවලට නරක ලෙසින් බලපෑ ඇත.